Saturday, January 21, 2012
SOPA/PIPA පනත් හකුලාගනී. Fight for the Future පදනමෙන් ඔබ සැමට තුති
ඉදිරියේදී සම්මත කරගැනීමට නියමිතව තිබූ SOPA සහ PIPA පනත් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් මීට ටික වේලාවකට පෙර ඉවත දමා තිබෙනවා. මීට මූලික වශයෙන්ම හේතු වූයේ අන්තර්ජාලය හරහා ඊට මතු වූ අති ප්‍රභල විරෝධයයි. ප්‍රධාන වශයෙන් Wikipedia, Reddit, Google, Wordpress ආදී වෙබ් අඩවි මෙම පනත් වලට විරුද්ධව සුවිශාල කතිකාවතක් අන්තර්ජාලය හරහා ගොඩනැගීමට දායක වුනා. ඉදිරියේදී වෙනත් ආකරයකින් මෙම පනත් කරළියට පැමිණීමට ඉඩ ඇති බවත් ඊටත් මේ ආකරයෙන්ම එකාවන්ව අත්වැල් බැඳගෙන මුහුණ දී පරාජය කිරීමට තමන් පසුබට නොවන බවට Fight for the Future පදනම පවසනවා.
වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවි වලට පිවිසෙන්න.
http://www.sopastrike.com/
http://www.fightforthefuture.org/
Fight for the Future පදනම මෙම ජයග්‍රහණය පිළිබඳව දන්වමින් අප වෙත එවා ඇති ඊමේලය පහතින් බලන්න.
Friday, January 20, 2012
Free Download කරලත් හමාරද? Megaupload.com වටලයි
එකට එක කිරීමක් ලෙස FBI වෙබ් අඩවිය හැක් කරලා
Megaupload යනුවෙන් හැදින්වෙන ෆයිල් ෂෙයාරින් වෙබ් අඩවිය ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද නියෝගයක් මත අත්හිටුවා තිබෙනවා.
මෙම වෙබ් අඩවිය විශාල ෆයිල්ස් හුවමාරු කර ගැනීමේ ලොව ඇති ජනප්‍රියම වෙබ් අඩවියක් වන අතර ඇලෙක්සා රෑන්ක් අනුවද ලොව ජනප්‍රියම වෙබ් අඩවි 100 අතර පවතිනවා. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Schmitz මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
වෙසක් පෝදා බුදු රැස් විහිදෙයි

පසුගියදා ඔහු මෙම අදහස් පලකර තිබෙන්නේ මව්බිම පුවත්පතටයි. පහත දැක්වෙන්නේ එම ලිපියයි.
බුදුරැස් විහිදෙන දවස
ඔබ බොදු රැස් දකින්න සූදානම්ද? මින් පෙර බුදු රැස් දැක තිබේද? බුදු රැස් දකින්න පුළුවන් දවසක් ලඟදීම උදාවන බව ඔබ දන්නෙහිද?
2012 මැයි 5 වෙනිදා සෙනසුරාදා දවල් 12.53 සිට 2012 මැයි 6 වැනි ඉරිදා උදේ 9.07 දක්වා පැය 24ටත් අඩු කාලයක් වෙසක් පොහොය පවතී. මෙම පැය කිහිපයේදී කකුසඳ, කෝණාගම, කාෂ්‍යප, ගෞතම යන ධාතූන් තැන්පත් කර නිර්මානය කර ඇති සතර බුදුපිළිම වහන්සේලාගෙන් බුදුරැස් විහිදීම සිදුවේ.
එක් මාසයකට එක් පසළොස්වක පොහොය බැගින් උදාවෙන බව අපේ විශ්වාසයයි. එහෙත් එය වැරදි මතයකි. එක් පුර පොහොයක සිට අනිත් පුර පොහොය උදාවීම තිථි 30ක් ලෙස ජෝතිෂ්‍යය හඳුන්වයි. එසේම සිද්ධාර්ථ කුමාරයා උපත ලබන වෙසක් පුර පෝය දිනයේදී විසා නැකත උදාවී තිබූ අතර 2012 මැයි 6 වැනිදා 5.59 සිට විසා නැකත් උදාවක් සිදුවෙයි.
එක් ආකාරයකට එකම රටාවකට සමානව උදාවන දවස් ඉතා දුර්ලභය. එවැනි ඉතා දුර්ලභ දිනයක උදාවන මෙවර වෙසක් පෝය දවසේ බුදු රැස් විහිදෙනවා දකින්නට නම් ඒ වෙනුවෙන් අවශ්‍ය වන සූදානම ඔබ තුළ පැවතිය යුතුය.
බුදුරැස් ඇත්තක්ද?
ලංකාවේ පළමු අධි තාක්ෂණ (HDTV) විකාශය ගාලු මුවදොර සිට

මෙහිදී ඇමෙරිකානු ජාතික දේශිකාවක් වන ජොයිස් මේයර් මහත්මිය විසින් පවත්වනු ලබන ආශීර්වාදාත්මක දේව මෙහෙය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රටවල් 140කට ගෝඩ් ටීවී ඔස්සේ සජීවීව විකාශය කරනු ලබනවා.
ගෝඩ් ටීවී HD චැනලය ලංකාවට නොපෙනුනද එහි සාමාන්‍ය චැනලය ඩයලොග් ටීවී ඔස්සේද විකාශණය කරනු ලබනවා.
මෙම විකාශනය සඳහා අධිතාක්ෂණ කැමරා උපකරණ සපයන්නේ ශ්‍රී ලංකාවට අධිතාක්ෂණ රූපවාහිනී නිෂ්පාදන හඳුන්වා දුන් ෆයින් විෂන් ආයතනය මඟිනි. ඔවුන් විසින් මෙරටට ගෙන්වන ලද අධිතාක්ෂණ බාහිර පටිගත කිරීමේ රථය ප්‍රථම වරට මෙහිදී භාවිතා කරනු ලබනවා. චන්ද්‍රිකා විකාශය කරනු ලබන්නේ ටීවී ලංකා ආයතනය විසිනි.
පහත දැක්වෙන්නේ ෆයින් විෂන් ලංකා ආයතනයේ අධි තාක්ෂණික උපකරණ වලින් කිහිපයකි
හයිවේ එකේ යන අයට නොමිලේ දඩ මස් ?

මෑතකදී විවෘතවූ ලංකාවේ ප්‍රථම අධිවෙගිමාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය පිලිබඳ තවමත් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වනවා.
විපක්ෂය විසින් පවා මෙම අධිවේගී මාර්ගය ඇගයීමට ලක්කෙරෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගියදා කියා සිටියේ අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් බවයි.
එතුමා සිදුකල කතාව පහතින් බලන්න
Thursday, January 19, 2012
අන්තරයට නැගෙන චෝදනා ගැන සංජීව කතා කරයි
පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවයි.
අපේ කතාබහට මෙහෙම ප‍්‍රවිශ්ට වෙමු. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ මොහොතේ සටන්පාඨය ගැන කතා කරමු.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් පාඨ හැමවිටම ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟත් එක්ක සම්බන්ධයි.මේ මොහොත දිහා බැලූවොත් ආණ්ඩුවේ ගමන් මග වැටිලා තියෙන්නෙ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හොදින් හෝ නරකින් කරන දිශාවට. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ නිර්මාණය වෙන්නෙත් මේ කියන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් ජනතාවගේ ජීවිත පීඩාවට පත්වීමට එරෙහිව. එමෙන්ම මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව තමා කරන්න උත්සහ කරන්නේ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමත් අපේ සටන් පාඨයක්.
විදුලි සේවක සටන පාවාදීමේ සූදානමක්
වෘත්තීය සමිති නායකයින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් පවසා ඇත්තේ සේවකයින්ට අවම වශයෙන් 30%ක හෝ වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟවී නොමැති අතර ඔහු 25%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟවී තිබේ. කෙසේ වෙතත් අවසානයේදී වෘත්තීය සමිති නායකයින් ඊට සිය විරෝධය පළකර විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයකද නිරත විය.
නමුත් එම විරෝධතාවයේදී සේවකයින් ඇමතූ ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව යෝජනාකර ඇති 25% වැටුප් වැඩිවීම ලබාගත යුතු බවයි.
උසස් පෙළ අවුලට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් බාධා
Subscribe to:
Posts (Atom)
