Chitika Smowtion 468x60


Sunday, February 19, 2012

ඇමරිකානු කුමන්ත‍්‍රණයේ කී නොකී කතා - සනත් බාලසූරිය


ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප‍්‍රශ්නකාරීය. අති බහුතරයක් ජනමාධ්‍යවලට අනුවද, ආණ්ඩුවේ විවිධ තරාතිරම්වල දේශපාලකයන්ට අනුවද, විෂයභාර අමාත්‍යාංශ නිලධාරීන්ට අනුවද මෙය ලංකාවට සතුරු යෝජනාවකි.

ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙනඑනු ඇතැයි කියැවෙන යෝජනාවට එක්සත් ජනපද රාජ්‍යයේ සහයෝගය හිමිවන බවට තමන් ලංකා ආණ්ඩුවට සනාථ කළබව, පසුගිය සතියේ දිනෙක ජනමාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ 2005 වසරට පසු මෙරටට පැමිණි වඩාත්ම ජ්‍යෙෂ්ට ඇමරිකානු රාජ්‍ය නිලධාරියා වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් මරියා ඔටෙරෝය.

ආණ්ඩුවට කණගාටු ලූ!

ඕකිඩ් දේශපාලනය - නිලන්ත ඉලංගමුව


රාජපක්ෂගේ අන්තවාදය වෙනස් කිරීමට නොහැකිය
- සිංගප්පුරුවේ හිටපු ජනාධිපති ලීක්වාන් යූ

මහදවල් ආලෝකයක් නැතුව විසීමක් වැනි තත්වයට ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පත් කොට ඇත. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ පුහු ප්‍රදර්ශනාත්මක සහ අධිපතිකාරී මර්දන දේශපාලනය විසිනි.  සිංගප්පුරුව ඔහුගේ දේශපාලනය හරි හැටි කියවා ඇති රටක් ලෙස  පෙනේ. සිංගප්පුරුව , චීනය හෝ රුසියාව මෙන් රාජපක්ෂට ආචාර්ය උපාධියක් දීමට නොගියේය. ඔවුහු තීරණය කරනු ලැබුවේ මහින්ද සහ ශිරන්ති නමින් ඕකිඩ් විශේෂයක් නම් කිරීමටය. දේශපානය තුළ මෙය හැදින්විය හැක්කේ කේක් නොමැතිව අයිසින් කිරීමක් හා සමාන තත්වයක් ලෙසය.  සිංගප්පූරුව, රාජපක්ෂගේ දේශපාලනය හරි හැටි කියවා ඇති ආකාරය සහ ඊට නිසි ප්‍රතිචාර දක්වන ආකාරය දක්නට ලැබීම අතිශය අකර්ශනාතමක වන්නා සේම ඉන් ලබා දෙන ආදර්ශයද දැකුම් කළු වේ. ඕකිඩ් වූකලී  පරපෝෂිත ශාකයක් නොවන බව ඇත්තය, නමුත් ඕකිඩ් මහා පොළවේ වර්ධනය වීමට පෙර එය තමන්ගේ වාසභූමිය ලෙස තෝරා ගනු ලැබුවේ සරුවට වැඩෙන අනෙකුත් ශාක විශේෂයන්ය. ඒවායේ කඳන්ය. ඕකිඩ් විශේෂ උඩවැඩියා ලෙසින්  හැදින්වෙන්නේ මේ නිසාය.

රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණූ ලේ වලින් විතරද? - සුනන්ද දේශප්‍රිය


ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ශයකටම වරකි. දෙවරකි. හිරු රුස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි.
එනමුත් අපේ ශ්‍රී ලංකාවට පතිත වූ රාජපක්ෂ භිෂනයේ් හිම පතනය එළෙස අහිංසක ලෙස වේදිකාවෙන් බැස යන පාටක් නැත. අත්දකින්නට තරම් අප අවාසනාවන්ත වු මෑත සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ භීෂණයේ හිම දියව යන්නේ උණු ලේ වලින් පමණක් බව ද? මහරජානන් ලෙස ස්ත්‍රෝත්‍ර ගායක ජනමාධ්‍ය විසින් දිවා රෑ පින්තාරු කරන ලද ජනාධිපති රාජපක්ෂගේ ප~ුපුල් අසුන රත්වන්නේ පුරවැසියන්ගේ උණු ලේ වලින් පමණක් ද?

රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට


ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම ‍විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්යා පාර පවත්වනවාග මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචිග එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්මග ‍කොළඹ පැවැත්වෙන්නේ රනිල් වික්ර මසිංහ මහතාගේ ප්රකධානත්වයෙන් විරෝධාතාවයක්ග ඒ කියන්නේ ඒ විරෝධතාවය සහභාගී වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ෂවයේ සමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පමණයිග මීට අමතරව කුරුණෑගලත් විරෝධතාවයක් සූදානම් කරලා තියෙනවාග ඒ සජිත් පාර්ෂවයෙන්ග එතකොට මේ විරෝධාවයට සහභාගී වෙන්නේ රනිල් විරෝධී සාමාජිකයන් එහෙම නැත්තම් සජිත් පාර්ෂවයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්ග මේ විරෝධතා දෙකම පැවැත්වෙන්නේ එකම දිනයේ එකම වෙලාවට

සෝනු නිගම්ගේ ප‍්‍රසංගයේදී විමල්ට අම්බානක ‘හූවක්’


ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ගේ ‘සොනු නිගම් ලයිව් ඉන් කොන්සට්’ සංගීත ප‍්‍රසංගය ඊයේ රාත‍්‍රී සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවති අතර ඊට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාට සංගීත ලෝලීන් එකදිගටම විනාඩි කිහිපයක් ‘හූ’ කියා තිබේ.


ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකා සුදර්මා නෙත්තිකුමාරි මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ගී ප‍්‍රසංගයේ මූලික සම්බන්ධිකරන කටයුතු සිදුකරනු ලැබුවේ විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ව්‍යාපාරික ශෂී වීරවංශ මහත්මියයි. 

ජෝනිගේ ගෝලයෙක් කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට පහරදේ


අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරන නිලධාරියෙකුවන රවිචන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල්රවී’ නැමැත්තා ඊයේ රාත‍්‍රියේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහරදි තිබේ. රවිචන්ද්‍රන් මහතා වෙත මාස්පතා ලබාදෙන කප්පම් මුදල පසුගිය මාසයේ ලබානොදීම පිළිබදව කෝපයට පත්ව ඔහුව එසේ පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ මධුරවික‍්‍රමරත්න නැමැති ව්‍යාපාරිකයාය.

ජනාධිපතිවරයාට වෙබ් පුවත් වාර්තා කිරීමට නිලධාරිනියක්


වෙබ් අඩවිවල පලවන පුවත් වහාම තමාවෙත වාර්තා කිරීමේ රාජකාරිය ජනාධිපතිවරයා විසින් ඔහුගේ රහස්‍ය ලේකම් අනෝමා ලාෆීර් මහත්මිය වෙත පවරා තිබේ. ඒ අනුව ‘ලංකා ඊ නිව්ස්’, ‘ගොසිප් ලංකා’, ‘ලංකා නිව්ස් වෙබ්’,‘ගොසිප් 9’, ‘ලංකා විව්ස්’, ‘ලංකා ටෲත්’, ‘පැපරාසිනිව්ස්’, ‘එලකිරිනිව්ස්’, ‘ලංකාලීක්ස්’, ‘රාවය නිව්ස්’ යන වෙබ් අඩවි මෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවත්වාගෙන යනු ලබන ‘ලංකාසීනිවිස්’ වෙබ් අඩවියේ සියලූ පුවත් වාර්තාද ජනාධිපතිවරයාට වහාම දැනුම්දීම ලාෆීර් මහත්මිය වෙත පැවරී ඇති අලූත්ම රාජකාරිය වේ.

‘‘රනිල් ශක්තිමත් කරන විරෝධතාවලට අපි නැහැ’’ - සජිත් කණ්ඩායම


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනික වශයෙන් ශක්තිමත් කෙරෙන කිසිදු ව්‍යාපෘතියකට තම කණ්ඩායම සහාය නොදක්වන බව සජිත් කණ්ඩායම අවධාරනය කර සිටී. ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (17) කොළඹ දුම්රියපොල ඉදිරිපට පැවති උද්ඝෝෂණයට සහභාගී නොවුයේ ඇයිදැයි සජිත් කණ්ඩායමේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයෙකුගෙන් අප කළ විමසීමේදී ඔහු එම කාරණය පැහැදිලි කළේය.

Share this article with your friends