Chitika Smowtion 468x60


Thursday, January 12, 2012

රෙඩ් එපික් තාක්ෂණය හොලිවුඩ් වලින් දැන් ලංකාවටත්


පළමු චිත්‍රපටය "වෛශ්නාවී "

ලෝකයේ ඉහලම තාක්ෂණයක් භාවිතා කර ෆිල්ම් නිපදවන්නේ හොලිවුඩ් වලයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නා නූතන කැමරාව වන්නේ රෙඩ් එපික් සිනමා කැමරාවයි.

මෙම අධි තාක්ෂණික සිනමා කැමරාව පසුගියදා ශ්‍රී ලංකාවටද හඳුන්වා දුන්නා. ඒ ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් ආයතනය හරහායි.

මේ අනුව රෙඩ් එපික් කැමරාවක් යොදාගනිමින් ඉදිරියේදී ලංකාවේදීද චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන අතර මෙම කැමරාවක් භාවිතා කරමින් නිපදවෙන මුල්ම චිත්‍රපටය වන්නේ සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "
වෛශ්නාවී" නම් චිත්‍රපටයයි. එහි මුහුරත් උළෙලද පසුගියදා පැවැත්වුනා.

සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට අපලද?


සෞදි අරාබියේ සේවය කිරීමට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් අන්තවාදී ආගමකට හරවා ගැනීමට පහත් උත්සහයන් ක්‍රියාත්මක වන බව ගොසිප්9 වෙත වාර්ථා වේ.එරට ක්‍රියාත්මක වන රුපවාහිනි චැනලයක් හරහා විකාශය කෙරෙන වැඩසටහනක් මගින් මෙය සිදු කෙරේ.

මේ  පිලිබදව ශ්‍රී ලාංකික ජනමාධ්‍යවල අවදානය යොමුවුයේ දැන් වුවත් මෙවැනි වැඩසටහන් මැදපෙරදිග රටවල බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.
 

මැදපෙරදිග රටවල සේවය කරනා විදේශිකයෙක් හදිසියේ මිය ගියහොත් එම තැනැත්තාට වන්දි ප්‍රධානය කිරීමේදීද ආගම සැලකිල්ලට ගන්නා බව මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකිකයන් අප වෙත දන්වා සිටියේය.

මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද?

පසුගියදා කැළණිය ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරුන් ගණනාවක් මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ආරම්භ කිරීම සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ ඔහු මුන්නේෂ්වරම් කෝවිලට පැමිණ පූජාව සඳහා සිටි සතුන් ගෙන ගොස් පූජාව කඩාකප්පල් කිරීම නිසා බව මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා පවසනවා.

විශේෂ පූජාවක් ඊට පසු දින එම කෝවිලේදී පැවැත්වූ අතර එහිදී මර්වින් සිල්වාට දඬුවම් දෙන්නැයි කාලි මෑණියන්ගෙන් ඉල්ලා තිබුණා.

පසුගියදා මර්වින් සිල්වාට කැළණියේම මංත්‍රීවරු එරෙහිවීම පිළිබඳව එම කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ මෙවැන්නක්


දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රාප්තිය


ඉතිහාසය පුරා අපිට එක් එක් වර්ගයේ ආගමට නිගරු කරන්නන් හමුවේ. දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රප්තිය මෙසේ සනිටුහන් වන වගයි.

නයන හෙට්ටිආරච්චි වන මොහු ඔහුගේ YouTube ගිණුම භාවිතා කරමින් දිනපතා බුදුදහමට සේම අප මාතෘ භුමියටත් අපහස වන පරිදි විඩියෝ අන්තර්ජලයට යොමුකරයි. 


ශ්‍රී ලාංකිකයෙකු හා උපතින් බෞද්ධාගමිකයෙකු වන මොහු දැනට විදේශයක සේවය කරනු ලබයි.ඔහු මෙලෙස දිගින් දිගට තමාගේ අදහස් පටිගතකොට අන්තර්ජාලයට මුදාහරිමින්නේ කුමන අදහසකින් යන්න තවම පැහැදිලිවී නොමැත.

ඔහුගේ බොහෝ වීඩියෝපට නැරඹීමේදී පෙනීයන්නේ ඔහුට යම්කිසි මානසික ව්‍යාධියක ගති ලක්ෂණ පහල වී ඇති බවයි.නයන හෙට්ටිආරච්චිගේ විස්තර හා ඔහුගේ මානසික විකාර පහතින් බලන්න

සංඛ දිනෙත් යුග දිවියට



සිරස සුපර්ස්ටාර් තුලින් ක්ෂේත‍්‍රයට එක්වූ සංඛ දිනේත්ගේ විවාහ මංගල්‍යය පසුගිය 07 වනදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුනා.

සංඛ විවාහවුයේ පෙම් සබඳතාවයක් මතවන අතර සංඛගේ මනාලිය වුයේ ටීනා ෆර්නැන්ඩෝයි.

සංඛ - ටීනා විවාහයේ ජායාරුප පහතින් බලන්න 




පින්තූර සියල්ල බලන්න මෙතන ඔබන්න

ශ්‍රී ලංකා කණ්ඩයාමට වාර්තාගත පරාජයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරඟයේදී වාර්තාගත පරාජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්වුනා.මෙය ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟයක් තුල ලැබූ අඩුම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා ගතවී තිබෙනවා.

ඊයේ පැවති තරඟයේද කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ළකුණු 301 ක් ලබාගැනීමට සමත්විය. එහිදී හෂීම් අම්ලා ළකුණු 112 ක්ද ජැක් කාලිස් ළකුණු 72 ක්ද නායක ඒ.බී. ඩ්විලියර්ස් ළකුණු 52 ක්ද ලබාගැනීසට සමත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ළකුණු 54 කට කඩුළු 5 ක් දවාගැනීමට සමත්විය.

රුහුණු සරසවි සිසු පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්


පෞද්ගලික විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් ඊයේ දිනයේ (11) රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ හා වෛද්‍යය පිඨයේ සිසුන් කලේගාන හරහා ගාල්ල නගරයේ උද්ඝෝස්නයකට යමින් සිටියදී පොලිසිය විසින් එය මැඩපවත්වන ලදී.

සිසුන් විසින් සාමාකාමී ලෙස නගරයට පැමිණෙන අවස්ථාවේදී පොලිසිය විසින් කලේගාන මංසන්ධියේදී ඔවුන්ගේ විරෝධතා පෙළපාලිය අවහිර කල අතර සිසුන්ගෙන් පැන නැගුන විරෝධය හමුවේ පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමට සිදුවිය.

කලේගාන ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර කඳුළුගෑස් ප්‍රහාරයෙන් ප්‍රදේශයේ ජනතාවද අපහසුතාවයට පත්විය.

එම විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකළ අයුරු බලන්න පහත විඩියෝවෙන් 


උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැටලු පිළිබඳ විද්වත් වාර්තාව ජනපතිට


AL exam commit report he
2011 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප්‍රතිඵලවල දිස්ත්‍රික් කුසලතාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු අධ්‍යයන කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ වාර්තාව ඊයේ (11) ජනාධිපතිතුමා වෙත භාර දී තිබේ.

එම කමිටුවේ සභාපතිනි, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්, ධාරා විජේතිලක මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිතුමා වෙත එම වාර්තාව භාරදෙන ලදී.

Share this article with your friends