Chitika Smowtion 468x60


Sunday, January 8, 2012

ලොව සුදු සත්තු


සත්තු විවිධ වර්ණයෙන් යුක්තය. මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ. ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකි.


විභාග ප්‍රතිඵල හරිද? වැරදිද?




  • විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියත් පරීක්ෂාවට ලක්වෙයි
  • කමිටු වාර්තාව මේ සතියේ

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මේ දිනවල රැස්වෙමින් මෙම අවුල සිදුවූයේ කෙසේදැයි  සොයාගන්නට උත්සාහ දරමින් සිටී.මේ කමිටුවේ වාර්තාව ලබන සතිය ඇතුළතදී නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව විභාග ප්‍රතිඵල අවුල ඇතිවූයේ කෙසේදැයි යන්න පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ජනතාව බලා‍පොරොත්තුවෙන් සිටියි

නව වසර උදාවත් සමග ගිණි කඳු කීපයක් සක්‍රීය වෙයි


ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ පටන් පිපිරෙන්නට විය. උසින් මිටර් 3200ක් වන ඵය යුරෝපයේ වීශාලතම ගිනි කන්දයි. පසුගිය වසරෙ 18 වතාවක් සක‍්‍රිය වීය. ඉතාලියේ සිසිලියේ කටානියා නගර සිමාවෙහි ඵඩිනා පිහිටයේය. සිසිලියේ ස්ට්‍රෝමිබොලි හා ජපානයේ සකූරා ජිමා ගිනිකදූ දෙක ද ජනවාරි පළමුවැනි දා උදෑසන සිට සක‍්‍රිය වීය.

සිසිලියේ ස්ට්‍රෝමිබොලි ගිනි කන්ද

ගොඩනැඟිල්ලක් කඩා වැටී තිදෙනෙක් රෝහලේ


ග්‍රෑන්ඩ්පාස් හී අතහැර දැමූ තුන් මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටී තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සමහර විට යාචකයන් ඇතුළු විවිධ පිරිස් මෙහි ගැවසෙන නිසා තවත් අය ඊට යට වූයේ දැයි නොදන්නා බවයි.
කුඩුකාරයන් කලක් තිස්සේ ගොඩනැඟිල්ලේ කොන්ක්‍රිට් කුළුනු වල යකඩ කම්බි කපාගෙන යෑම ගොඩනැඟිල්ල කඩා වැටීමට හේතුව වියහැකි යැයි පොලිසිය අනුමාන කරයි.

අධිවේගයේ ගිය වෑන් රියට කලින් ඉන්ටර්සිටියේ ගාල්ලට ගිහින්


කොළඹට ආසන්න කාර්යාලයක සේවය කළ මේ පිරිස එදින සූදානම් වූයේ තම හිතවතකුගේ ඥාතියකුගේ මළ ගෙදරක යෑමටයි. අවමඟුල් නිවෙස තිබුණේ ගාල්ලේය. අවසන් කටයුතු යෙදී ඇත්තේ පස්වරු තුනටය.
අපි වරුවක් වැඩ කර වරු බාගයක් නිවාඩු ගනිමු  මෙහෙන් දහවල් 1ට ගියත් සවස 3 ට  අධිවේගී මාර්ගෙන් ගාල්ලට යන්න විනාඩි ගණනයි යන්නේ” ඔවුන්කතා කර ගත්තේ එලෙසිනි.
කතා කර ගත් පරිදි පිරිස එක්වූයේ කොටුවේ දුම්රියපළ ළඟටය. කුලියට ගත් වෑන් රිය ද නියමිත වේලාවට එතැනට ආවේය. නමුත් පොඩි ගැටලූවකට තිබුණේ වෑන් රියේ අසුන් ගත හැකි පිරිසට වඩා වැඩියෙන් හතර දෙනකු ගමනට පැමිණ සිටීමයි.

ANC සියවස් සමරු ආරාධනාව ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්‍ෂෙප කරයි


ජනවාරි 08 වන දා පැවැත්වීමට නියමිත අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ (ANC) සියවස් සමරුව සඳහා එම සංගමය විසින් ශ‍්‍රී ලංකා රජය වෙත එවා තිබූ ආරාධනාව ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්‍ෂේප කළ බව විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු අප හා පැවසීය. එසේ එම ආරාධනාව ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්‍ෂේප කිරීමට හේතුවී ඇත්තේ අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය විසින් දෙමළ ඩයස්පෝරාවේ සියලූම සංවිධානයන්ට ඒ සඳහා ආරාධනා කර තිබීමයි. එසේ දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන්ට ආරාධනා කරනු ලැබීමට විරෝධය දැක්වීමක් වශයෙන් ශ‍්‍රී ලංකා රජය ANC ආරාධනාව ප‍්‍රතික්‍ෂේප කොට තිබේ.

සත්‍ය වෙනුවෙන් කැප වූ ‘ලංකාවේ සත්‍ය’


ලංකාවේ සත්‍ය LankaTruth නමින් සයිබර් අවකාශයේ පුරා වසර 10ක කාලයක් ජනතාවගේ පුවත් පිපාසය සංසිඳුවාලමින් ලංකාවේ පැරණිතම යාවත්කාලීන පුවත් වෙබ් අඩවිය බවට පත්වූ ‘ලංකා ටෲත්’ වෙබ් අඩවියට අපගේ හෘද්‍යාංග සුභාසිංශන පුදකර සිටිමු.
‘ලංකා ටෲත්’ වෙබ් අඩවිය තම දසවසරක කැපවීම සමරමින් නිකුත් කර ඇති නිවේදනයක් පහත පළවේ.

මර්වින්ගේ ඩොනල්ව පැහැරගෙන ගිහින්


මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සමීපතම ගෝලයකුවන පානදුරේ ඩොනල් නොහොත්, මාලිගාවත්තේ ඩොනල් නැමැත්තා අද(7) උදැසන නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවේ. පානදුරේ සිට කොළඹට එමින් සිටියදී මොරටුව ප‍්‍රදේශයේදී මෙම පැහැරගෙන යෑම සිදුවී ඇත. 

මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මග පෙන්වීම මත මහා පරිමානයේ කප්පම් ව්‍යාපාරවල යෙදුණු පිරිස් පසු පස හඹායන ආරක්ෂක ලේකම්වරයාගේ ‘අතුරුදහන් කිරීමේ - සුදුවෑන් ඒකකය’ විසින් මෙම පැහැරගෙන යෑමට සිදුකර ඇතැයි පැවසේ.

Share this article with your friends