පකෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා තරඟ කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 50ක් ලබාගෙන පකෂයේ හිටපු ජාතික සංවිධායක රවි කරුණානායක ඡන්ද 8කින් පරාජයට පත් කළේය. එජාපයේ ජනප්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපකෂ නායක හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේය. කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය. එජාපයේ නායකත්වය සඳහා නිළධාරී මණ්ඩලය වසරින් වසරට තෝරාපත් කර ගැනීම සඳහා පකෂ ව්‍යවස්ථාව සංශෝධනය වුයේ පකෂ නායකත්වයේ වෙනසක් ඉල්ලා සිටි කැරලිකාර කණ්ඩායමේ එකඟතාවයෙනි.
Saturday, December 24, 2011
සිරිකොත බුදුපිළිමයට ගැසු ගල කාගේද?
අසිරිමත් නත්තල අද උදාවෙයි!
සමස්‌ත ලෝකයටම සාමයේ පණිවුඩය ගෙන ආ ඡේසුස් ක්‍රිස්‌තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද මැදියම් රාත්‍රි යෙන් උදා වෙයි.
සීතල මදනල දසත පුරා හමා යද්දී ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ක්‍රිස්‌තු භක්‌තිකයෝ නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරන්නාහ. නත්තල උදාවීම නිමිත්තෙන් අද (24 දා) මැදියම් රැයේදී කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුර, පොල්වත්තේ ආසන දෙව්මැදුර, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්‌ථානය, පිටකොටුවේ පිලිප්නේරි දේවස්‌ථානය ඇතුළු දිවයිනේ දේවස්‌ථාන රැසක රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැත්වේ.
සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ජාවාරම් ගැන සෞඛ්‍ය ඇමති මුනිවත රකී !
මෙම ජාවාරමට සම්බන්ධව සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් වන වෛද්‍ය බෙනරගම සහ වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන දෙදෙනාය.
පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් මිලියන 200 ක මුදලක් මෙම අත්වැසුම් (ග්ලවුස්) මිලදී ගැනීම සඳහා අනුමත වී ඇති අතර, එසේ එක් අත්වැසුම් කට්ටලයක් සඳහා අනුමත කරන ලද මුදලට වඩා දෙගුණයක මිලකට මෙම මිලදී ගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිතය.
රනිල් හා සුහදවීමට සජිත් එකඟවේ
රුවන් විෙජ්වර්ධන මහතා, වික්‍රමසිංහ මහතාගේ සමීපතම ඥාතිවරයකුවන අතර එම පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා, වික්‍රමසිංහ මහතාගේ සමීපතම මිතුරෙකුවේ.
නිලවරණයේදී තමා වෙනුවෙන් ඉටුකළ කාර්යභාරය පිළිබඳව මලික් සමරවික්‍රම මහතාට ස්තුතිය පළකොට ඇති සජිත් ප්‍රේමදාස මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද සාකච්ඡාවක් ලබාදීමට වේලාවක් වෙන්කර දෙන ලෙස ඉල්ලා තිබේ.
උසස් පෙළ ප්‍රතිඵල විශ්වාසය තහවුරු වන ලෙසින් නිකුත් කරන්න
අ.පො.ස උසස් පෙල යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම තර`ගකාරී විභාගයයි. එහෙයින් විභාග ප්‍රතිඵලයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා ශිෂ්‍යයන්ගේ සමස්ථ ජීවිතයම උඩු යටිකුරු කෙරෙන තීරණාත්මක බලපෑමක් එමගින් සිදුවෙයි. මෙබඳු අතිශය තර`ගකාරී සහ තීරණාත්මක විභාගයන් සම්බන්ධයෙන් කි්‍රයාකිරීමේදී එය ඉතා ප්‍රවේශමෙන්, විනිවිද පෙනෙන සුළු අයුරින් සහ පැහැදිලි සැලැස්මක් යටතේ සිදුවීම එහෙයින් අත්‍යවශ්‍යය. එහෙත් අවාසනාවකට මෙන් මේ මතුවී ඇති තත්ත්වය තුලින් පෙනී යන්නේ අවශ්‍ය තරම් වගකීම් සහගත අයුරකින් බලධාරීන් කටයුතු නොකරන බවකි.
ජනාධිපති සමඟ එකඟතාවයකට එන්න බලනවා - ටිරාන්
ජනරල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදීම සඳහා ඔවුගේ පවුලේ උදවිය තමාගේ ඉල්ලීමක් කළ යුතු බවට, දෙසැම්බර් 20වනදා පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව 'රාවය' පුවත්පත කළ විමසීමේදී ටිරාන් අලස් මහතා ඒ බව සඳහන් කර තිබේ.
එජාපයෙන් පිටත සටන කරු යටතට
සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වී බහුජන අරගලයකට ඉදිරිපත් වීමට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා සජිත් කණ්ඩායමේ පිරිස මෙම තීරණය ගෙන ඇත.
ඉරාජ්ට දකුණු ඉන්දියාව තහනම්ද?

ඉරාජ් විසින් වෙට්ටිකාරන් නමැති දකුණු ඉන්දියානු චිත්‍රපටයකට "චීන්න තාමරෙයි" නම් ගීතයක් නිර්මාණය කර දීම මෙම ගැටලුවට මුල් වී ඇත.
මේ ඉරාජ්ගේ ඔහු මුහුණපා ඇති තත්වය පැහැදිලි කල අයුරුයි.
"මම එහෙදි විජය කියන ඇක්ටර්ගේ චිත්‍රපටයක ගීතයක් නිර්මාණය කළා "චින්නතාමරේ" කියලා.ලංකාවේ තව අපිත් එක්ක ඉන්න ටැමිල් වලින් රැප් කරණ කෙනෙකුත් මේ ගීතයට දායක වුනා..
ඒ ගීතය "Most popular song of the year " උනා එහේ...ඉතින් ඊට පස්සෙ මට එහේ ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබුනා..ෆිල්ම්ස් ගොඩක් කළා..
Subscribe to:
Posts (Atom)
