Chitika Smowtion 468x60


Friday, March 16, 2012

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම - සුනන්ද දේශප්‍රිය


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන සතියෙහි බදාදා හෝ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ජන්දයට ඉදිරිපත් කැරෙනු ඇත.
දැන් සියළුම රටවල් සිය තීරණයන්ට එළඹී අවසාන යැයි කියනු ලැබේ. මා පෙර සතියේ ලියූ පරිදි තවමත් වැඩි වාසිය තිඛෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මතවීමට ය.
යෝජනාවේ හරය වන උගත් පාඩම් කොමිසමේ නිර්දේශ තමන් විසින් දැනටමත් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකාණ්ඩුව පපුවේ දෑත් ගසමින් දිව්රමින් කියන්නේ අප එළෙස කරන බැවින් මේ යෝජනාව මොන එහෙකට ද කියා ය.
එකී උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන්හි ඉතාම වැදගත් හරයක් වන්නේ යහ පාලනය ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමයි. නිදසුනක් මෙසේ ය:

කියන තරමට සිල් රෙද්ද සුදු නැත - ගාමිණී වියන්ගොඩ


රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ ස්ථරවලින් පැමිණයවුන් නිසා, ඒ ඒ අය එම සංසිද්ධිය දෙස බලන ආකාරය ද වෙනස් විය හැකිය. ඒ නිසා, කෙනෙකුට එය 'සාර්ථක' සැමරුමක් විය හැකි අතර තවත් අයට එය 'අසාර්ථක' සැමරුමක් විය හැකිය.
අදාළ වන්නේ, එය නොවේ. රාවය නැමති සංඥාව තුළ එම උත්සවය ගත් තැන කුමක් ද යන්න විමසා බැලීමයි. රාවයේ සංඥාව යනුවෙන් අදහස් කරන්නේ, විසිපස් වසරක් තිස්සේ රාවය පුවත්පත ගොඩනගාගෙන සිටි ප්‍රතිරූපය යි. එම ප්‍රතිරූපය පසුබිමේ පැවැත්විය යුතුව තිබූ විසිපස් වැනි සමරු උත්සවය රටේ පාලකයන්ට ප්‍රමුඛත්වය දෙමින් පැවැත්වීම මගින් එය වඩාත් ඔපවත් වී ද නැද්ද යන්න මහින්ද අබේසුන්දර කෙනෙකුගෙන් විමසීමෙන් පලක් නැත.

මහබැංකු අධිපති ශ‍්‍රී ලංකා මහබැංකුව වාණිජ බැංකුවක් බවට පත්කරයි


රටේ මූල්‍ය ප‍්‍රතිපත්තිය සම්පාදනය කරමින් එකී මූල්‍ය ප‍්‍රතිපත්තිය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනයන් කවරාකාරයෙන් ක‍්‍රියාත්මක කරන්නේද යන්න අධීක්ෂණය කිරීමට සහ රටේ ආර්ථික ඵලදායිතාවය සුරක්ෂිත කිරීමේ අරමුණින් පිහිටුවා තිබෙන ‘මහබැංකුව’ එකී සද්කාර්යන් වලින් බැහැරකරමින් හුදු වානිජ බැංකුවක තත්ත්වයකට ලඝු කිරීමේ ගෞරවය වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා දිනාගෙන සිටි.
ඒ කවරේදයත් ශ‍්‍රී ලංකා මහබැංකුව තමන්ට 0.05% යටතේ අවම පොලියකට නෝර්වේජියානු (නෝර්වේ, ස්වීඩන් සහ පින්ලන්ත) මධ්‍යම බැංකු විසින් ‘ශ‍්‍රී ලංකාවේ දිළිදුකම පිටුදැකීම’ සඳහා ලබාදී ඇති ඩොලර් මිලියන ගණනක් ශ‍්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයාගේ උපදෙස් මත 8% ක 9% ක වාර්ෂික පොලී අනුපාතයකට මූල්‍ය වෙළද පොල වෙත මුදාහැරීම මගිනි.

ජනාධිපතිට දීර්ඝායුෂ පතා මිනිස් බිල්ලක් දීමට යයි


ජනාධිපතිවරයාගේ අපල උපද්‍රව දුරුකොට, භයානක රෝග පීඩා දුරුකර ගැනීම සඳහා කුඹුක්කන් ඔය රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේදී මිනිස් බිල්ලක් දීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම බිලි පූජාව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරෙන අතර ඊට අදාල දුර්ලභගනයේ තෙල්වර්ගයක් ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා මහතාව ඊයේ (15) රාත‍්‍රී මියන්මාරයට යවා තිබේ.

මෙම බිලි පූජාව සඳහා තුන් කුළුදුන් දරුවෙකු අවශ්‍ය බව එකී පූජාව සංවිධානය කරන ඉන්දීය ජාතික පූසාරිවරයෙක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි ඇත.

ගනේගල, කැබිනට් මණ්ඩලය නොමග යැවීමට යළි සැරසේ


‘‘ජනාධිපති මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ’’ ඉදිරි කටයුතු අතපසු කරමින් අමාත්‍ය මණ්ඩලය තුන්වරක් නොමග යැවූ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා සිව්වන වරටත් අමාත්‍ය මණ්ඩලයට නොමග යැවීම සඳහා වූ වැඩපිලිවෙලක් සූදානම් කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
2010 මාර්තු 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනමාධ්‍ය ලේකම් ගනේගලට වසරක් ඇතුලත පහත සදහන් කාර්යයන් නිම කරන ලෙස නියම කරනු ලැබීය.

එම මූලික කාර්යයන් නම්
1.    මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය අවුරුද්දක් ඇතුලත පනතක් මගින් නීත්‍යානුකූලව සංස්ථාපනය කිරීම හා එතෙක් එනම් 2010 මාර්තු 03 දින සිට එක් අවුරුද්දකට යෝජිත තාවකාලික පාලක මණ්ඩලයක් පත් කිරීම.

මෛත‍්‍රීට එරෙහිව ජනපතිගේ මඩ ප‍්‍රහාරය තීව්‍ර වේ


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පුවත්පත් වාර්තා පළකරන ලෙස ජනාධිපතිවරයා දුන් නියෝගය මත, රාජ්‍ය මාධ්‍ය ආයතන පවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වලතා දිනපතා හුවාදක්වමින් ප‍්‍රවෘත්ති හා විශේෂාංග පළකිරීමටත් රජයේ රූපවාහිනී ආයතන හරහා එවැනි ප‍්‍රවෘත්ති විසිරුවා හැරීමටත් දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

මානව හිමිකම් ක‍්‍රියාධරයින්ට එල්ල කරන ප‍්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි. - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් තිදෙනෙකු වන සුනිලා අබේසේකර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප‍්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබදව අවධාරනය කර සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

‘‘මෙම ප‍්‍රහාරයන්ට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඔවුන් සහභාගිවීමත් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම්  පිළිබඳව සිය අදහස් දැක්වීමත්ය. විරුද්ධ මත දැරීමේ අයිතිය ශ‍්‍රී ලංකාවේ පුරවැසියනට ව්‍යවස්ථාවෙන්ම හිමි වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් යාන්ත‍්‍රණයන් සමඟ කටයුතු කිරීම අන්තර් ජාතික වශයෙන් පිළිගැනෙන හිමිකමකි.

මෙම අයිතීන් පාවිච්චි කරමින් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ දේශපාලන නායකනායිකාවන්  ගණනාවක්ම  දශක දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර් ජාතික වශයෙනුත්  රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව දේශීය වශයෙනුත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියහ. ඒ අනුව මෙම මානව හිමිකම් ක‍්‍රියාධරයින්  අතීතයේ දී මෙන්ම වර්තමානයේදී ද කැප වී ඇත්තේ එකම අරමුණක් උදෙසා බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි. 

විමල් පිස්සු කෙලිනවා - ජනාධිපති කියයි


විමල් වීරවංශ අමාත්‍යවරයා කිසිදු විමසීමකින් තොරව කටයුතු කරන බවත්, එය රජයේ කටයුතුවලට බාධාවක් වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (14) රාත‍්‍රියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.


එම කැබිනට් මණ්ඩල රැස්වීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වී නොමැති අතර ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරන්නැයි ඔහු කළ ප‍්‍රකාශය සමහරක් ඇමතිවරුන්ගේ විවේචනයට ලක්වී තිබේ. ‘‘කොහේද ඒ යකා පිස්සු කෙලිනවා’’ යැයි ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කර ඇත.

Share this article with your friends