Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

Red Bull Street Show with Chris Pfeiffer : Pictorial


සියලු ජයාරූප බලන්න මෙතනින් 
ජයාරූපකරණය : දර්ශන ප්‍රනාන්දු | උතුම් පෙරේරා


කොමිස් කාක්කාගේ ඉංජිනේරු කොම්පැණිය රුපියල් බිලියන පහක් ඩැහැගනී


ශ්‍රී ලංකාවේ 90 දශකයේ මැද භාගයේ සිට රජයේ කොන්ත්‍රාත් සහ ලංසු ලබාගෙන ත්‍රිවිධ හමුදාවට ආයුධ සහ යුධ වාහන ගෙන්වා තම මඩිය තදකර ගත් සුප්‍රසිද්ධ කොමිස් කාක්කා හෙවත් සුමල් සංජීව පෙරේරා, සාමයේ අරුණලූ පිබිදෙන සමයක ඔහුගේ නවතම සල්ලි හොයන සූත්‍රයවී ඇත්තේ රටේ පාරවල් හදා කොමිස් ඩැහැගන්නා තම ඉංජිනේරු කොම්පැණිය මහජනයාට නොවටිනා ගණනකට අලෙවි කිරීමට තැත්කිරීමයි.

දැනට පවතින නීතියට අනුව සමාගමක පුද්ගලිකව ආයෝජකයන්ට ලබාදුන් කොටස් අලෙවිකිරීමට හැක්කේ එම නිකුතුවෙන් අවුරුද්දකට පසු වන අතර හරියටම මෙය කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තුගත කිරීමට අදහස් කරන දිනට අවුරුද්දකට පෙර පුද්ගලිකව ඇක්සස් සමාඟම විසින් රුපියල් බිලියන 4.5 කොටස් නිකුත් කර ඇති අතර මෙයට අමතරව සුමල් පෙරේරා ඇතුළු අධ්‍යක‍ෂක මණ්ඩලයට හා සේවකයන්ට තවත් රුපියල් බිලියන 3 කොටස් නොමිලේ ඛෙදා ඇත. 
මෙම මහජන කොටස් නිකුතුව මඟින් එම ආයතනය බලාපොරොත්තුවනුයේ රුපියල් මිලියන 500 මුදලක් ලබා ගැනීමටයි. (මෙය අනෙකුත් ආයතන සමඟ ගත් කල ඉතා අඩු මුදලකි.) නමුත් මෙහි පිටුපස ඇත්තේ තවත් යමකි.

පොළවේ වැළලී ලෝක වාර්තාවක් තබන්නට ගොස් තරුණයෙක් මරුදකියි


2011 අගෝස්තු මාසයේදී, දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 3යි විනාඩි 39 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තැබූ බව මීට පෙර අප ඔබට ගෙන ආවා.

ඉන් මාසයකට පමණ පසුව එලෙස දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 5 ක් ගත කර එම වාර්තාව බිඳ දැමීමට පුජාපිටිය සියපත්ගමෙහි වෙසෙන කේ.එම් හින් බණ්ඩා මහතා මහතා සමත් වූ බවත් පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

මෙලෙස පොළොව යට වැළලී එම වාර්තාව බිඳ දමා තවත් ලෝක වාර්තාවක් තැබීමට ගොස් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඔහු කන්තලේ වාන්ඇල ප‍්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන වයස අවුරුදු 24 ක තරුණයෙක්. 

ගාල්ලේ ගොඩනැගිල්ලකට ගෙනා ග්‍රැනයිට් ෂිට් වලට පස්දෙනෙක් යටවෙයි


ගාල්ල නගරයේ විද්‍යාලෝක විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන සාප්පු සංකීර්ණයකට ගෙනා විශාල ග්‍රැනයිට් ෂිට් තොගයක් ඊයේ (03) සවස 5:00 ට පමණ පෙරලීමෙන් එයට පස් දෙනෙක් යටවී තිබෙන අතර සිව්දෙනෙක් දිවි ගලවාගෙන තිබෙන අතර එක පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා කන්ටේනරයකින් අඩි 6 දිග අඩි 8 පළල ග්‍රැනයිට් ෂිට්  විශාල ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන අතර ඒවා බිමට බෑමේදී කන්ටේනරයේ එක පසකට හේත්තුකර තිබු ග්‍රැනයිට් ෂිට් තොගය එය බාමින් සිටි පුද්ගලයන් පස් දෙනාගේ ඇඟ මතට පෙරලි ඇත.

Derana Music Video Awards 2011 : Pictorial



දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2011


ශ්‍රී ලාංකීය සංගීත ශිල්පීන්ගේ මියුසික් විඩියෝවන් සඳහා සම්මාන පිරිනමන දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2011 පසුගිය 02 දා රාත්‍රියේදී පැවැත්වුනා.

එහිදී වසරේ හොඳම වීඩියෝව ලෙස ඉරාජ්ගේ "පොලිසිය" ගීතයත් වසරේ ජනප්‍රියතම වීඩියෝව ලෙස රොමේෂ් ගේ "දිගු දෑස" ගීතයටත් හිමි වුනා
.
ඉරාජ්ගේ "පොලිසිය" ගීතයට වසරේ හොඳම රෙගේ ගීතය සඳහා වූ වීඩියෝවට හිමි සම්මානයද ලැබුන අතර ඉරාජ් විසින් එම සම්මානය තමාගේ හොඳම රසිකයා වෙත එම අවස්ථාවේදීම තිලිණ කරනු ලැබුවා.

එහි විශේෂත්වය වන්නේ එම තරුණයා ආබධිත තරුණයෙකු වීමයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න 

හිමාලි සයුරංගි යුග දිවියට


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි හිමාලි සයුරංගි පසුගියදා (01) යුග දිවියට එළඹුනා.අයගේ අතිනතගත් මනාලයා වුයේ "ඇඩ් ලෑන්ඞ් ඇඩ්වර්ටයිසින්" සමාගමේ හිමිකරු වන අසංගයි.

අමා ටෙලි නාට්‍යයේ රුගත කිරීම් අතර ඔවුන් දෙදෙනා හදුනාගෙන ඇති වාර්තාවේ.
විවාහ උත්සවයේ ජායාරූප බලන්න පහතින් 
ජායරුපකරණය : ලසන්ත වරුසවිතාන


චතුරිකා කටකතා වලට පිළිතුරු දෙයි


ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය විවාහය දිගින් දිගටම කල් යාම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින චතුරිකා, රන්ජන් රාමනායක සමග සමීප ඇසුරක් ගොඩනගා ගෙන ඇති බව පසුගියදා විවිධ මාධ්‍යයන් ඔස්සේ පලවී තිබුනා.

එම කට කතා ප්‍රතික්ෂේප කරමින් චතුරිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්

රංජන් රාමනායකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා රාවයක් පැතිරිලා තිබුණා. ඔබ ඒක ප‍්‍රතික්ෂේප කළේත් නෑ 
මම කටකතා ගණන් ගන්නේ නෑ. කටකතාවලට හේතු ඇති. නමුත් හේතු නැතිව කියන කටකතා තමයි වැඩිපුර තියෙන්නේ. රංජන් අයියා විතරක් නෙමෙයි මීට කළින් ධනංජය, සුරාජ්මාපා, රොෂාන් රවීන්ද්‍ර මේ අයත් එක්ක මාව පටලවලා කතා හැදුවා. 

Share this article with your friends