Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

වල් වැදී ඇති රටේ නීතිය හා සාමය යළි තහවුරු කිරීමට උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි


2009 මැයි මස යුද්ධය නිමා වීමත් සමග මතු වූ යුධ අපරාධ හා ශී‍්‍ර ලංකා ආණ්ඩුව සතු වගවීම
වෙනුවෙන් ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි 19 වන සැසියට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව විසින් ඉල්ලා සිටින්නේ, තමන් සතු ව්‍යවස්ථාමය බලය මත ජනාධිපතිවරයා පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ සියල්ල කි‍්‍රයාත්මක කරන බවට සහතිකයකි.
ඒ අතරතුර, රට තුළ නීතිය හා සාමය බිඳ වැටීම පිළිබඳව මෙතෙක් වාර්තා වූ තොරතුරුවලින් පෙන්නුම් කරන්නේ, කොමිසමෙහි නිර්දේශ උතුරු නැගෙනහිර ජනතාවට පමණක් නොව, මුළු රටටම අදාල බව යි. එනිසාම, මේ රටේ යළි නීතිය හා සාමයත් ප‍්‍රජාතක්ත‍්‍රවාදයත් තහවුරු කර ගැනීමේ වගකීම, අප වෙත බාර වන්නකි.

හදිසි අවස්ථාවකදී බලය ගැනීමට ගෝඨා සැරසේ


ජනාධිපතිවරයාට කිසියම් හෝ කරදරයක් මතුවිය හැකි අවස්ථාවකදී රාජ්‍ය බලය ලබාගැනීම සහ එය පවත්වාගෙන යාමට අවශ්‍ය සක‍්‍රීය වැඩපිලිවෙලක් ආරක්ෂක ලේකම්වරයා විසින් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
එහි ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකරන කොළඹ කොටස් වෙළද පොලේ ගැණුම්කරුවෙකු වූ දිලිත් ජයවීර මහතා පසුගිය සතිඅන්තයේ දියතලාවේ පැවති වැඩමුලූවක් අතරවාරයේ ලද විවේකයේදී ඔහුගේ හිතවත්ම මිතුරන් කිහිප දෙනෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබේ. දියතලාවේ පැවති මෙම වැඩමුලූවට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් දිලිත් ජයවීර සහ දම්ම දිසානායක යන මහත්වරුන් සහභාගී කරවාගෙන තිබිණ.

ජනාධිපතිවරයාගේ උදෑසන ව්‍යායාම සංදර්ශනය


ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බවට  පැතිර යන රාවයට පිලිතුරුදීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමරා ශිල්පීන් සමග මේ දිනවල හිමිදිරි පාන්දර ඇවිදීමට පටන්ගෙන තිබේ.
ජනාධිපතිවරයාට මෙම සන්දර්ශන මෙහෙයුම සඳහා උපදෙස් ලබාදී ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාය. ජනාධිපතිවරයා ඊයේ (13) පාන්දරද ඡායාරූප ශිල්පීන් විශාල පිරිසක් සහ මාධ්‍ය නඩයක් සමග ගම්පහ උරුවත්තපාරේ කලූපාලම අසල පිහිටි ව්‍යායාම මන්තීරුවට ගොස් ව්‍යායාම කරන බව හැගවෙන පරිදි කැමරාවලට මුහුණ දුන්හ.

කොලොන්නාව සභාපති පැහැරගෙන යෑමේ උත්සාහයට දුමින්දගේ මස්සිනාත් හවුල්


කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැරගෙන යෑමට දැරූ උත්සාහය පිටුපස පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ මස්සිනා කෙනෙකු සිටින බව මේ වනවිට අනාවරණය වී තිබේ.
දුමින්ද මන්ත‍්‍රීවරයාගේ එක් නැගනිය විවාහව සිටින්නේ වෙලෝනා ව්‍යාපාරයේ හිමිකරුගේ පුත‍්‍රයා සමගය.

ආරක්ෂක ලේකම්වරයා කොලොන්නාව සභාපතිවරයාව පැහැරගෙන යෑමට සුදුවෑන් කල්ලිය යොදවා ඇත්තේ එකී දුමින්ද සිල්වාගේ මස්සිනාගේ ඉල්ලීම මතය. 

ලසන්ත ඝාතනයට පටලවන බව කියා ජෙනරාල්ට එරෙහිව සාක්ෂි අරන්


සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනයට හා රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව භාරව සිටි හමුදා සාමාජිකයන් පිරිසක් පැටලවීමට ආරක්ෂක ලේකම්වරයා දැරූ උත්සාහයක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා සක‍්‍රීය සේවයෙන් විශ‍්‍රාම ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුවද යුද හමුදා සෙබලූන් 10 දෙනෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තමන්ගේ ආරක්ෂාව සඳහා යොදාගත් බවටත්, එම සෙබලූන් රාජ්‍ය පාක්ෂිකභාවයෙන් ඉවත්කිරීමට කටයුතු කළ බවටත් වශයෙන් චෝදනා හතලිස් එකක් යටතේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ආරක්ෂක ලේකම්වරයාගේ බලපෑම් මත නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව ඊයේ (13) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරන භූමියට පැමිණ සිටි හමුදා සාමාජිකයෙකු මේ පිළිබදව තොරතුරු රැසක් නීතීඥයින් පිරිසකට පවසා තිබේ.

වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව චෝදනා පත‍්‍රයක් සැකසේ


වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති, දැනට පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථානයට මාරුකර සිටින පොලිස් පරීක්ෂක එස්.ඒ.ආර්. සමරනායක මහතාට විරුද්ධව උසස් නිලධාරියෙකු දෙනු ලබන වාචික හෝ ලිඛිත නියෝග ඉටු නොකිරීම සම්බන්ධව චෝදනා පත‍්‍රයක් මේ වනවිට පොලිස් මූලස්ථානය තුළ කෙටුම්පත් වෙමින් තිබෙන බව අප වෙත වාර්තා වේ.


වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙසේ චෝදනා පත‍්‍රයක් කෙටුම්පත් වෙමින් පවතින්නේ පසුගිය දා වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ ජනතාව විසින් පොලීසියට අල්ලා භාරදෙනු ලැබූ සුදුවෑන් රථයේ යුද හමුදා මිනිමරුවන් එසැනින්ම ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත නිදහස් නොකිරීම සම්බන්ධයෙනි.

‘‘සුදුවෑන් ගැන හොයන්න ගිහින් තරුපටි ගලවා ගන්න බැහැ’’ බොරැල්ල පොලිස් නිලධාරින් කියයි


පෙරේදා (12) වන දා උදසන බොරැල්ල 34 වත්ත ප‍්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැහැර ගැනුනු ‘මාලූ පි‍්‍රයන්ත’ නැමති අයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂනවල ප‍්‍රගතිය පිළිබදව සොයාබැලීම සඳහා අප බොරැල්ල පොලීසිය හා දුරකථනයෙන් සම්බන්ධ වූ විට නම සඳහන් කිරීමට අකමැති පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ ‘‘සුදුවෑන් ගැන හොයන්න ගිහින් තරුපටි ගලවාගන්න බැහැ. පේනවා නේද වැල්ලම්පිටිය  ඕ.අයි.සී ට වෙච්ච දේ?’’ කියාය.

ඩිපෝ කිහිපයක ලංගම සේවකයෝ වර්ජනයේ - ජයාරූප


නියමිත දිනට වැටුප් ලබා නොදීම, හිඟ වැටුප් ලබා නොදීම වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ කිහිපයක සේවකයින් මේ දිනවල වැඩවර්ජනයක නිරත වෙනවා.

ඩිපෝ රැසක සේවකයින්ට පෙබරවාරි මාසයේ මාසික වේතනය නියමිත දිනට ලැබී නැහැ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සෑම මසකම රුපියල් මිලියන 589 ක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ යුතු වුවත් මේ වන විට ලබාදෙන්නේ රුපියල් මිලියන 223 කට ආසන්න මුදලක් බව ඔවුන් පෙන්වා දෙනවා.

අවිස්සාවේල්ල, ඇඹිලිපිටිය, මහනුවර උතුර, මහනුවර දකුණ, මීගමුව, අම්බලන්තොට, කෑගල්ල යන ඩිපෝ මේ වනවිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙන අතර අම්බලන්තොට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ අද තෙවෙනි දිනයයි.

Share this article with your friends