Chitika Smowtion 468x60


Monday, January 30, 2012

ජනතා අයතීන්ට පහරදීම උතුරටත් දකුණටත් තර්ජනයක් - තිසරණී ගුණසේකර - පරිවර්තනය - හේමන්ත රණවීර


මාගේ දේශය බොරු දේශප්‍රේමී වැලපීම් නැති නිදහස් දේශයක් වුව මැන. (ලැන්ග්ස්ටෝන් හියුස්)
ගැටලූ සහගත දේ ගැන දිව කීපයකින් කතාකිරීම ප්‍රශ්නවලින් බේරීමට රාජපක්ෂ අණ්ඩුව සාර්ථකව යොදාගන්නා උපායකි. එහෙත් සමරවිට ඔවුන් සැඟවීමට සිතන්නේ කුමක්ද යන්නද ඒවායින් එළිවෙයි.
ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් 2011 දෙසැම්බර් 9 යාපනේදී අතුරුදන් වූහ. අතුරුදන් වීම ගැන පුවත්පත් සාකච්ඡාවක් සංවිධානය කිරීමට යෑමේදී ඔවුහු අතුරුදන් වූහ. ඔවුන්ගේ ජීවිතය ගැන සැක මතු වූ විට රජයේ ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ විරරාජ් හා මුරුගානන්දන් අතුරුදන් වී නැති බවත් ඔවුන් සිටින බවත්ය. (ද සන්ඩේ ලීඩර් 18.12.2011) ඔවුන් ළඟදීම උසාවියට ඉදිරිපත් කරන බවත් ඔහු කීය. )ද සන්ඩේ ටයිම්ස් 8.1.2012)

ඇමතිගේ වැඩ බාලයි - මහාචාර්ය සරත් විජේසූරිය


උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාදවීම නිසා රට තුළ ඇති වුණු කැළඹීම වෙන අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැදිහත් වී නියෝග කළේ වහාම ප‍්‍රතිඵල නිකුත් කිරීමටය. ප‍්‍රතිඵල නිකුත් කිරීමේ විද්‍යාත්මක ක‍්‍රමවේදය විභාග කොමසාරිස්වරයාගේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් ව්‍යාකූලව තිබෙන බව අදාළ පුද්ගලයන් ජනාධිපතිවරයාට වාර්තා කිරීම හෝ, ඒ සම්බන්ධ යථා තත්ත්වය ජනාධිපතිවරයාට අවබෝධ කර ගැනීමට කිසිම අවකාශයක් සලසා නොතිබුණු බව පැහැදිලිය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාම පවසන ලෙස සිදු වුණේ ජනාධිපතිවරයා සියලූ දෙනාටම හොඳටම බැන වැදීමය. ඒ බැන වැදීම අබිමුව ගොළුවන් වූ සියලූ දෙනා වහාම ප‍්‍රතිඵල නිකුත් කිරීමට එකඟ වූහ.

එජාපයේ ස්ථාවරය කුමක්ද - කේ.ඩබ්ලිව්. ජනරංජන


උතුරට දේශපාලන විසඳුමක් පිළිබඳ රජයේ ස්ථාවරය හා ඒ සඳහා වන යෝජනාවලිය වහා රට හමුවට ඉදිරිපත් කළ යුතු බවත් ඉන්පසුව තම පක්ෂය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා දිවයින (ජනවාරි 23) පුවත්පතට පවසා තිබිණි.
'මේ වනතෙක් ආණ්ඩුව උතුරට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ නොකොට කල් මැරීමේ ප්‍රතිපත්තියක නියැළෙමින් සැබෑ ප්‍රශ්නයෙන් පැනයෑමට උත්සාහ ගනිමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය. උතුරට විශ්වසනීය දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව එජාපය පිළිගන්නා නමුත් එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල හා සියලූ ජනකොටස්වලට පිළිගත හැකි එකක් විය යුතු බව ඒ මහතා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම උගත් පාඩම් කොමිෂන් වාර්තාවට අනුව ක්‍රියාකරන බව පුන පුනා ප්‍රකාශ කළද දැන් එම වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබියදී නිහ~ පිළිවෙතක් අනුගමනය කිරීමක් ඉන්දීය විදේශ ඇමතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ දාහතන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ්ඛෙන් යන විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කිරීමක් ගැටලූ සහගත බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. ඒ ප්‍රවෘත්තියේ ඉතිරි කොටසයි.

මර්වින්, ප‍්‍රසන්න, කුඩු ලාල්, නිමල් හා පොලිසිය කළ ඉඩම් මගඩියක තොරතුරු හෙළි වෙයි


මීට වසර 4 කට පෙර වෙන්දේසි කරන ලද කැලණිය පොලිසිය ආසන්නයේ පිහිටා තිබූ පර්චස් 160 කට අසාන්න භූමි භාගයේ නියම හිමිකරුවන් පැමිණීමත් සමඟ මහාපරිමාන ඉඩම් වංචාවක සුල මුල හෙළි වෙමින් තිබෙන බව වාර්තා වේ.
මෙම ඉඩමේ හිමිකරුවන් ලංකාවට ගෙන්වා ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් ආරක්‍ෂක අමාත්‍යංයේ වියදමින් බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේවන විට ඔවුන්ට ආරක්‍ෂාව සැපයීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ඇතැයි ද පැවසේ.
අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීම ඉලක්ක කරගනිමින් අදාල මෙහෙයුම දියත් කර ඇතැයි ද වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ABC මාධ්‍යජාලය හැසිරවීමේ වෑයමක්


වෙඩිවැදී බරපතල තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සොයුරු රේනර් ද සිල්වා මහතාට අයත් ABC මාධ්‍යජාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මෙල්ලකිරීමේ වෑයමක් පිළිබදව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි.

ප‍්‍රධාන විධායකයා එළවා දැමූ මර්චන්ට් බැංකු සභාපති කොමිස් ගැසීමට පිටිය සකසයි


ශ‍්‍රී ලංකා බැංකු ක්ෂේත‍්‍රයේ සුදුසුකම් හා පලපුරුද්ද අතින් ගෞරවනීය නාමයක් දිනා සිටින කෘතහස්ත බැංකුකරුවෙකු වන ගාමිණී කරුණාතිලක මහතා ප‍්‍රධාන විධායක ධූරයෙන් සුහද විශ‍්‍රාම ගැනීමකට යොමුකරන ලද, මර්චන්ට් බැංකුවේ සභාපති එම්.ආර්. ෂා මේ වනවිට එම බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් තමන්ට රිසිපරිදි හසුරවමින්, මහාපරිමාන කොමිස් ගැසීමකට අවශ්‍ය පසුබිම සකස්කරමින් සිටින බව ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (MBSL) අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මර්වින් කැළණියෙන් ඉවත්කිරීමට විනය කමිටුව යෝජනා කරයි


අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැළණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කළ යුතු බවට ‘කැළණිය අර්බුදය’ සම්බන්ධයෙන් සොයාබැලීමට එම පක්‍ෂයේ මහලේකම්වරයා විසින් පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් දැනටමත් තීරණය කර ඇතැයි වාර්තා වේ.
කැළණිය ආසනයේ ශ‍්‍රී ල.නි.ප ප‍්‍රධාන සංවිධායක මර්වින් සිල්වා අමාත්‍යවරයා හා එම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර හටගෙන තිබෙන ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නීතීඥ චම්පානි පද්මසේකර, ඞී.පී. මැන්ඩිස් සහ සාලිය මැතිව් යන විනය කමිටු සාමාජිකයන් පත්කර තිබේ.

මර්වින් වෙනුවෙන් කාලි කෝවිලට එළිච්චිය බිළිදුන්නේ දමයන්ති


මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා රැක දෙන ලෙස ඉල්ලා වාහනයකින් පැමිණ මුන්නේශ්වරම් කාලි කෝවිලට එළිච්චියක පූජා කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කැලණිය ප‍්‍රාදේශීය සභාවට තරග වැදුණ අපේක්‍ෂිකාවක් වන දමයන්ති පෙරේරා හා පිරිසක් බව අප වෙත වාර්තා වේ.

Share this article with your friends