Chitika Smowtion 468x60


Tuesday, February 14, 2012

බස් ගාස්තුව 20% කින් ඉහලට. විදුලි බිලත් වැඩිවේ


* බස් ගාස්තුව 20% කින් ඉහලට
* විදුලි බිලත් ඉහලට
* මීගමුව-හලාවත ප්‍රදේශ වල ධීවර උද්ඝෝෂණ ජායාරූප

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 20% කින් ඉහල දැමීමට රජය විසින් විසින් කැමැත්ත පල කර තිබෙනවා.

ගමනාගමන කොමිසන් සභාවේ බලධාරීන් සමග අද සවස පැවති සාකච්ඡාවේදී බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමට එකඟතාව හිමිවූ බවයි පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

එසේම වැඩිවන පුද්ගලික බස් ගාස්තුවලට සාපේක්ෂව ලංගම බස් ගාස්තුද 20% න් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එබැවින් මිල සංශෝධනය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා එකසේ පොදුය.

ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම පෙරේදා සිදුවූ නිසා එයට විරුද්ධව බස් ගාස්තු වැඩි කල යුතු බව ඉල්ලා අද දිනයේ රට පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර එයින් ජනතාව බොහෝ පීඩා විඳිනු ලැබුවා. 

Monday, February 13, 2012

ගබ්සාව නීතිගත කළ යුත්තේ ඇයි? - ගාමිණි වියන්ගොඩ


ගබ්සාව සීමිත අර්ථයකින් ලංකාවේ නීතිගත කොට දැන් බොහෝ කල් ය. දණ්ඩ නීති සංග්‍රහයේ 303 වැනි වගන්තිය යටතේ මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගබ්සාවට අවසර තිබේ. මේ නිසා ලෝකයේ ඇතැම් රටවල් සේ, මොනම තත්ත්වයක් යටතේවත් ගබ්සාව පිළිනොගන්නා නීතිමය තත්ත්වයක් ලංකාවේ නැත.
දැන්, ඉහත සඳහන් සාධකයට අමතරව, එනම් මවගේ ජීවිතය බේරා ගැනීමට අමතරව, තවත් සාධක තුනක්, ගබ්සාවේ නීත්‍යානුකුල වලංගු භාවය සඳහා සම්පාදනය කිරීමට සැරසෙයි. ඒවා නම්, ව්‍යභිචාරයේ (ලේ නෑයන් අතර ලිංගික සංසර්ගයේ) ප්‍රතිඵලයක් වශයෙන් ගැබ්බර වූ අවස්ථාවක, ආබාධිත දරුවෙකු පිළිසිඳ ගත් අවස්ථාවක සහ වයස අවුරුදු 18 ට අඩු දැරියක් දූෂණයට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගැබ්බර වූ අවස්ථාවක ආදී වශයෙනි.

ඉන්දන මිල පහත හෙලා ධීවර ජනතාවටත් සමස්ථ රට වැසියාටත් සාධාරණය ඉටු කිරීමට බල කරමු


ක‍ෂණිකව සිදුකරනු ලැබූ ජනතාවට දැරිය නොහැකි ලෙස තෙල් මිල ඉහල දැමීම හේතුවෙන් රට තුල පෞද්ගලික බස් සේවාවන් හා ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර කාර්මික ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර ඇත.
පෙර තිබූ මිළ ගනන් යටතේ වුවද ජනතාව තම රැකියාවෙි කටයුතු කරගනු ලැබූවේ ඉතා දැඩි අසීරුවෙන් වන අතර ධීවරයාද තත්වය පාලනය කරගනිමින් නිහ`ඩව කර්මාන්තයේ නියැලූනේ ගැට`ඵ නොතිබූ නිසා නොව කර කියා ගතහැකි දෙයක් නොවු බැවිනි. බස් සංගම් විසින්ද බස් ගාස්තූ වැඩි කිරීමේ අවශ්‍යතාව කිහිප විටක්ම ප්‍රකාශයට පත්කලත් තත්වය පිළිබඳ මධ්‍යස්ථව සලකා විරෝධතාවන් සඳහා පියවරයන් ගනු නොලැබින.

'ඩුආ' මන්ත්‍රී කොළඹ විපක්ෂය පාලනය කරයි


මිලින්ද මොරගොඩ මහතා කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායකවරයා වුවද මේවනවිට ඔහු සතු බලතල ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සංධානයේ (DUA) මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා විසින් පවරාගෙන ගෙන තිබේ.
මීට පෙරද නගරසභාව නියෝජනය කර ඇති රෝයි බෝගහවත්ත මහතා බරපතල වංචනික කි්‍රයා සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.

ෂේනුකාගේ කැරුට්ටුව අමුණුගම ජනපතිට කියා දෙයි


විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේනුකා සෙනවිරත්න මහත්මිය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් එම අමාත්‍යාංශයේ ලේකම් තිලක් කරුණාරත්න අමුණුගම මහතා විසින් ජනාධිපතිවරයා වෙත අනාවරණය කර තිබේ.
ජනාධිපතිවරයා සමඟ පකිස්තාන් සංචාරයට එක් වූ අමාත්‍යාංශ ලේකම්වරයා, පෙරේදා උදැසන ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටි කාමරයට ගොස් ෂේනුකා මහත්මියගෙන් වංචා දූෂණ රැසක් මෙන්ම ඇයගේ ඉතිහාස ක්‍රියාකාරිත්‍රය ජනාධිපතිවරයා වෙත පැහැදිලි කර ඇත.

හිරුණිකාගේ පෙම් සබඳතාවය අවසන්


මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කරමින් අසත්‍යය කට කතා පැතිරෙන විට හිරුණිකා යහළුවී සිටින්නේ පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුතු වන රන්දිම ගමගේ සමග වන බව මුල් වරට හෙළිකළේ අප විසිනි.

නමුත් එම සම්බන්ධතාවය මේ වනවිට අවසන්වී ඇති බව හිරුණිකා සතිඅන්ත ලංකාදීප පුවත්පතට අදහස් පළකරමින් ප්‍රකාශ කොට තිබේ.එම සංවාදය පහතින් බලන්න 

අධි බලැති විදුලි රැහනේ එල්ලී දිවි නසාගැනීමට උත්සාහ දැරු තරුණයා


දෙනියාය හරහා ගාල්ලට විදුලිය ගෙනියන වෝල්ට් එක් ලක්ෂ තිස් දෙදහසක විදුලි රැහැනක එල්ලී සියදිවි නසා ගැනීමට උත්සාහ කල තරුණයෙක් පිලිබඳ පුවතක් පසුගියදා දෙනියාය මොරවක ප්‍රදේශයෙන් වාර්තා වුනා.

ඒ අනුව බිමත්ව සිටි තිස් දෙහැවිරිදි සනත් නම් තරුණයා සිය දිවි නසාගැනීමේ අරමුණෙන් විදුලි කණුවේ ඉහලටම නැග ඉහල කම්බියේ එල්ලුනත් ඔහුට විදුලිසර වැදුනේ නැත්තේ එම කම්බියේ විදුලිය ගමන් නොකරන නිසාවෙනි.

ජනපති මහින්දට ඉදිරිය අපලයි


ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මාස කිහිපය ජෝතිශ්‍යයට අනුව අපල කාලයක් බව සඳහන් වේ.

එනම් එතුමාගේ කේන්දරයේ බ්‍රාහ්මණ දෝෂයක් ක්‍රියාවට නැගෙන හෙයිනි. ඒ පිළිබඳව පළවුණු ලිපියක් පහත වේ.

කන්‍යා ලග්නයෙන් උපත ලැබූ ජනපති මහින්ද රාජපක්ෂයන්ට මෙම කාලය අසුභ කාලයකි.එයට හේතුපාදක වන කරුණු කීපයක්ම ඇත.ජනපතිතුමා ගුරු මහ දශාවේ ගුරු අතුරු දශාව ගත කරමින් සිටින අතර මාර්තු මාසයේ ශනි අතුරු දසාව ලබයි.

Share this article with your friends