Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

කෘත්‍රිම පාද ගැන පරීක්ෂණය යටගසයි


කළුතර කර්මාන්තපුරයේ පිහිටි කෘත්‍රිම පාද නිෂ්පාදන ආයතනයක් මගින් නිපදවන කෘත්‍රිම පාද ප්‍රමිතියෙන් තොර බවට එහි සේවාදායකයන් පිරිසක් විසින් ගොනු කරනු ලැබූ පැමිණිලිවලට අදාළව එම ආයතනයට විරුද්ධව අධිකරණයමය කි්‍රයාමාර්ගයක් ගැනීම පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පැහැර හරිනු ලබන බව එම පාද ලබාගෙන අපහසුවට පත් වූ අය පවසති.

කෘත්‍රිම පාද නිපදවන ලංකාවේ විශාලතම දේශීය කර්මාන්ත ශාලාව වන කළුතර කර්මාන්තපුරයේ ආවාස් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භක අවධියේදී නිපදනවන ලද කෘති්‍රම පාද මෙලෙස ප්‍රමිතියෙන් තොර වූ බවද වාර්තා වෙයි.

පටපිළිකන්ද හෝටලයට නැවත දේශපාලන බැල්ම


වැවිලි කර්මාන්ත නි. ඇමති අර්ල් ගුණසේකර මහතාගේ සොහොයුරියක වන රංජනී පතිරණ මහත්මිය මින්නේරිය පටපිළිකන්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අවශේෂ කලාපයේ ඉදිකර ඇති හෝටලය අධිකරණ නියෝගයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවද එම දෙපාර්තමේන්තුවට එය පවරාගන්නා අයුරු දක්නට නැතැයි අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් දේශප්‍රිය මහතා පැවසීය.



බෞද්ධාලෝක ඉඩමේ ඉදිකිරීම් ගැන පෙත්සමක්


කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනාවක් වටිනා රුසියානු තානාපති කාර්යාලයට අයත් යැ'යි සැලකෙන ඉඩමේ සිදුකරමින් පවතින ඉදිකිරීම් නවත්වන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ජනවාරි 25 දින මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛම්වරයා, පොලිස්පතිවරයා, ඉදිකිරීම් සිදුකරන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා හා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා නම් කර ඇත.

වරුණ මධුශංකගේ විවාහ ලියාපදිංචිය


සිරස සුපර් ස්ටාර් මුල්ම තරඟයේ අවසන් 12 දෙනා අතරට පැමිණි තරඟ කරුවෙක් වන්නේ වරුණ මධුශංකයි. අජිත් බණ්ඩාර පළමු තැනට පත්වෙද්දී, ශිහාන් මිහිරංග 5 වෙනි තැනට පත්වෙද්දී වරුණ මධුශංකට හිමි වුනේ 8 වෙනි ස්ථනයයි.

ඔහුගේ විවාහය ලියාපදිංචි කිරීම පසුගියදා සිදු වුණා.

එම උත්සවයේ ජායාරූප පහතින් 
බලන්න 

ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා- පූජා

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟයි.

එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වුණා.

කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි. 

ඇය මේ බව පවසා තිබෙන්නේ දිවයින පුවත් පතේ මීවිත අතිරේකයටයි.

දැන් බඳින්න කාලය ඇවිත්ලු. විවාහයට සුදුසු කෙනා හමුවුනාද?


ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය


විදුලි පාරිභෝජනයේදී පාරිභෝගිකයටත් සේවාදායකයාටත් විශේෂ වාසි හා පහසුකම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙස "ස්මාර්ට් විදුලි මීටරය" ක්‍රමය විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන්නා.

මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.

විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.


ස්මාර්ට් මීටරය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි

නැගෙනහිර උදානයේ මහා අඳෝනාව - කුසල් පෙරේරා


''අපට 'වී.ආර්.එස්' අර ගෙන යන්න කිව්වා. තාම වන්දියත් නැහැ....මට දැන් පඩි බාගෙත් නැහැ-රස්සාවත් නැහැ. දැන් ඉතිං මට වස බෝතලයක් ගන්නවත් සල්ලි නැහැ.....කොළඹින් එකක් එවනවා නම් ලොකු උදව්වක්....''
''අපේ දාඩියෙන් හම්බ කළ සල්ලි වලින් තමයි ඇඹිළිපිටය පටන් ගත්තේ....යුනියන් ප්ලේස් හෙඩ් ඔෆීස් බිල්ඩිම හැදුවේ....දැන් ඒවා සේරම විකුණලා, ඒ සල්ලි වලින් ආණ්ඩුව කාලා බීලා ඉන්නවා...අපේ පවුල් බඩගින්නේ...''
''අවුරුද්දකට දෙකකට කලින් ආණ්ඩුව ගම්පහින් මහත්තයෙක් පත් කෙරුවා සභාපති කියලා....එයා වැඩකට නැති බොයිලේරුවක් ඉන්දියාවෙන් ගෙන්නුවා ලක්ෂ 320 ට විතර....සමිති වලින් අපි කිව්වා ඒක වැඩක් නැහැ කියලා....ඒක දැන් අට්ටාලයක් උඩ තියෙනවා...ඒ සල්ලි වලින් අපේ වන්දි මුදල් දුන්නා නම්, ඊට වැඩිය ලාබයි.''

ත්‍රස්තවාදී බිල්ලාගෙන් ඔබට ගැලවීමක් නැත - ගාමිණී වියන්ගොඩ


එකමත් එක රටක කුමාරයෙකුගේ ග්‍රහ පලාඵල කියැවූ නක්ෂස්ත්‍රකරුවෙකු එම කුමාරයා සර්පයෙකු දෂ්ට කිරීමෙන් අකාලයේ මියයතැ යි අනාවැකි පළ කෙළේය. එම තර්ජනය ඉදිරියේ, රාජධානියේ සිටි සියලූ සර්පයන් වඳ කිරීමට, රජු නියෝග කෙළේය. කාලයක් ගිය තැන ඒ දේශයේ ඛෙහෙතකටවත් සර්පයෙකු සොයා ගැනීමට නොවුණි. මෙසේ සිටින අතරේ කුමාරයා දවසක් රෑ හීනෙන් සර්පයෙකු දුටුවේය. කිසි දවසක හැබැහින් සර්පයෙකු දැක නැති ඔහු උගේ ලස්සණට වශී වී, නින්දෙන් අවදි වූ සැණින් එම රුව සිරියහනාව ළඟ බිත්තියේ සිතුවම් කරන්නට විය. චිත්‍රය මොන තරම් විචිත්‍රවත් වී ද යත්, එය සමාප්ත වුණේ, සැබෑ සර්පයෙකු චිත්‍රය තුළින් ප්‍රාදුර්භූත වීමෙනි. තමාගේ ස්වීය නිර්මාණයෙන් බලවත් උද්දාමයට පත් කුමාරයා ඌව අතින් ගැනීමට සැරසුණි. ගතවුණේ මොහොතකි. සර්පයා දෂ්ට කරනු ලැබ කුමාරයා අකාලයේ මියගියේය.
ගිනි හට ගැනීම නැති කිරීමේ ක්‍රමයක් ඇතොත්, ගිනි නිවන හමුදාවක අවශ්‍යතාව නැති වෙයි. එවැනි සොයා ගැනීමක් නැති තාක් කල්, සාමාන්‍ය වශයෙන් නිතිපතා වැඩ නැතත්, ගිනි නිවන හමුදාවකට පඩි ගෙවිය යුතුය. නඩත්තු කළ යුතුය. හේතුව, ගින්නක් ඇති වීමේ විභවය කිසි නිශ්චිත මොහොතක අහෝසි කළ නොහැකි බැවිනි.

Share this article with your friends