Chitika Smowtion 468x60


Thursday, March 8, 2012

කහවත්ත ද්විත්ව ඝාතනයේ සුළමුල


කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් මේ වන විට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සැකකාර ඝාතකයා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හා ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන එල්. එම්. ධර්මසිරිගේ සොහොයුරෙකුද වෙයි. 

ඝාතකයා ලොකුගම්හේවගේ දර්ශන නොහොත් රාජුය. ප්‍රධාන සැකකරුට අමතරව ඔහුගේ බිරිඳ හා ත්‍රීවීල් රියැදුරෙකු වන සනත් නන්දන නැමැත්තාද මේ වන විට රහස් පොලිසිය භාරයේ පසුවෙයි. ත්‍රීවීල් රියැදුරා ඝාතනයට ලක් වූ කාවින්ද්‍යාගේ සිරුර හමු වූ ඕපාත වත්ත අසල පදිංචිකරුවකු බව පැවසේ.

රාජු අපරාධ රැසකට සම්බන්ධයි

කොමන්වෙල්ත් කුසලානය ඕස්ටේ‍්‍රලියාවට


කොමන්වෙල්ත් බැංකු කුසලානය සඳහා ශ‍්‍රි ලංකා සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පැවති අවසාන මහා තරඟයේ ජය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමි වුණා.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශී‍්‍ර ලංකා පිලේ නායක මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ටේ‍්‍රලියානු පිලට ලබා දුන්නා.

පන්දුවාර 50 කදී ඔවුන් සියල්ලන් දැවී ලකුණු 231ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5 අවසානයේදී සියල්ලන් දැවී ලබගත හැකිවූයේ ලකුණු 215ක් පමණයි.
ලකුණු පුවරුව බලන්න පහතින්

රොෂාන් පූජාව බැන්දොත් මෙහේ නවත්තගන්නවාලු


රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. 

ඔප්පුකරන්න අමතකවූ ජනපතිගේ 2005 බාරය


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන් ජනාධිපති කරවා දෙන ලෙසට 2005 වසරේදී අළුත්නුවර දේවාලයට බාරයක්වී ඇත. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුවී ඇත්තේ එම දේවාලයේ වලාකළු බැම්ම නිමවා දේවාලයේ වෙනත් අවශ්‍ය අඩුපාඩු පිළිසකර කර දෙන බවයි. 2005 ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති වූ නමුත් අළුත්නුවර දේවාලයේදී සිදුකල බාරය අමතක වී ‍තිබී ඇත.

මේවන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූරයේ දෙවෙනි පරිච්ඡේදයෙද් වසර දෙකකට ආසන්න වී ඇත. මීට වසර 7කට පෙර ඔහු විසින් සිදුකළ මෙම බාරය ඔහුට හදිසියේ මතක්වී ඇත්තේ, රටේ පවතින ආර්ථික අර්බුද සියල්ල සිදුවන්නේත් උද්ඝෝෂන සහ වැඩවර්ජන සිදුවන්නේත් තම අපලයක් නිසාදැයි විමසීමට ඉන්දියානු දෛවඥයෙකු හමුවූ අවස්ථාවේ ඔහුවිසින් මෙවැනි භාරයක් සිදුවී එය ඔප්පුකර නැද්දැයි ඇසූ අවස්ථාවේදීය.

එගොඩවැල්ලේ මූසල මතකය.. - සම්පත් සමරකෝන්


''රූපවාහිණියෙන්ද, අයිටීඑන් එකෙන්ද නැතිනම් ස්වර්ණවාහිණයෙන් ද?'' අප ගමන් ගත් වෑන් රථයෙන් බිමට බසිනවාත් සම`ගම අසල කාඩ් සෙල්ලම් කරමින් සිටි කහිපදෙනෙකු අප දෙස බලා පැවසීය. ඒ පසුගිය 16වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයට ගිය අවස්ථාවකය.
 පෙබරවාරී 15 වනදා රාත්‍රීය උදා වන විට එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති, ඉන්ධන මිළ වැඩි කිරීමට එරෙහි විරෝධතාවයකට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමෙන් ධීවරයෙකු වූ තිස්තුන් හැවිරිදි වර්ණකුලසූරිය ඇන්ටනී ප්‍රනාන්දුගේ ජීවිතය ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් බිලිගෙන තිබිණී. එැතැනින් නොනැවතුනු ඒ මුග්ද, ප්‍රචණ්ඩ ආණ්ඩුවේ මර්ධනය විසින් තවත් ධීවරයින් තිදෙනෙකුට තුවාල සිදු කර තිබූ අතර ඉන් පසු එගොඩවැල්ල ප්‍රදේශයම ගිණීයම් වී තිබිණි.

වරෙන්තු කොට සිටින දුමින්දට නිවාඩු අනුමත කිරීම නීති විරෝධියි - මෛත‍්‍රීපාල


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුව සිටි, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිව් දෙනෙකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට තවත් මාස තුනක නිවාඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම නීති විරෝධී බව ශ‍්‍රී ල.නි.ප මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අදහස වී තිබේ.



නිවාඞ්ගේ රියදුරාත් වංචාකාරයෙක්


මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නිල රියදුරාද බරපතල වංචාකරුවෙකු බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. කපිල සෙනරත් කුලතුංග නැමති මෙම රියදුරා, බැංකුවල රැකියාවන් ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් 20 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන වංචා කර තිබේ.
නිවාඞ් කබ්රාල් මහතාගේ මෙම රියදුරා, බැංකු රැකියාවක් ලබාදෙන බව පවසමින් පාර්ලිමේන්තුවේ සේවය කරන මාකොල ජයන්ත නැමැත්තාගෙන් ලක්ෂ 28 ක අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇත. එම මුදල ලබාගත්තද රැකියාවට අදාල පත්වීමේ ලිපියක් ලබාදීම මාස ගණනාවක් තිස්සේ පමා කිරීම හේතුවෙන්, මාකොල ජයන්ත මහතා ඒ පිළිබදව කොළඹ කොටුව සුලූ අපරාධ අංශයට පසුගිය බ‍්‍රහස්පතින්දා පැමිනිල්ලක් කර තිබේ.

නාමල්ගෙන් මහින්දානන්දට කැපිල්ලක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග අමනාපයකින් පසුවන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. තම ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් පවරනු ලැබූ රාජකාරි කිහිපයක් ක‍්‍රීඩා ඇමතිවරයා නොසලකා හැර තිබීම එම අමනාපයට හේතුවී තිබේ. 

පසුගිය දා කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබී පසුව ලිප්ටන් වටරවුම අසල සංවිධානය කර තිබූ මාධ්‍ය වේදීන්ගේ උද්ඝෝෂණයට පහර දෙන ලෙස නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් කළ නියෝගය මහින්දානන්ද ඇමතිවරයා විසින් නොසලකා හැර තිබීම ජනාධිපතිවරයාගේ අමනාපයට ආසන්නතම සිදුවීම බව ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

Share this article with your friends