Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ඇමරිකාවට එරෙහි ලංකාවේ "ජන පවුර"


උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙසට බලකරමින් ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක් ජිනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනාවට විරෝධය පළ කරමින් ඊයේ රට පුරා නගර 150ක උද්ඝෝෂණ පැවැත්වුණා.

කොළොඹ, හලාවත, මඩකලපුව, කිලිනොච්චිය, මුලතිව් ප්‍රදේශයන්හි එම උද්ඝෝෂණ පැවැත්වුනේ පහත ආකාරයටයි.
සියලුම ජායාරූප බලන්න මෙතනින් 
හලාවත නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයේ වීඩියෝව බලන්න මෙතනින්

කලා පවුල් දෙකක් එක් කල විවාහයක්


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ බෙනට්‌ රත්නායක සහ සමන්මලී හේවාපන්න යුවළගේ දියණියක වූ භාග්‍යා රත්නායක සහ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු හා සංරක්‌ෂකවරයකු ද වන තිස්‌ස නාගොඩවිතාන සහ කුමාරි නාගොඩවිතාන යුවළගේ පුත්‍ර රත්නයක වන චරිත් නාගොඩවිතාන පසුගියදා යුග දිවියට එළඹුණා. 

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මෙම විවාහ මංගල්‍යයට විශාල පිරිසක්‌ පැමිණ සිටියා. කොකා කෝලා සමාගමේ නිෂ්පාදන විධායකවරියක වන "භාග්‍යා" "ඉර හඳ යට" චිත්‍රපටයේත්, "සඳ සක්‌මන" නිම්වළල්ල ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපා ඇති අතර චරිත්, තිස්‌ස නාගොඩවිතාන චිත්‍රපට සමාගමේ විධායක ලෙස සේවය කරයි.
 සියලුම ජායාරූප බලන්න මෙතනින්


"දෑසින් පෑ" මියුසික් වීඩියෝව හැදුන හැටි


මනුරංග විජේසේකර විසින් රචිත ලහිරු පෙරේරා විසින් ගායනා කරන "දෑසින් පෑ" ගීතය කා අතරත් ජනප්‍රිය වුයේ යෙෂ් විජේරත්නගේ අපුර්ව රුප රචනයත් සමගයි.

පහතින් ඇත්තේ එම ගීතය රුගත කිරීමේදී ගනු ලැබූ ජායාරුප එකතුවක්. 

"දෑසින් පෑ" වීඩියෝව බලන්න පහතින් 

හදිසි මහමැතිවරණයක් පවත්වන ලෙස ජනපතිට උපදෙස් !


ඉදිරි වසර කිහිපය තුළ රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්වන බවත්, එම තත්ත්වය තුළ ජනතා සහන කප්පාදු කිරීමට අනිවාර්යෙන්ම සිදුවන බවත්, එකී තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි මහමැතිවරණයක් පැවැත්වීම අනාගත දේශපාලන පැවැත්ම සඳහා වැදගත් විය හැකි බවට ජනාධිපතිවරයාගේ උපදේශකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තරය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදුකෙරන තර්ජනවලට එරෙහිව පුලූල් ජනමතයක් ගොඩනගමින් යළි දේශානුරාගයක් ඇතිකොට වහාම මැතිවරණයකට යාම සුදුසු බව එම උපදේශකයින්ගේ අදහස වී තිබේ.

සරත් ෆොන්සේකා මහතාට දේශපාලන සිරකරුවකුට හිමි සියලූ අයිතිවාසිකම් වහාම ලබාදිය යුතුයි


නීති විරෝධී හා අසත්‍ය චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඔහුගේ දියණිය අප්සරා ෆොන්සේකා මහත්මිය විසින් සකස් කරන ලද ශ‍්‍රී ලාංකිකයින් 25000 කගේ අත්සනින් යුතු අනර්තර්ජාල පෙත්සම නිල වශයෙන් පිළිගෙන තවදුරටත් එතුමා දේශපාලන සිරකරුවෙකු බව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තහවුරු කර ඇත. ඒ බව 2010 වසර වෙනුවෙන් නිකුත්කළ ඇමෙරිකානු මානව හිමිකම් වාර්තාවේ ඇතුළත්ව ඇති අතර නිකුත් කිරිමට අපේක්ෂිත අලූත්ම මානව හිමිකම් වාර්තාවේද ඇතුළත් කිරීමට නියමිතය.

ලේක්හවුස් වෘත්තීය සමිති නායකයා ලක්ෂ 3කට යටවේ


ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා සභාපති ධූරයෙන් ඉවත්කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් ‘‘මරාගෙන මැරෙන’’ උපවාස සංවිධානය කළ එහි ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිතියේ සභාපති ඞී.එම්.පී. දසනායක මහතා රුපියල් ලක්ෂ 3කට හා උසස්වීමක් වෙනුවෙන් වෘත්තීය සමිති අරගලය මුලූමනින්ම පවාදී ඇතැයි එම වෘත්තීය සමිතියේ ක‍්‍රියාකාරීන් චෝදනා කරති.

ටෝගෝවලදී දෙමළ තරුණයින් අතරමන් කළ කරුණාගේ ලේකම්ට රැකවරන


නැගෙනහිර පළාතේ පදිංචි තරුණයින් කැනඩාවට ගෙන යන බව පවසා නීති විරෝධීව විදේශගත කොට ටෝගෝ රාජ්‍යයේ අතරමං කරනු ලැබූ නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් මහතාගේ ආරක්ෂක නිලධාරී වසන්ත නැමැත්තා සහ ඔහුගේ භාර්යාවන වන ගීතා නැමැත්තිය වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා තිබුණද ඔවුන්ට රැකවරන දීමට ආරක්ෂක ලේකම්වරයා මැදිහත්වී තිබේ.

ගෝඨා සමග යාපනයේ ගිය මාධ්‍යවේදීන්ට වතුරවත් නැහැ


යාපනය තෙලිප්පලෙයි ජාතික විද්‍යාලය හා යාපන පුස්තකාලයේ විවෘත කිරිම් කිහිපයකට පසුගිය දා සහභාගී වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකී සංචාරය වාර්තා කිරීම සඳහා කොළඹින් රැගෙන ගිය පෞද්ගලික මාධ්‍ය ආයතනවල ‘දේශපේ‍්‍රමී’ මාධ්‍යවේදීන් 13 දෙනාට අඩුම තරමින් වතුර බෝතලයක් හෝ ලැබී නැතැයි වාර්තා වේ.


එම මාධ්‍යවේදීන් රැගෙන යාම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම භාරව සිට ඇත්තේ කපිතාන් උභය පෙරේරා මහතාය. ඔහු එම මාධ්‍යවේදීන්ට කිලිනොච්චියෙන් කෑම පාර්සල් සපයා ඇති අතර ඒවා ආහාරයට ගත නොහැකි ලෙස පිලිනුවී තිබී ඇත.

Share this article with your friends