Chitika Smowtion 468x60


Sunday, March 18, 2012

වී වෙනුවෙන් ජොනීගෙන් අනූෂට කෝටි 2ක අල්ලසක්


‘වී එෆ් එම්’ නාලිකාව මිලදී ගනු ලැබූ වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එම ගුවන් විදුලි නාලිකාවට වැඩිපුර ගුවන් විදුලි සංඛ්‍යාත (Frequency) දෙකක් ලබාගැනීම සඳහා, විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතාට රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාදීමට සාකච්ඡා කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
වෙළද අමාත්‍යවරයා වෙනුවෙන් එවැනි අල්ලසක් ලබාදීමට සාකච්ඡා පවත්වා ඇත්තේ ඇමතිවරයාගේ සමීපතම ජාවාරම්කරුවෙකුවන ‘මනිලොන්ඩරින් ඩිඩා’ නොහොත් ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහාලේකම් රිස්ලි ඉල්ලියාස් මහතාය. කෙසේ වුවද මේ දක්වා එම යෝජනා සම්බන්ධයෙන් පැල්පිට මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වේ.

ජාතික කෞතුකාගාරයේ කඩුව සොරාගත්තේ බිලිපූජාවට දැයි සැකයක්


කොළඹ ජාතික කෞතුකාගාරය පෙරේදා (16) රාත‍්‍රී කොල්ලකා එහි තිබූ පෞරාණික කඩු පැහැරගෙන ගොස් ඇත්තේ ජනාධිපති වෙනුවෙන් සිදුකෙරෙන බිලිපූජාවක් සඳහා දැයි සාධාරන සැකයක් මතුවී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.


කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මේ වනවිට නිල රාජකාරී කටයුතු සිදු නොවන අතර එය මුලූමනින්ම ජනාධිපතිවරයාගේ බලිතොවිල් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. මේ වනවිට එහි ඉන්දීය පූජකවරුන් පිරිසක් අඛන්ඩ දේවපූජාවක් දින ගණනක් තිස්සේ සිදුකරමින් සිටී.

එම ඉන්දීය පූජකයින් අතරින් එක් පූජකයෙකු පසුගිය බ‍්‍රහස්පතින්දා (15) පස්වරුවේ ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකු සමග කෞතුකාගාර නැරඹීමට ගොස් ඇත. එදින දහවල් සිට ජාතික කෞතුකාගාරයේ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීයව තිබී ඇති බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනයන් හි කෞතුකාගාර විවෘතව තබන බැවින් සිකුරාදා දිනවල කෞතුකාගාරය වසා තබයි. මෙම සොරකම සිදුවී ඇත්තේ එසේ කෞතුකාගාර වසාතැබූ දිනයේදීය. 

ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයෙකුට නිලවාහන 10 ක් !


ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයෙකුවන කිත්සිරි අබේගුණවර්ධන මහතාට රජයේ වාහන 10 ක් වෙන්කර දී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ලිපි ගොනුවලින් තහවුරු වේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය හා මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවලින් මෙම වාහන අනුයුක්ත කොට ඇත්තේ රියදුරන්ද සමගය.
මෙම වාහනවලට ඉන්ධන සීමාවකින් තොරව ලබාදීම සඳහාත් එම වාහනවල රියදුරන් සඳහා අතිකාල දීමනාද සීමාවකින් තොරව ලබාදීමටත් කටයුතු කර තිබේ.

ගොවීහු නව සටන් මගකට


පසුගිය දින ගණනාවක් සිටම ගොවීහු තම වී අස්වැන්න සදහා සාධාරණ මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණවල නිරතවෙමින් සිටිති.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකදීම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි. එහි බලපෑම හේතුවෙන් වෙළද අමාත්‍යවරයාට ගොවිබිම් කරා ගොස් විවිධ පොරොන්දු ලබා දීමටද සිදුව තිබිණි.

ආමාත්‍යවරයා එසේ විවිධ පොරොන්දු ලබා දුන්නද තම වී අස්වැන්න රුපියල් 18කටවත් විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවීහු එක්වී 
පෙරේදා (16) අනුරාධපුර, එප්පාවල නගරයේදී පෙත්සමකට අත්සන් ගැනීම ආරම්භ කළහ. මෙය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ම්ණ්ඩල සභීක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ජනතා විමුක්ති පෙරමුණේ තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාදාස සූරිය ආරච්චි මහතාද සහභාගීවී සිටියහ.

කහවත්තේ මව හා දියණිය ආරුඪයෙන් මිනීමරුවන් හෙළි කරයි


කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ නිවෙස් වල ගම්වාසීන් කුපිත වී ගිනිතබන අවස්ථාව වන විට සැකකරුවන්ගේ පවුලේ ඥාතීන් විසින් කඩුවෙල රණාලේ නිවසක් තුල මළගිය ප්‍රාණකාරයින් ගෙන්වන අයකු ලවා ඝාතනයට ලක් වූ මව හා දියණිය ආරූඩයෙන් ගෙන්වා ඝාතනයේ සුලමුල අසමින් සිට ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ඇත.

මෙම ඝාතනයේ ප්‍රධාන සැක කරුගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගේ රණාලේ පිහිටි නිවසේ දී මෙම කටයුත්ත සිදු වී ඇතැයි ද හෙලි වී තිබේ. ඉකුත් 7 දා රාත්‍රියේ සිට මෙම නිවසේ සිට මළවුන් ගෙන්වන කාර්යය සිදුකරගෙන යන වෙලාව තුල දී කහවත්තේ වැසියන් විසින් සැක කරුවන්ගේ නිවෙස් වලට ගිනි තබා තිබිණි.

කහවත්ත කොටකෙතනේ දී ඝාතනයට ලක් වූ නයනා නිල්මිණී (51) හා කාවින්ද්‍යා චතුරංගි (18) යන යන මව හා දියණියව ආරූඩයෙන් ගෙන්වා ඇති අතර ඔවුන් ඝාතනය වූ ආකාරය එකිනෙකට ආරූඪයෙන් කියද්දී අදාල ප්‍රාදේශීය දේශපාලකයා සහ කිහිපදෙනෙකු හිමින් සීරුවේ එතැනින් නැගිට ගොස් තිබූ බවට ද පරීක්ෂණ කණ්ඩායම් වෙත තොරතුරු ලැබී ඇත.

මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා


කොළොඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් අද පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය.වේයන්ගොඩ ප්‍රදේශයේදී දුම්රියෙන් බැසීමට පා පුවරුවට ගොඩ වූ අවස්ථාවේදී එම පාපුවරුව කඩාගෙන වැටීම හේතුවෙන් තරුණයා දුම්රියෙන් ඇද වැටි ඇත.

දුම්රියට හසු වීමෙන් අනතුරුව ඔහුගේ දෙපා ශරීරයෙන් වෙන්ව තිබුන අතර අනතුරෙන් පසුව තමා වටා එක්වූ පිරිසගෙන් තරුණයා විමසා ඇත්තේ තමාගේ කකුල් කැඩී ඇත්දැයි යන වගයි.ඉන්පසු තමා දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්න ලෙසත් ඔහු රැස්ව සිටි පිරිසට කියා ඇත.

Saturday, March 17, 2012

ආදායම් අධිකාරිය හොර පාරෙන් එයි


ශ‍්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් ආයතනයක් යටතට පත්කර ආදායම් අධිකාරියක් ගොඩනැගීමේ කටයුත්ත පියවර කිහිපයක් ඔස්සේ නැවත ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බවට වරාය අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර අවස්ථාවේ ආදායම් අධිකාරියක් ගොඩනැගීමට එල්ලවූ විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම සංයුක්ත පියවර ඉටුකිරීම සඳහා සැලසුම් සකසා ඇත. එහි ප‍්‍රථම පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200 ක පරිඝනක හා උපාංග රජයේ ප‍්‍රභල ඇමතිවරයෙකුගේ අනුකූලතාවය මත ගෙන්වා තිබේ.

පොදුරද කෙලියේ සුලමුල හෙලිවේ


2018 පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රිඩා උළෙල හම්බන්තොටට ලබාගැනීමට රාජපක්ෂ ආණ්ඩුව යෙදු මුදල මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී. ක‍්‍රීඩා උළෙල ලබාගැනීම සඳහා පැවති උත්සවයට සහභාගී වීමට හා එය සංවිධානය කිරීමට රුපියල් කෝටි 88ක් වියදම් කොට තිබූ අතර මීට අමතරව මිලියන 7.2 ක මුදලක් ක‍්‍රීඩා පිටි ඉදිකිරීමට යොදවාගෙන තිබේ.
මෙම මුදල් පසුගිය කාලයේ මාධ්‍ය හරහා සිදුකරනු ලැබූ ප‍්‍රශ්න කිරීම් හමුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් හෙළිදරව් කරනු ලැබුවේ මීට අමතරව රුපියල් මිලියන 20,000 ක මුදලක් විඝණනය කිරීමකින් තොරව වියදම් කොට ඇති බව හෙළිදරව් වී තිබේ.

Share this article with your friends