Chitika Smowtion 468x60


Friday, January 13, 2012

කොකාකෝලා සමාගමට දඩ


කොකාකෝලා සමාගම විසින් නිපදවන ලද ෆැන්ටා පෝටෙලෝ බිම බෝතලයක නිෂ්පාදිත දිනය සඳහන් නොවීම හේතුවෙන් කොකාකෝලා සමාගමට රුපියල් 15000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවී ඇත.

මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජාලිය ජයතිලක මහතා විසින් මේ සම්බන්ධව උසාවියේදී කරුණු දැක්වූ අතර ඉන් අනතුරුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් බියගම පිහිටි කොකා කෝලා බෙවරේජ් සමාගමට මෙම දඩය නියම කරන ලදී.

මම සතුන් වෙනුවෙන් මරණයට කැපවෙනවා-ඇමති මර්වින්


අමාත්‍ය මර්වින් සිල්වා මහතාට "කාලි දෙවගනගේ ශාපය" වැදී ඇති බවට මුන්නේශ්වරම් කාලි දේවාලයේ පුජකතුමා කරලැබූ ප්‍රකාශනයට අමාත්‍ය මර්වින් සිල්වා මහතා පිළිතුරු දී තිබෙනවා.

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්.සතුන් වෙනුවෙන් මම මරණයට කැපවෙන්නම්.-ඇමති මර්වින්

සම්පුර්ණ නිවේදය මෙසේය.-
මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදුණා යන මැයෙන් ඊයේ (12 වැනිදා) දින ජාතික පුවත්පත් කිහිපයක කාලි දේවාලයේ පූජකතුමා විසින් ප්‍රකාශ කර තිබූ වගකීමකින් තොර ප්‍රකාශ මා දුටුවෙමි. සතුන් මරණ ලේ තැවරුණු අපිරිසිදු ස්‌ථානවලට දෙවියන් පැමිණෙන බවට හිංදු ආගමේ කිසිම තැනක සඳහන් වී නොමැති අතර, සත්ත්ව බිලි පූජා පවත්වන්නන්ට දේව ආශිර්වාදය ලැබෙන බවට මා කිසි විටෙකත් විශ්වාස නොකරමි. බිලි පූජාවන්ගෙන් සතුන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන පුද්ගලයන් හට දේව ශාපය වදින බවට මා කිසිදු ආගමකින් හෝ දර්ශනයකින් දැනුවත් වී නැත.

කොළඹ CCTV කැමරා පද්ධතිය වැඩිදියුණු වන අයුරු


දැනට කොළොඹ නගරයේ සංවෘත පරිපථ රුපවාහිනී කැමරා හෙවත් CCTV  කැමරා 120 ක් පමණ සවිකොට ඇති අතර ඒවා නිරීක්ෂණය කිරීමට මෙහෙයුම් මැදිරියක්ද තනා ඇත.

එම කැමරා පද්ධතිය සඳහා ANPR (Automatic Number Plate Recognition ) තාක්ෂණය හා AFR (Automatic Face  Recognition ) තාක්ෂණය යොදා ඉදිරියේදී වැඩිදියුණු කිරීමට නියමිතයි. 

ANPR තාක්ෂණය ඔස්සේ මීටර් 30 ක දුරකින්, පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් එන වාහනයක අංක තහඩුව හදුනාගෙන මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.

එමගින් අපරාධ හෝ මාර්ග නීති කඩකරන පුද්ගලයන් පහසුවෙන් හදුනාගැනීමට හැකිවනවා.

AFR  තාක්ෂණය ඔස්සේ මිනිස් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් මෙම කැමරාවලට ඇතුලත්කරන අතර එමගින් මුහුණේ ජ්‍යාමිතික හැඩය හදුනාගෙන එය කේතයක් ලෙස මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.

මෙම පද්ධතිය අපරාධ විමර්ශන අංශය ත්‍රස්තවාදී විමර්ශන අංශය හා අපරාධ දත්ත ගබඩා අංශ වලට සම්බන්ධ කිරීමට නියමිත අතර ඒ සඳහා කැපවුණු ජංගම රථයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔබට‍ මෙම අනුවේදනීය ජායාරූපය මතකද?


ඔබට‍ මෙම අනුවේදනීය ජායාරූපය මතකද?
මේ ගවදෙන දැන් කොහෙද?
මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේදී මස් පිණිස මරණයට කැපව සිටි ගව දෙනකි.මේ අවස්ථාවේදී අයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ.

නමුත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි.


දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි.

ආනන්දහිමියන් මේ වනවිට මරණයට කැපවූ ගවයන් දහස් ගණනක් බේරාගෙන ඇත.එමනිසා උන්වහන්සේට මේ ගවදෙන පිලිබදව මතකයෙන් බැහැරව ගොස් තිබුණි.


කෙසේ වෙතත් මිට මාස කිහිපයකට පෙර මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝදෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත.

Thursday, January 12, 2012

රෙඩ් එපික් තාක්ෂණය හොලිවුඩ් වලින් දැන් ලංකාවටත්


පළමු චිත්‍රපටය "වෛශ්නාවී "

ලෝකයේ ඉහලම තාක්ෂණයක් භාවිතා කර ෆිල්ම් නිපදවන්නේ හොලිවුඩ් වලයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නා නූතන කැමරාව වන්නේ රෙඩ් එපික් සිනමා කැමරාවයි.

මෙම අධි තාක්ෂණික සිනමා කැමරාව පසුගියදා ශ්‍රී ලංකාවටද හඳුන්වා දුන්නා. ඒ ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් ආයතනය හරහායි.

මේ අනුව රෙඩ් එපික් කැමරාවක් යොදාගනිමින් ඉදිරියේදී ලංකාවේදීද චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන අතර මෙම කැමරාවක් භාවිතා කරමින් නිපදවෙන මුල්ම චිත්‍රපටය වන්නේ සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "
වෛශ්නාවී" නම් චිත්‍රපටයයි. එහි මුහුරත් උළෙලද පසුගියදා පැවැත්වුනා.

සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට අපලද?


සෞදි අරාබියේ සේවය කිරීමට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් අන්තවාදී ආගමකට හරවා ගැනීමට පහත් උත්සහයන් ක්‍රියාත්මක වන බව ගොසිප්9 වෙත වාර්ථා වේ.එරට ක්‍රියාත්මක වන රුපවාහිනි චැනලයක් හරහා විකාශය කෙරෙන වැඩසටහනක් මගින් මෙය සිදු කෙරේ.

මේ  පිලිබදව ශ්‍රී ලාංකික ජනමාධ්‍යවල අවදානය යොමුවුයේ දැන් වුවත් මෙවැනි වැඩසටහන් මැදපෙරදිග රටවල බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.
 

මැදපෙරදිග රටවල සේවය කරනා විදේශිකයෙක් හදිසියේ මිය ගියහොත් එම තැනැත්තාට වන්දි ප්‍රධානය කිරීමේදීද ආගම සැලකිල්ලට ගන්නා බව මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකිකයන් අප වෙත දන්වා සිටියේය.

මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද?

පසුගියදා කැළණිය ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරුන් ගණනාවක් මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ආරම්භ කිරීම සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ ඔහු මුන්නේෂ්වරම් කෝවිලට පැමිණ පූජාව සඳහා සිටි සතුන් ගෙන ගොස් පූජාව කඩාකප්පල් කිරීම නිසා බව මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා පවසනවා.

විශේෂ පූජාවක් ඊට පසු දින එම කෝවිලේදී පැවැත්වූ අතර එහිදී මර්වින් සිල්වාට දඬුවම් දෙන්නැයි කාලි මෑණියන්ගෙන් ඉල්ලා තිබුණා.

පසුගියදා මර්වින් සිල්වාට කැළණියේම මංත්‍රීවරු එරෙහිවීම පිළිබඳව එම කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ මෙවැන්නක්


දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රාප්තිය


ඉතිහාසය පුරා අපිට එක් එක් වර්ගයේ ආගමට නිගරු කරන්නන් හමුවේ. දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රප්තිය මෙසේ සනිටුහන් වන වගයි.

නයන හෙට්ටිආරච්චි වන මොහු ඔහුගේ YouTube ගිණුම භාවිතා කරමින් දිනපතා බුදුදහමට සේම අප මාතෘ භුමියටත් අපහස වන පරිදි විඩියෝ අන්තර්ජලයට යොමුකරයි. 


ශ්‍රී ලාංකිකයෙකු හා උපතින් බෞද්ධාගමිකයෙකු වන මොහු දැනට විදේශයක සේවය කරනු ලබයි.ඔහු මෙලෙස දිගින් දිගට තමාගේ අදහස් පටිගතකොට අන්තර්ජාලයට මුදාහරිමින්නේ කුමන අදහසකින් යන්න තවම පැහැදිලිවී නොමැත.

ඔහුගේ බොහෝ වීඩියෝපට නැරඹීමේදී පෙනීයන්නේ ඔහුට යම්කිසි මානසික ව්‍යාධියක ගති ලක්ෂණ පහල වී ඇති බවයි.නයන හෙට්ටිආරච්චිගේ විස්තර හා ඔහුගේ මානසික විකාර පහතින් බලන්න

Share this article with your friends