Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

අන්තරයට නැගෙන චෝදනා ගැන සංජීව කතා කරයි



මේ දිනවල දිවයිනේ විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති අර්බුධ සහ එම අර්බුද සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නැගෙන චෝදනා සම්බන්ධයෙන් එහි කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා "ජනරල" පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. කාලීන වැදගත්කම සලකා එය පළකිරීමට අප තීරණය කළෙමු.
පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවයි.

අපේ කතාබහට මෙහෙම ප‍්‍රවිශ්ට වෙමු. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ මොහොතේ සටන්පාඨය ගැන කතා කරමු.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් පාඨ හැමවිටම ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟත් එක්ක සම්බන්ධයි.මේ මොහොත දිහා බැලූවොත් ආණ්ඩුවේ ගමන් මග වැටිලා තියෙන්නෙ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හොදින් හෝ නරකින්  කරන දිශාවට. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ නිර්මාණය වෙන්නෙත් මේ කියන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් ජනතාවගේ ජීවිත පීඩාවට පත්වීමට එරෙහිව. එමෙන්ම මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව තමා කරන්න උත්සහ කරන්නේ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමත් අපේ සටන් පාඨයක්.

විදුලි සේවක සටන පාවාදීමේ සූදානමක්



45% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා විදුලි බලමණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය අරගලය ආණ්ඩුව යෝජනා කර ඇති 25%ක වැටුප් වැඩිවීමෙන් කෙළවර කිරීමට වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
වෘත්තීය සමිති නායකයින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් පවසා ඇත්තේ සේවකයින්ට අවම වශයෙන් 30%ක හෝ වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟවී නොමැති අතර ඔහු 25%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟවී තිබේ. කෙසේ වෙතත් අවසානයේදී වෘත්තීය සමිති නායකයින් ඊට සිය විරෝධය පළකර විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයකද නිරත විය.
නමුත් එම විරෝධතාවයේදී සේවකයින් ඇමතූ ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව යෝජනාකර ඇති 25% වැටුප් වැඩිවීම ලබාගත යුතු බවයි.

උසස් පෙළ අවුලට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් බාධා



2011 වසර උසස් පෙළ විභාග ප්‍රතිඵල සිදුවූ අක්‍රමිකතාවන්ට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, පාසල් සිසුන් සහ දෙමාපියන් එක්ව අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදා ඊට බාධා පමුණුවමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි.

නිවැරදි ප්‍රතිඵල ඉල්ලා සිසු - දෙමාපිය උද්ඝෝෂණයක්


මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විකෘතිකිරීම් වලට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාසල් සිසුන් සහ දෙමාපියන් එක්ව අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයත් ඒකාබද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.එම අවස්ථාව සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සහ පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කසුන් මාලින්ද මහතාද සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා,
"මෙවර උසස් පෙළ  විභාග ප‍්‍රතිඵලය විකෘති බව අපි කාටත් නොරහසක්. නමුත් හිතුවක්කාරී ආණ්ඩුව එය පිළිගන්නේ නැහැ. ආණ්ඩුවේ මෙවැනි හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා වෙළඳ කලාපයේ රොෂේන් චානක සහෝදරයාගේ ජීවිතය බිලිගත්තා. දැන් මෙම ප‍්‍රතිඵල ගැටළුව නිසා නුවරඑළියේ සිසුවියක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කරන්දෙනිය හා ගම්පහ දෙදෙනෙක් ජීවිත නැතිකර ගැනීමට උත්සාහ දැරුවා. මෙම ගැටළුව මෙතනින් නිමවන්නේ නෑ. ඒ නිසා අපි සියළුදෙනාටම මෙම ප‍්‍රතිඵල නිවැරදි කරගැනීම වෙනුවෙන් මැදිහත්වීම අනිවාර්යක් වෙලා තියෙනවා. අද එක විභාගයයි හෙට තව විභාග දෙකකට මේ දේ සිද්දවෙන්න පුළුවන්. අපි ආණ්ඩුවට බලකරල කියනවා තමන්ගේ උද්දච්ඡකම පැත්තකින් තියලා අසාධාරණයක් වෙලා ඉන්න සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා."

අධිවේගියේ රහ ලංගමට දැනේ



විනාඩි හතලිහකට වරක් බස් රථයක් දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයට ගමනා ගමන මණ්ඩලය විසින් අද පටන් තවත් සුඛෝපභෝගී බස්රථ දෙකක් එක්කිරීමට අදහස් කර තිබෙන අතර මේ නිසා සෑම විනාඩි 40 කට වරක්ම අධිවේගී මාර්ගයේ බස්රථයක් ක්‍රියාත්මක වන බව මණ්ඩලය කියයි.

වැඩබැරි ගනේගලට විශිෂ්ඨ ලේකම් ධූරයක්


වයස අවුරැදු 60 ඉක්ම වුවද දක්ෂ හා කාර්යක්ෂම අමාත්‍යාංශ ලේකම්වරැන් විශ‍්‍රාම නොයවා තවදුරටත් සේවයේ යොදවා ගැනීමට ජනපතිවරයා තීන්දු කර ඇති බවත්, ජනාධිපතිවරයා වෙත ව්‍යාජ ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කොට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී ගනේගල මහතා ද තවත් සේවා දිගුවක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ඒ අනුව මේ වන විට වයස 64 ද ඉක්මවා ඇති ගනේගල මහතා පසුගිය වකවානුවේ අසාර්ථකම අමාත්‍යංශ ලේකම්වරැන් අතර සිටින පුද්ගලයෙක= බවද ඔහු තවදුරටත් සදහන් කළේය.

ජනරාල් නිදහස් නොකළහොත් 5වනදා සිට ජනඅරගලයක් !


පෙබරවාරි 04 නිදහස් දින හෝ ඊට පෙර ජනරල් සරත් ෆොන්සේකා මහතා කොන්දේසි විරහිතව නිදහස් නොකළහොත්, පෙබරවාරි 5වනදා සිට අරගලකාරී ක‍්‍රියාමාර්ගයන්ට අවතීර්ණවීමට ‘ජනරල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය’ තීරණය කර ඇතැයි වාර්තාවේ.

පෙබරවාරි 04වන දා ජනරල් නිදහස් කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාට ලබාදී ඇති පොරොන්දුව මත ජනරල් නිදහස් කර ගැනීමේ මහජන උද්ඝෝෂණ මේ දිනවල තාවකාලිකව නවතා දමා තිබේ.

බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනයට පැමිණි එස්ටීඑෆ් මැරයින් මාට්ටු


ඊයේ (18) දහවල් මීගමුව උසාවියට රැගෙන එමින් සිටි බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු, බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක‍්‍රියාකාරිත්වය මත අත්අඩංගුවට පත් වී තිබේ.
බන්ධනාගාර රැදවියන් විසිදෙනෙකු එකිනෙකට දම්වැල්වලින් බැද, බන්ධනාගාරයේ සිට පයින් රැගෙන එමින් සිටියදී මාර්ගය අසල සිටි දෙදෙනෙකු බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.
එහෙත් බන්ධනාගාර රැදවියන් සියලූ දෙනා එකවර මරහඬ දී ඇති අතර එයින් කලබලයට පත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා යතුරුපැදිවලින් පැමිණ සිටි තවත් දෙදෙනෙකු සමඟ පලා යෑමට උත්සාහ දරා ඇත.

Share this article with your friends