Chitika Smowtion 468x60


Tuesday, January 10, 2012

ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් බජාජ් වෙතින්


ලක්ෂ 4 - 6 අතර මිලකට ලබාගතහැකි බජාජ් රිය  


ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා ප්‍රකට ඉන්දීය බජාජ් සමාගම ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවා තිබෙනවා.

RE60 ලෙස නම් කර ඇති මෙහි නිශ්පාදන කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.


මීට පෙර අඩු මිලට නිපදවූ ටාටා නැනෝ රථය අසාර්ථක ව්‍යාපෘතියක් වුනු අතර බජාජ් සමාගම විසින් නිපදවූ මෙය ඔවුන්ගේ රෝද හතරේ පලමු වාහනය වෙනවා.

ෆ්‍රෙඩ්රිකාගේ භීතිකාව


පෙම්වතිය බලන්න ආ නාවික සෙබලා අමාරුවේ 

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ් රිකා ජෑන්ස් පසුගියදා තමා පසුපස පැමිණියායි කියන නාවික සෙබලෙකු පිලිබඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

පසුගියදා මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයකදී කිසියම් පුද්ගලයකු තමා පසුපස ලුහුබැඳ පැමිණි බව ඇයට දැනුන අතර මේ පිළිබඳ ඇය පොලිසියට පැමිනිළි කළා.

වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය විසින් එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවකට ඉදිරිපත් කරන ලදුව ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ලොව විශාලම ගුවන්යානයක් කටුනායකට


කටුනායක ගුවන් තොටුපළට පැමිණි විශාලම ගුවන් යානය 

ලොව විශාලම ගුවන් යානා වර්ගයට අයත් A380 ගුවන් යානාවක්‌ ඊයේ (09 වැනිදා) අලුයම 4.00 ට කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. කටුනායක ගුවන් තොටුපළ වෙත මෙතෙක්‌ පැමිණි විශාලම ගුවන් යානය වන මෙය ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි බලා පියාසර කරමින් තිබියදී ඉන්ධන ලබා ගැනීම සඳහා මෙසේ හදිසියේ ගොඩබස්‌සවා තිබේ.

මෙම යානය තුල එකවර මගින් 780 කට යා හැකි බව පැවසේ.විනාඩි 53 වැනි කාලය තුලදී එම යානයට ඉන්ධන පුරවාගැනීමට හැකිවූ අතර කටුනායක ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාවය පිලිබඳ එමිරේට්ස් ස්තුතිය පලකොට ඇත.

මත්තල ඉදවන ගුවන්තොටුපල මෙවන් විශාල ගුවන් යානාවලට පහසුකම් සහිතව ඉදිවන බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සඳහන් කර සිටි.

එම යානය කටුනායකට පැමිණි අවස්ථාවේ ජායාරූපයක් පහතින් බලන්න 


පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ යුගදිවියට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන් ම හිටපු අමාත්‍යවරයෙකු වූ රිචඩ් පතිරණ මහතාගේ පුත් වෛද්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය ඊයේ (08) ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වන රමේෂ් පතිරණ මහතා විවාහ වූයේ ක්‍රිෂ්ණි දෙනගම මෙනවිය සමඟිනි.

විවාහයේ සේයාරූ කිහිපයක් පහතින් බලන්න 

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට මර්වින්ට තද වේ


උගේ යුනිෆෝම් එක තියෙද්දී බැනපු එකෙක් මර්වින් සිල්වා 

මර්වින්ට එරෙහිව කැළණියෙන්ම කැරැල්ලක් හටගෙන ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

ඊයේ දිනයේ (08) සරත් ෆොන්සේකා මහතා කැලණියේ ඇතිවූ මෙම කැරැල්ල පිලිබඳ දැක්වූ අදහසකට මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පිළිතුරු ලබා දුන්නේ මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටි දක්ෂිණ ලංකා භික්ෂු සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකින් අනතුරුවයි.

08/01/2012 සරත් ෆොන්සේකා  

Monday, January 9, 2012

ප‍්‍රභාකරන් නමින් මුද්දරයක්


ලොව දරුණුම ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මෙහෙයවූ, රටේ ජන නායකයන් පමණක් නොව අසල් වැසි ඉන්දියාවේ දේශපාලන නායකයන් මෙන්ම, තමන්ගේම ජාතියේ දේශපාලන නායකයන්ද, ආගමික නායකයන්ද, නිරායුධ සාමාන්‍ය ජනතාවද ඉතා අමානුෂික ලෙස ඝාතනය කළ ප‍්‍රභාකරන් නමින් මුද්දරයක් නිකුත් කිරීම ශිෂ්ට සාමාජයක කිසිවෙකුටත් අනුමත කළ නොහැකි ක‍්‍රියාවකි.

මෙවන් මුද්දර 360 ක් නිකුත් කර ඇති අතර ප‍්‍රංශ රජය මෙවන් මුද්දරයක් නිකුත් කිරීමක් ගැන දැන නොසිටි බවත් මේවා පුවත් පත්වල පලවන තෙක් ප‍්‍රංශයේ තානාපති කාර්යාලය නිහඩව සිටි ආකාරයත් අපි දුටුවෙමු. 

මුරලි යලිත් පිය පදවිය ලබයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලොව සුපිරිතම දඟ පන්දු යවන්නෙක් ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ගේ බිරිඳ වන මදිමලර් චෙන්නායි නුවර රෝහලක දියණියක් ප්‍රසුත කර ඇති බව වාර්තා වනවා.

ඔවුන්ගේ පළමු දරුවා නරේන් උපත ලද්දේ 2006 ජනවාරි මාසයේදිය.මුරලිදරන් 2005 මාර්තු 21 වෙනි දින ඉන්දියානු ජාතික මදිමලර් රාමමුර්ති සමග විවාහ වූයේය.


දළදා මාලිගාවේ රුව සහිත ටී ෂර්ට් විකුණුවාට මිලියනය බැගින් ඇප


පසුගියදා ආන්දෝලනයකට තුඩු දුන් දළදා මාලිගාවේ රුපය සහිත කාන්තා ටී ෂර්ට් විකිණීමේ වරදෙහි සැකකරුවන් වූ මිලින්ද බංඩාර සහ තුවාන් නලීම් යන දෙදෙනා එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ඇප මත නිදහස් කර තිබෙනවා.

එම ටී ෂර්ට් අළෙවි කර තිබුනේ ක්වීන්ස් වෙළඳ සංකීර්ණයේ ආරම්භ වූ "ඔඩෙල්" වෙලඳසැලෙහිය. එක් ටී ෂර්ටයක් අලෙවි කර ඇත්තේ රු.850ක මිලකටයි.

Share this article with your friends