Chitika Smowtion 468x60


Monday, February 20, 2012

ගබ්සාව නීතිගත කළ යුත්තේ ඇයි? (2)


මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා උපයුක්ත වන ගැහැනු සිරුරේ හිමිකාරිය ගැහැනිය යි. ඒ නිසා, තමාගේ සිරුර ඒ සඳහා පාවිච්චි කරන්නේ ද නැද්ද යන්නත්, පාවිච්චි කරන්නේ නම් එය මොන තරම් දුරට ද යන්නත් අවසාන වශයෙන් තීරණය කිරීමේ බලය තිබිය යුත්තේ ගැහැනියට යි. එම අයිතිය පිරිමියාට හෝ පිරිමියාගේ අධිකාරය යටතේ පවතින වෙනත් ආයතනයකට (ආණ්ඩුවකට) හෝ පැවරීම යුක්තියුක්ත නැත.

පාතාල නායක ‘කිංග්ස්පාක් රෝහණ’ රහසේ නිදහස්කරලා


කුප‍්‍රකට පාතාල නායකයෙකුවන රෝහණ කුමාර නොහොත් ‘කිංග්ස්පාක් රෝහණ’ නොහොත් ‘වැව රෝහණ’ නැමැත්තා ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කොට ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
මෙම පාතාල නායකයා ඇමරිකාවට පලායෑම සඳහා ව්‍යාජ ලිපිලේඛන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ලබාදීමේ හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගැනුනු අතර ඉන්පසු රිමාන්ඞ් බාරයට පමනුවන ලදි.

මගනැගුම බංකොලොත්


මගනැගුම යටතේ ඉදිකරනු ලැබූ මහාමාර්ග සඳහා කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකිව මගනැගුම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව වාර්තා වේ.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි මෑත කාලයේ මගනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මහාමාර්ග සඳහා කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවිය යුතුවන මිලියන් ගණනක මුදල් ව්‍යාපෘතිය අවසන්වී මාස 6ක කාලයක් ඉකුත් වුවද නොගෙවීම නිසා කොන්ත‍්‍රාත්කරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත්වී සිටී.

විදේශ අමාත්‍යවරයා දකුණු අප‍්‍රිකාවේ සංචාරයක


විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙම සතියේදී දකුනු අප‍්‍රිකාවේ නිල සංචාරයක යෙදෙන බව විදේශ අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජනවාරී 08 වන දා පැවති අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ ශතසංවත්සරය සඳහා ලඳ නිල ආරාධනාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දෙරට අතර ඇතිවී තිබෙන රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රශ්න නිරාකරණය කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

ධීවරයින්ගේ විරෝධයෙන් රාජිතගේ සැනකෙලිය බකල්වේ


ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රතිරූපය ඉස්මතු කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ‘‘රජිත දිනේ’’ සංවත්සර සැනකෙළිය බේරැවල නගරසභා භූමියේදී පෙරේදා (18) ආරම්භ වූ අතර එහිදී ධීවර ජනතාවගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ එය අතරමග නවතා දමා තිබේ. ඊයේ සිට සතියක කාලයක් එය පැවැත්වීමට කටයුතු යොදා ඇත.


සැනකෙලිය ආරම්භ කරමින් දිවයිනේ ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සංගීත ප‍්‍රසංගය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ කෝපයට පත් ධීවරයින් එයට බලවත් විරෝධය පළකර එය මුලූමනින්ම කඩාකප්පල් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙක් ජිනීවාවලට


ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල් රැස්වීම ආවරණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මාධ්‍ය ආයතන තුනක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් තිදෙනෙකු නම්කර තිබේ. ‘අයිලන්ඞ් පුවත්පතේ’ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ, ‘ලක්බිමනිවිස්’ හි රාජ්පාල් අබේනායක සහ ‘ඬේලිමීරර්’ පුවත්පතේ කැළුම් බණ්ඩාර යන තිදෙනා එසේ නම් කර ඇති මාධ්‍යවේදීන් වේ.
ඔවුන්ගේ සියලූ වියදම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදීමට එකඟත්වය පළකර ඇත.

ඇමරිකාව සහ බටහිර රටවලට එරෙහිව ශ‍්‍රී ලාංකිකයින් තුළ පුලූල් ජනමතයක් ඇතිකිරීම ඔවුන් වෙත පවරා ඇති මූලික රාජකාරිය වේ.

උසස් පෙළ අවුල නිසා ගිනි තබාගත් සිසුවාගේ කතාව


පසුගියදා නිකුත්වූ උසස් පෙළ ප්‍රථිපල නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, අධ්‍යාපන ඇමති ඇතුළු අනෙකුත් අමනෝඥ නිළධාරීන්ගේත් නිරුවත රටට හෙළි වුණා.

"පොඩි අවුලක් වෙලා තියෙන්නේ" යැයි පසුගියදා එස්. බී දිසානායක ඇමතිවරයා පැවසූ උසස් පෙල ප්‍රතිපලය නිසා මානසික පිඩනය දරාගැනීමට නොහැකි වූ ශිෂ්‍යයෙක් පසුගිය සතියේ සිරුරට ගිනි තබා ගත්තා.

මේ ඔහුගේ ගිනි තබාගැනීම පිළිබඳව කතාවයි.

උසස් පෙළ විභාගයෙ පසු කොලඹ පැමිණි ගපූර් අල් අමීර් පසුගිය සතියේ අම්පාරේ එරගම වානගමුවේ පිහිටි තම නිවසට ගියේ පිටරට වසර ගණනාවක් රැකියාව කර පැමිණි තම පියා සහ පවුලේ අය සමඟ තම සතියක නිවාඩුව සතුටින් ගතකිරීමටය.

මංජුලා නිවන්ති යුග දිවියට


සිරස සුපර්ස්ටාර් දෙවන අදියර මගින් ජනප්‍රියත්වයට පත් මංජුලා නිවන්ති පසුගියදා යුග දිවියට එළඹුනා.ඇයගේ අතගත් මනාලයා වුයේ ගාල්ලේ ප්‍රින්ස් ගුණසේකරයි.

ඇය වඩාත් ජනප්‍රිය වුයේ ක්‍රිශාන්ත එරන්දක සමගින් ගයන "ලියු කවි පද" ගීතයත් සමගයි.

විවාහ දිනයේ ජායාරුප කිහිපයක් පහතින් 
බලන්.


Share this article with your friends