Chitika Smowtion 468x60


Saturday, February 4, 2012

කෝට්ටේ පුරපතිට කාන්තාවන්ගෙන් ප‍්‍රහාරයක්


නාවල ප‍්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට ගිය කෝට්ටේ පුරපති ජනක රණවක මහතාට එම ඉඩම අවට පදිංචි කාන්තාවන් පිරිසක් විසින් පෙරේදා (02) එළව එළවා පහරදී තිබේ.
මෙම ඉඩමෙහි නීත්‍යානුකූල හිමිකරුවන් නොමැති බව නගරසභා වාර්තා මගින් සොයාගත් පුරපතිවරයා එම ඉඩම රුපියල් ලක්ෂ 150 කට ඉන්දීය ජාතිකයෙකුට විකිණීම සඳහා ව්‍යාජ ලිපිලේඛන සකසා තිබේ.

එලෙස ලිපි සකසාගත් පුරපතිවරයා තමාගේ පාතාල පිරිසක් සමග එම ඉඩමට ගිය අවස්ථාවේදී මෙම කාන්තා ප‍්‍රහාරයට ලක්වි තිබේ. කෙසේ වුවද කෝට්ටේ පුරපතිවරයා තමන්ට මරණීය තර්ජන සිදුකළ බවට එම කාන්තාවන් ගෙන් කිහිප දෙනෙකු මරිහාන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

‘නිදහස ගැන’ ජනතාවගේ උනන්දුවක් නැහැ


මෙවර ජාතික නිදහස් දිනය වෙනුවෙන් පෙරවාරි 01 දා සිට සෑම කාර්යාලයකම නිවසකම වාහනයකම ජාතික ධජ උසවන ලෙස ආණ්ඩුවේ ප‍්‍රධානීන් මාධ්‍ය හරහා දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටියද, ජනතාව ඊට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව රටේ සිව්දිගින් වාර්තා වේ.

ඉන්දීයානු රජයේ කරුණාව යට සැගවුණු ගිවිසුම් 5ක්


ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේ ප‍්‍රධාන අරමුන උතුරේ ජනතාවට බලය බෙදිමේ විසදුමක් සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම ලෙස මාධ්‍ය හරහා පුලූල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණද එම සංචාරයේ මූලික අරමුණ වී ඇත්තේ ආර්ථික වශයෙන් ඉන්දියාවට වැඩිවාසිදායක ගිවිසුම් 5ක් අත්සන් කිරිමය.

නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!


සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස මීට පෙර අප විසින් පළ කල පුවතක් ඵලදැරූ අයුරු ඔබට මතක ඇති.

එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.

තවත් එවැනි දුක් විඳිමින් සිටින මුවෙකු ගැන ශෝකජනක පුවතක් අප වෙත වාර්තා වෙනවා.

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය


ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය. 

ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය.

Friday, February 3, 2012

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත විවෘත ලිපියක්


පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - සුන්නද දේශප්‍රිය
ඇමතිතුමනි, My name is Khan I am not a terrorist (මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි) සිනමා පටය ඔබ නරඹා තිඛෙන්නටත් නොතිඛෙන්ටත් පුළුවන. දැන් මා ඔබට කියන්නට යන්නේත් එවැනි කතාවකි. ''මගේ නම සුනන්ද දේශප්‍රිය ය. මම ත්‍රස්තවාදියෙක් නොවෙමි'' යනු එහි තේමාවයි.
නිවියෝක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඛාන් යන මුස්ලිම් නම දැරූ නිසා පමණක්ම මිනිසෙකුට මුහුණ දීමට සිදු වූ අසාධාරණය ''මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි'' යන සිනමා පටයේ තේමාව වේ. නිවියෝක් නුවර එම ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ම්ලේච්ජ ප්‍රහාරය හේතු කොට ගෙන ඇමෙරිකානු ජනයා තුළ ඇතිවූ බිය මුසු වෛරය ඇමෙරිකාවෙහි ජීවත්වන සාමාන්‍ය මුස්ලිම් ජනයා වෙත මුදා හැරීමට විවිධ අන්තවාදී පිරිස් උත්සාහ කළහ. සිනමා පටය දිග හැරෙන්නේ එම වටපිටාව තුළ ය.

ජාතික සංහිඳියාව දැන් ශෘංගාරයෙන් - ගාමිණී වියන්ගොඩ


විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය.
ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කාමී තරුණියකි. මේ දෙදෙනා ප්‍රේමයෙන් වෙලී පසු ගිය දා අතිනත ගත්තෝය.

ස්වාධීන මාධ්‍ය පෙළහරේ ත්‍රස්ත රසය - සනත් බාලසූරිය


හරියටම මෙයින් තෙවසරකට පෙර ජීවිතය බේරාගනුවස් රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුව, ආණ්ඩුවේ මාධ්‍ය හා පෞද්ගලික ලේබලයට මුවා වී ආණ්ඩුවට බැලමෙහෙ කරන මාධ්‍ය පසුගිය සතිය පුරා නැවත වතාවක් වෛරී මුරගෑමක යෙදුණහ.
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනලද කළු ජනවාරිය විරෝධතාවට ආණ්ඩුව හොඳටම බියවීම ඊට හේතුවිය.

Share this article with your friends