Chitika Smowtion 468x60


Tuesday, January 17, 2012

දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා


‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ විසින් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

2005 ජුලි මස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට පත්වූ ඔහු 2009 සිට දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි චෝදනා කරමින් එම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ

මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු පවසනවා.

මෑතක පැවැත්වුනු ඔහුගේ විවාහ මංගල්‍යයේ මංගල රථය ලෙස එංගලන්තයෙන් ගෙන්වාගත් කොටස් වලින් සැකසූ මිනි කූපර් රථයේ බෆර් දෙකෙහි රත්තරන් ආලේප කිරීම සඳහා මාලිගාවේ රත්තරන් යොදා ගත්බවටද චෝදනා එල්ලවී තිබෙනවා.

නාමල් රාජපක්ෂ පළමු නඩුවට පෙනී සිටියි


නාමල් රාජපක්‍ෂ මහතා නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසුව පසුගිය සතියේ ඔහු සිය පළමු නඩුව සඳහා පෙනී සිටියා. 

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහතා පසුගිය අයවැයේදී රජයට පක්‌ෂව කතා කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීම මත විනය විරෝධී ක්‍රියාවක්‌ සිදුකර ඇතැයි දන්වමින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මොහාන්ලාල් ග්‍රේරු මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.

එයට විරුද්ධව ග්‍රේරු විසින් උසාවි ගිය අතර නාමල් පෙනී සිටියේ එම නඩුවේ මොහාන් ලාල් ග්‍රේරුගේ පාර්ශවය වෙනුවෙනි. එම නඩුවට ඔහු පෙනී සිටියේ ෆයිසර් මුස්‌තාපා සමඟයි.

මෙම නඩුව 
ජය ගැනීමට වැඩි ඉඩකඩක් ඇති හෙයින් සිය පලවන නඩුව ලෙස නාමල් එය තෝරාගත් බව බොහෝ දෙනාගේ මතයයි

මර්වින් සිල්වා උත්හෝටිකය-දේශපාලන විග්‍රහය


සුපුරුදු පරිදි උසස් පෙළ ප්‍රථිපල ගැටලුව ක්‍රමයෙන් යට යමින් පවතී.ඒ වෙනුවට කරලියට පැමිණි මර්වින් සිල්වා සම්බන්ද ගැටලුව සහ විශ්වවිද්‍යාල ගැටලුවද වසා ගැනීමට නැවත වරක් ඉස්මතුවූ වූ එළවළු කුඩ අර්බුදය හා වෙනත් ප්‍රශ්න සමත් වනු ඇත. 

මර්වින් සිල්වා සම්බන්ද ගැටලුව අහම්බයක් නොව,බොහෝ කාලයක් අළු යට ගිනිපුපුරු මෙන් තිබුණකි.එය මේ වෙලාවේ ඉස්මතු වීම සමස්ථ දේශපාලන ව්‍යූහයම නිරුවත කිරීමට සමත් වෙනවා පමණක් නොව,භාරත-දුමින්ද ගැටුමින් පසු නැවත වරක් එවැන්නකට ඉඩ නොතබන බවට වූ ප්‍රකාශද ප්‍රශ්නාර්ථයක් බවට පත් කරලයි.

මර්වින් සිල්වා කැළණියට පැමිණි ආකාරය පිලිබදව එහි සිටි ප්‍රාදේශීය දේශපාලකයන්ගේ කැමැත්තක් නොතිබූ බවට දැන් දැන් ඔවුන් කරනා ප්‍රකාශ වලින් පෙනීයයි.එනමුත් කාලයක් මර්වින් සිල්වාගේ සියලු වැඩ අනුමත කරමින් සිට ඉන්පසු එයින් ඉවත්වී අතීතය විවේචනය කිරීමෙන් පමණක් තත්වය යහපත් වන්නේ නැත. එසේම මෙවැනි අවලස්සන සිදුවීම් මගින් ශ්‍රි ලංකා දේශපාලන සංදර්භය පරිණාමය වී තිබෙනා කුණුවූ ආකාරය පෙන්නුම් කරයි.

ඉවරයක්‌ නොවන ලේ වැගිරීම්

අධිවේගී මාර්ගයේ අසාධාරණ අලාභ ඇස්තමේන්තුව


දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වූ අපගේ පාඨකයෙකුට ඉන් පසුව මුහුණ දීමට සිදුවූ දේ දෑ පිලිබදව අපට දැන ගන්නට ලැබී තිබෙනවා.අප එය මෙතැන සටහන් තබන්නේ ඔබටත් මෙවැන්නකට මුහුණ දීමට ඉඩ ඇති නිසයි.ඔහු අපට යොමු කල විස්තරය පහත පරිදිය.

මම පසුගියදා අධිවේගී මාර්ගයේ නිවසකරා ගමන් කරමින් සිටියදී අනතුරකට මුහුණ පැවෙමි.පාරට සුනඛයෙක් පැන්න අතර මා එම සතාගේ ජීවිතය බේරා ගැනීමට තැත් කල නමුත් අවාසනාවකට මාගේ රථය අධිවේගී මාර්ගයේ අයිනෙන් සිටුවා ඇති යකඩ වැටෙහි ගැටුණි.


මාගේ වාහනය රක්ෂණ කල ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ වන අතර රියඅනතුරට මුහුණ දුන් පසු මා පළමුව අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකයට දන්වා, දෙවනුව රක්ෂණ සමාගමේ හදිසි ඇමතුම් අංකයට දැන්වුයෙමි. ඉන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සහයක මහත්වරුන්ගේ සහය ඇතිව අනතුරට ලක්වූ රථය ආසන්න පොලිස් ස්ථානය වෙත ඇදගෙන ගියේමි.

මර්වින් සිල්වා ගේ මරණය සහ මහරජාගේ මරණය


රහස් පොලිසියේ නවතම සමීක්ෂණ වාර්තා අනුව මහින්ද රාජපක්ෂ 15% වැඩ අඩු ජනප්‍රසාද මට්ටමකට වැටී ඇතී බවත්. වාසනාවකට එක්සත් ජාතීක පක්ෂය නිදිකිරණ බැවීන් යමක් කමක් කළහොත් නැවත සායම් ගිය මහින්දගේ අසුචී රෙද්ද සෝදා වර්ණ දමා ගැනීමටනම් මෙර්වින් සිල්වා වැන්නෙකු මරා දමා  තමන් නැතීවුන ජනප්‍රියත්වය නැවත ඇතී කර ගැනීමේ වැදගත් කම මත මර්වින්ගේ අවසානය සදහා අවසර දී ඇත.
මර්වින්ගේ මරණය ඔස්සේ සරත් ෆොන්සේකා පිළිබද කතිකාවත කෙටි කාලයකට හෝ අමතක කොට දැමීමටත් මර්වින්ගේ මරණය ඔස්සේ රත්නසිරි වික්‍රමනායක වැනි කොන්ද කෙලින් ඇතී නායකයන්ට මරණ බය ඇතී කිරීමත් මුලික සැලැස්ම අතර වේ.
මිට පෙරදී මෙර්වින් සිල්වා ඝාතනය කිරීම සදහා ඔහුගේ  වහනයට පැයට කිලෝමීටර 100km  දී පුපුරන සියුම් බෝම්බයක් ඇටවූ නමුත් මර්වින් සමග ගිය අනෙක් දෙදෙනා මරුමුවට පත්වී මර්වින් බෙරුනේය. 

කැළණියේ අවනීතිය රජ කරවූ මර්වින් සිල්වාගේ අවසානයේ ඇරඹුමද මේ?


මර්වින්ගේ රස කැවිලි කඩේ.
හේවා කෝපරගේ මර්වින් සිල්වා හෙවත් දැන් ආචාර්ය මර්වින් සිල්වාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඔහුගේ පියාගේ ගම වන බෙලිඅත්ත මැදමූලනට කිට්ටු දම්මුල්ල ගම්මානයෙනි. රස කැවිලි ව්‍යාපාරයක් ගෙන ගිය ඔහුගේ පියා වූ චිලී මුදලාලි කවදත් රාජපක්ෂවරුන්ගේ හිතවතෙකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී ඒ රාජපක්ෂ මහතා මෙන්ම එකල ඔහු සමඟ ගමන් බිමන් ගිය කුඩා මහින්ද රාජපක්ෂද මහපාර අසල ඇති මර්වින්ලාගේ පියාගේ රස කැවිලි කඩයෙන් තේ පානය කොට යන සිරිතක් එදා තිබුණි. ඒ නිසා කුඩා කාලයේ සිටම මර්වින් මහින්ද ඇයි හොඳයිකම් පැවැත්වූ බව කියවේ.

මර්වින්ට ස.තො.සේ රැකියාවක්.
මෙහි ප්‍රතිපලයක් ලෙස මර්වින්ට ස.තො.ස ආයතනයේ රැකියාවක් ලැබුණි. 1970 මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ තරුණයා මුලින්ම ඉදිරිපත්වූ විට ඔහු සමඟ ජන්ද පෝස්ටර් ගසන්නට බැසිල් රාජපක්ෂ තරුණයා සමඟ මෝටර් සයිකලයෙන් මර්වින් බෙලිඅත්තේ ගම් නියම්ගම් බලා ගිය බව බෙලිඅත්තේ වැඩිහිටියෝ පවසති.

සබරගමුව විශ්වවිද්‍යාලය තුළ සිදුවූ සිදුවීමේ සත්‍ය තත්ත්වය


විශ්වවිද්‍යාලය තුළ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයකට ලක් කරමින් 2012.01.10 දින රාත‍්‍රියේ රාතී‍්‍ර 10.15 ට පමණ විශ්වවිද්‍යාලය තුලදී සිසුන් 4 දෙනෙකුට නන්නාදුනන මැර කණ්ඩායමක් විසින් පහරදීමක් සිදුකර ඇත. 

මෙම පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් පඹහින්න මුලික රෝහලට ඇතුලත් කර ඇත.

මෙම පහර දීම සිදුකර ඇති අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ නිළධාරින්ද එම ස්ථානය අවට සිට ඇති නමුත් එම සිසුන්ට කිසිදු ආරක්ෂාවක් සපයා නොමැතිව වගකීම් විරහිතව කටයුතු කර ඇත. 


එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අලූතින් ස්ථාපනය කරන ලද ආරක්ෂක අංශය සිසුන්ට මෙම නාදුනන පුද්ගලයින් ඇතුල්වී පහර දී පිටවී යන තෙක් මේ සම්බන්ධව කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම පුදුමයට කරුණකි.

රනිල්ට එරහි සිරසේ හූව


විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රසිංහ මහතා අමතන රැස්වීම් වලදී කලබල කොට එම අවස්ථා රූප ගතකොට සිරස ටීවී හරහා විකාශය කිරීමේ උත්සහයක් පිලිබදව තොරතරු ගොසිප්9 වෙත වාර්ථා වෙනවා.

 මේ සදහා වික්‍රමසිංහ මහතා සහභාගිවන රැස්වීම් වලට කුමන්ත්‍රණකරුවන්ගේ නියෝජිතයන් 10ක් - 15ක් වැනි ප්‍රමාණයක් කලින්ම  යවා එම ස්ථානයේ වාඩිකර තබා වික්‍රමසිංහ මහතා රැස්වීම ඇමතීමට පැමිණෙන වීට එතුමන්ට හු කියා එම ස්ථානයෙන් පිටවීම මොවුන්ගේ අරමුනයි.

මෙහි මුල් අවස්ථාව පසුගිය දා ජේ ආර් කේන්ද්‍රයේදී අත්හදා බැලීමට මෙම කුමන්ත්‍රණ කරුවන් තීරණය කොට තිබුනා.එහිදී රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම ඇමතීමට පැමිණෙන විට එතුමන්ට හු කියා නැගිට යාමට එම කුමන්ත්‍රකරුවන් උත්සහකලත් මේ පිලිබදව කලින්ම ආරංචි වී ඊට මුහුණ දීමට වික්‍රමසිංහ මහතා සුදානම් වී සිටියා.

Share this article with your friends