Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ජනාධිපතිගේ චිත‍්‍රපටිකාරයින් මරාගනී


‘කුසපබා’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය සඳහා අනුගමනය කළ ක‍්‍රියා පිලිවෙතට එරෙහිව චිත‍්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී ප‍්‍රනාන්දු මහතා අධිකරනයට යාමට කටයුතු කරන බව වාර්තාවීමත් සමග රාජපක්ෂවාදී චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක මහතා ඔහුට තර්ජනය කර තිබේ. 
ජනාධිපතිවරයාගේ සමීපතම හෙංචයියෙකුවන සෝමරත්න දිසානායක මහතා, නාවික හමුදාපතිවරයාගේ වැඩිමල් සොයුරෙකි.

කුසපබා චිත‍්‍රපටය ‘චිත‍්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංසදය’ විසින් නිෂ්පාදනය කළ අතර සෝමරත්න දිසානායක මහතාගේ බිරිඳවන රේණුකා බාලසූරිය මහත්මියගේ මැදිහත්වීම මත එම චිත‍්‍රපටයට මේ වනවිට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය හිමිවී තිබේ. එම චිත‍්‍රපටය සියලූම පාසල් ළමුන්ට පෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාටද නියෝග කර ඇත.

පළාත් සභාවට යෝජනාවක් නෙළුම් පොකුණ මාවත එපා


ජාත්‍යන්තර කිර්තිධර ශ‍්‍රී ලාංකික කලාකරු ආනන්ද කුමාරස්වාමි මහතා සිහිවීම පිණිස නම්කර තිබු මාවත යළි ඒ නමින්ම නම් කළ යුතු බවට බස්නාහිර පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර එම යෝජනවා අදළ පළාත් පාලන ආයතනයට යොමුකිරීමට තීරණය කර ඇත. ජනාවාරි 17වැනිදා පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී එජාප මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ මාවත, නෙළුම් පොකුණ මාවත යනුවෙන් නම් කිරීම එම මහා කලාකරුවාට පමණක් කරන ලද අගෞරවයක් පමණක් නොව මෙරට සුළු ජාතීන්ටද ලබා දුන් නරක සංඥාවක් බවයි. 

එම යෝජනවා ඉදිරිපත් කිරීමෙන් පසු බස්නාහිර පළාත් සභාවේ සභාපති සුසිල් විජේරත්න මහතා ප‍්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව අදාළ මාවත අයත් පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවට යොමු කරන බවයි. 

- රාවය

ශ‍්‍රී ලංකන් ගුවන් මගීන් අවදානමක


ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් යානා මගින් වාහන ගෙන්වීමේදී එම වාහන තුළ ඉන්ධනද රඳවා තබාගැනීමට අවසර දීම හේතුවෙන් කිසියම් මොහොතක ගුවන් මගීන් අවදානමකට ලක්වීමේ අනතුරක් ඇතැයි ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු අප වෙත පැවසීය.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගින් මෙසේ වාහන ගෙන්වීම සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසිනි.

ගුවන් මගින් වාහන ගෙන්වීමේදී අනෙකුත් ගුවන් සමාගම් අයකරන මුදලට වඩා හතරෙන් එකකටත් වඩා අඩුමුදලක් යටතේ මෙම වාහන ආනයනය කිරීම සිදුකෙරෙන අතර එම වාසය අත්වී ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබූ ව්‍යාපාරිකයින්ට සහ කපිල චන්ද්‍රසේන මහතාගේ ව්‍යාපාරික හිතමිතුරන්ට පමණි.

‛අහිංසකයන්ගෙ ආරාමය අද ජවිපෙ ගණන් ගන්නෙත් නැහැ ’ – ජගත් වීරසිංහ


අහිංසකයන්ගෙ ආරාමය බිහිවන්නේ 1988-89 භීෂණ සමයේ විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ ඝාතන කරනලද තරුණයන් සහ අතුරුදහන් කරනලද තරුණයන් සිහි වීමටය. මෙය 1999 දෙසැම්බර් මස කෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ඉදි කරනු ලැබුවේ, එවකට පැවති පොදු පෙරමුණු රජයේ මැදිහත් වීමෙනි.
නමුත් අද ‛අහිංසකයන්ගේ ආරාමය’ ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ මේ දිනවල කෝට්ටේ ප්‍රදේශයේ සිදුවන සීඝ්‍රගාමී සංවර්ධනයට සහ දර්ශනීය පෙනුමට මෙම ස්මාරකය බාධාවක් යැයි කියමිනි. මෙම තත්ත්වය පිළිබඳව අහිංසකයන්ගේ ආරාමය නිර්මාණය කළ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහ සිය අදහස් දැක් වූයේ මෙලෙසය. 
“අහිංසකයන්ගෙ ආරාමය ගොඩනැගුවාට ඒක රැකගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එවකට හිටපු රජයට නොහැකි වුණා. කාලයක් ගතවුණාට පස්සෙ මේ ස්මාරකය අමතක වෙලා ගියා. ‛මව් පෙරමුණ’ කියන සංවිධානය අවුරුද්දකට වරක් මෙම ස්මාරකයට එකතු වෙලා යම් වැඩසටහනක් කරමින් සිටියා. නමුත් කාලයක් ගත වුණාට පස්සෙ එම කටයුත්තත් නැවතුණා. පසුව ස්මාරකය අමතක අමතක වෙලා ගියා.”
“මම ඔය ස්මාරකය හදන කොට කරපු වැරැද්දක් තියෙනවා. මම ඕක හදන කොට කිසිම පක්ෂයක නමක් ගැහුවෙ නැහැ. මම හිතුවා මේ රටේ පුරවැසියො කියලා ජාතියක් ඉන්නවා කියලා. මට ඔතන චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විවෘත කළා කියලා පුවරුවක් ගහන්න තිබ්බා. මම ඒක කළේ නැහැ. ඉතින් මම උත්සාහ කළේ ස්මාරකය පක්ෂවලින් ගලවලා ජනතාව තුළ තැන්පත් කරන්න. මේක විනාශ වෙන්න හේතුව ඒකයි. මේකට මුල්ගල තියෙන කොට දැන් ඉන්න ජනාධිපතිතුමාත් ආවා. ප්‍රධාන පත්තරේක සංස්කාරක සටහන ගියෙත් මේ ආරාමය ගැන. එතරම් අවධානයක් ලැබුණු දෙයක් අමතක වෙනවා කියන්නෙ ඒක දේශපාලන පක්ෂයක් මුල් කරගනිමින් ඉදි නොවුනු නිසායි.”

ඇමැති ඩග්ලස් මර්වින් රංගනයක: යාපනයේ විදුහල්පතිවරයකුට කළඑළියේම තර්ජනයක්


අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් යාපනයෙහි ප්‍රධාන පාසලක් වන යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදෙන බවට බොහෝ පිරිසක් ඉදිරියේ තර්ජනය කර ඇතැයි යාපනයෙන් වාර්තා වෙයි.

පෙබරවාරි 6වැනි දින යාපනයට පැමිණීමට නියමිත ජනපති මහින්ද රාජපක‍ෂ මහතාට නාමල් රාජපක‍ෂ මහතා විසින් ඉදිකරන ලදැයි කියන එම විද්‍යාලයේ පිහිනුමි තටාකය විවෘත කිරීමට අවශ්‍ය වී තිබේ. නමුත් පසුගිය වසර පහ පුරා ඉබි ගමනින් සිදුවූ එම පිහිනුමි තටාකයේ වැඩ එය වහාම නිමාකරන්නයි ජනපති විසින් නියෝග කරීමෙන් පසු ඩග්ලස් දේවානන්දා අසීරුවට පත්ව තිබේ.

සත්‍යසීලන් පැහැරගැනීමට හේතුව කොමිසම් වාර්තාව කලින් පිටවීමද?


පසුගිය ජනවාරී මස 22 වනදා පාන්දර 5.30ට ත‍්‍රිකුණාමල අධිආරක්ෂක කලාපය තුළ කුප‍්‍රකට සුදුවෑන් රථයක් මගින් පැහැරගැනුනු පාර්ලිමේන්තුවේ සිංහල-දෙමළ භාෂා පරිවර්ථකයෙකු ලෙස කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ 34 හැවිරිදි සත්‍යසීලන් සත්‍යරාජ් මහතා පැහැරගැනීම සඳහා හේතුවූ කරුණු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව නිල වශයෙන් එළිදැක්විමට කලින්, පරිවර්ථනය කිරීම සඳහා, පාර්ලිමේන්තු භාෂා පරිවර්ථන අංශයට ලබාදී තිබේ. 

මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර දමිළ විරෝධතාවයන් දෙකක්


ලබන පෙබරවාරි මස 27වන දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආරම්භවන දා TGTE (Transnational Government of Tamil Eelam) ’පාරජාතික දෙමළ ඊලාම් ආණ්ඩුවේ’ මෙයෙවිම යටතේ යුරෝපය පුරා වෙසෙන දමිළ ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක් සංවිධානය කොට තිබේ.
දෙවන විරෝධතාවය මාර්තු මස 05වන දින පැවැත්වීමට නියමිත අතර එය සංවිධානය කරනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධීකරන කමිටුව (Tamil Coordinating Committe) මගිනි. පසුගිය සැප්තැම්බර් මස මානව හිමිකම් කවුන්සිල් සැසිවාරය අතරතුර 5000 ක් පමණ සහභාගී වූ විරෝධතාවය සංවිධානය කරන ලද්දේ මෙම කමිටුව විසිනි.

‘විළුදු’ ප‍්‍රවර්ධන කාර්යාලයට පහරදීම හා එහි සැඟවී තිබෙන සැබෑ කරුණු


කොළඹ 7 ටොරිංටන් මාවතේ අංක 3හි පිහිටි ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරයට  ශ‍්‍රී ලංකා හමුදා බුද්ධි අංශ අතර සමිබන්ධයක් ඇතයි ග්ලෝබල් පුවත් බුද්ධි අංශයේ වාර්තාකරු තහවරු කරයි.
ආරක්‍ෂක අංශය සමග සමබන්ධකම් පවත්වාගෙන යන නිළධාරයකු ග්ලෝබල් පුවත් වාර්තාකරු සමග සාකච්ඡා කිරීමේදී මෙම ප‍්‍රහාරය ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ සෘජු නියෝගය මත සිඳුවූ ප‍්‍රහාරයක් බව පැහැදිළිව වටහාගත හැකියැයි පවසා තිබේ. ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය ටොරිංටන් අධි ආරක්‍ෂක කලාපය තුල පිහිටා තිබේ. මෙයට අමතරව එම ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන ඉඩමට පසුපස මායිමයෙහි ආරක්‍ෂක ලේකම් ගොඨබයට රාජපක්‍ෂ මහතාට අයත් ඉඩමක්ද තිබේ.

එම කාර්යාලයට යාබදව කැනේඩියානු තානාපති නිළ නිවස - නෙදර්ලන්ත තානාපති කාර්යාලයට - ඉන්දුනිසියානු තානාපති කාර්යාලය - යුරෝපිය සංගමයේ ශ‍්‍රී ලංකාන නියෝජිතවරයාගේ නිළ නිවසද එම මාර්ගයෙන් එපිට ශ‍්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව ද එයට  මීටර 200ක දුරින් බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලාව වැනි වැදගත් ස්ථාන රැසක්ද පිහිටා තිබේ.

Share this article with your friends