මීට පෙර අවස්ථාවේ ආදායම් අධිකාරියක් ගොඩනැගීමට එල්ලවූ විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම සංයුක්ත පියවර ඉටුකිරීම සඳහා සැලසුම් සකසා ඇත. එහි ප‍්‍රථම පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200 ක පරිඝනක හා උපාංග රජයේ ප‍්‍රභල ඇමතිවරයෙකුගේ අනුකූලතාවය මත ගෙන්වා තිබේ.
Saturday, March 17, 2012
ආදායම් අධිකාරිය හොර පාරෙන් එයි
පොදුරද කෙලියේ සුලමුල හෙලිවේ
මෙම මුදල් පසුගිය කාලයේ මාධ්‍ය හරහා සිදුකරනු ලැබූ ප‍්‍රශ්න කිරීම් හමුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් හෙළිදරව් කරනු ලැබුවේ මීට අමතරව රුපියල් මිලියන 20,000 ක මුදලක් විඝණනය කිරීමකින් තොරව වියදම් කොට ඇති බව හෙළිදරව් වී තිබේ.
කතරගම මැනික් නිධිය ආරක්ෂක ප‍්‍රධානියෙක් අතේ
තම්මැන්නාව මැණික් නිධිය වෙන්දේසි කළ බව පෙන්වා එහි වටිනාම බිම්කැබලි කිහිපය ආරක්ෂාව බාර ප‍්‍රභලයා විසින් වෙනත් අයෙකු යොදවා අත්පත් කරගෙන තිබේ. ඉන් අනතුරුව එම භූමියේ මැනික් නොමැති බවට මාධ්‍ය මගින් ප‍්‍රචාරයක් ලබාදී ජනතාවගේ අවධානය වෙනස් කිරීමටද සැලසුම්කර ඇත.
මහනුවර රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ වලට මහනාහිමිගේ අප්‍රසාදය
මහනුවර නගරයේ මාර්ග අවහිර කරමින් මුදල් හම්බ කිරීම සඳහා නගරයේ වීදිවල රාත්‍රි කාලයේ මෝටර් රථ "රේස්" පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බව අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ඛිත ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසනවා.
උන්වහන්සේ ඒ බව පවසා ඇත්තේ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා හමුවූ අවස්‌ථාවේදීය.
ලංකාවේ සාමයට බාධා නොකරන්නැයි ලෝකයෙන් ඉල්ලීමක්

මනුෂට හමුවූ අලුත් ජිවන සහකාරිය

මනුෂ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ අතර 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේදී ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට එක්විය.
මනුෂ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී සිසුවෙක් මෙන්ම දක්ෂ මාධ්‍යවේදියෙකුද විය.ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ තොරතුරු රැසක් අප සතුව පැවතුනත් මෙම අවස්ථාවේදී හෙලිනොකොට ඔහුට සුබ පැතීම අපේ අදහසයි.
මනුෂ එම පුවත්පතට ලබා දුන් සාකච්චාව බලන්න පහතින්
ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද

රටටම කැමරාවෙන් මුහුණ පෙන්වා ඊට නොදෙනීම විස්තර කථනයක් පසුබිමින් යොදන දවසේ වැරැද්ද ඔවුන් විසින් සැබෑ ලෙසටම යොදා ගනු මිනිසුන්ගේ "වැරදි පෙන්වා" ඒවා නිවරදිකිරිමටද නැතොහොත් ඔවුන්ගේ පුවත් විකාශයට හොඳ අවස්ථාවක් කරගැනීමටද යන වග නැවතත් සිතා බැලිය යුතුය.
Friday, March 16, 2012
ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම - සුනන්ද දේශප්‍රිය
සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන සතියෙහි බදාදා හෝ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ජන්දයට ඉදිරිපත් කැරෙනු ඇත.
දැන් සියළුම රටවල් සිය තීරණයන්ට එළඹී අවසාන යැයි කියනු ලැබේ. මා පෙර සතියේ ලියූ පරිදි තවමත් වැඩි වාසිය තිඛෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මතවීමට ය.
යෝජනාවේ හරය වන උගත් පාඩම් කොමිසමේ නිර්දේශ තමන් විසින් දැනටමත් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකාණ්ඩුව පපුවේ දෑත් ගසමින් දිව්රමින් කියන්නේ අප එළෙස කරන බැවින් මේ යෝජනාව මොන එහෙකට ද කියා ය.
එකී උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන්හි ඉතාම වැදගත් හරයක් වන්නේ යහ පාලනය ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමයි. නිදසුනක් මෙසේ ය:
Subscribe to:
Posts (Atom)
