Chitika Smowtion 468x60


Tuesday, March 20, 2012

සිව්වන ඇඩික් කෙටි චිත‍්‍රපට තරඟයේ ජයග‍්‍රාහකයින්ට තෑගි


මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් සිව්වැනි වරටත් සංවිධානය කළ ඩිජිටල් කෙටි චිත‍්‍රපට තරඟයෙහි ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී සිදුවිය.

"තාමත් ඇල්කොහොල් ෆන් කියලා කියන අය දැක්කම හිනා යන්නේ ඇයි" යන මාතෘකාව යටතේ තත්පර 45ට අඩු චිත‍්‍රපට 508ක් එම තරඟය සඳහා ඉදිරිපත් කොට තිබිණ. 


ඒ අතුරින් හොඳම කෙටි චිත‍්‍රපට 25 ක් තෝරාගනු ලැබූ අතර, එම නිර්මාණකරුවන්ට ත්‍යාග පිරිනමනු ලැබිය.


තරඟයේ පළමු ස්ථානය දිනාගත් පැතුම් අසංක හට ස්වීඩනයේ සති දෙකක සංචාරයක යෙදෙමින් කෙටි චිත‍්‍රපට පුහුණුවක් ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

එම අවස්ථාවේ ජයාරූප එකතුව බලන්න පහතින් 

නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන ලක්‍ෂ 250 ක කප්පමක් ඉල්ලයි


ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ ලක්ෂ 80 කට ආසන්න සන්තෝසමක් ලබාගන්නා පුවතක් මීට පෙර අප විසින් ඉදිරිපත් කළා. 

ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝග පවා නොසලකාහරිමින් සරණ ගුණවර්ධන අමාත්‍යවරයා මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන බවයි එම ලිපියෙන් කියවුනේ.

මෙ අතර මන්ත්‍රී සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් ලක්‍ෂ 250 ක කප්පම් මුදලක්‌ ඉල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුද තර්ජනය කර තිබෙනවා. 

ජිනීවා අවසන් ප්‍රතිපලය ගැන ජ්‍යොතිෂවේදීන් හෙළිකරයි.


ජිනීවා හි මානව හිමිකම් සමුළුව්ව අවසානයේ ලංකාවට සිදුවන්නේ කුමක්දැයි යන්න ජ්‍යොතිෂවේදීන් කීපදෙනෙක් පසුගියදා පුවත්පතකින් හෙළිකර තිබුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ අදහස්.

රවී සඳු බලවත්වී ජිනීවා කටවල් වැහෙනවා
නාත්තන්ඩියේ පී.ඩී පෙරේරා
ශ්‍රී ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ බුධ නීචව අස්තව වක්‍රව පෙබරවාරි 27 වනදා සිට ගමන් ගැනීමෙන් ඇතිවූ නරක කතාබහ මාර්තු 22 වනදා අලුයම බුධ සමඟ රවී සඳු යුරේනස් එක්වීමෙන් බුධගේ ශක්තිය දුර්වල කර ඉස්මතුවීම නිසා ජිනීවා ප්‍රශ්නය නොසිතූ අතකට යොමුවීමෙන් මානව හිමිකම් සමුළුවේ මතය ලංකාවට වාසිදායක වන්නට විශාල ශක්තියක් වෙනවා.

ජ'පුර සිසුන් අන්‍යාගමිකරණය කලැයි 4 දෙනෙක් පොලීසියට


පසුගිය 18 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් අන්‍යාගමිකරණය කිරීමේ වැඩ පිළිවෙලක යෙදී සිටි බවට චෝදනා කරමින් හතර දෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව මිරිහාන පොලීසියට බාරදුන් බව වාර්තා වෙනවා.

ඔවුන්ට විරුද්ධව CIB03.284/190 2012.3.18 යන පැමිණිලි අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර බෞද්ධ තරුණ, තරුණියන් ඉලක්ක කරගෙන අන්‍ය ආගම්වලට හැරවීමේ වැඩපිළිවෙලක් බව අල්ලාගත් පිරිසගෙන් අනාවරණය වූ බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් සතුව තිබුන පත්‍රිකා පහතින් දැක්වේ.


බැසිල්ගේ පුතාගේ විවාහයට ඇමතිවරු තුන්දෙනයි


ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ පුතු වන අසංක රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපදයේදී සිදුවූ විවාහය පිලිබඳ පසුගියදා අප ලිපියකින් හෙළි කළා.

අසංක රාජපක්ෂ මහතාගේත් ඔහුගේ බිරිඳ ශාක්‍යාගේත් විවාහයේ දෙවැනි ගමන පසුගිය බ්‍රහස්පතින්දා (15) පැවැත්වුනේ කොළොඹ හිල්ටන් හෝටලේදිය.

මෙම විවාහයට ආරාධනා ලබා තිබුනේ ඇමතිවරුන් තිදෙනෙකු පමණි.ඒ මර්වින් සිල්වා, මෛත්‍රිපාල සිරිසේන, අතාවුද සෙනෙවිරත්න යන ඇමතිවරුන් තිදෙනායි.

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝටලයට ඇතුළුවන විට මර්වින් සිල්වා විසින් සම්පුර්ණයෙන් බිම දිගාවී ජනපතිට වැඳ වැටි පිළිගෙන ඇත.

අසංක - ශාක්‍යා ගේ විවාහයේ ජායාරුප කිහිපයක් බලන්න පහතින්  

ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි


ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතා හදිසියේම ඊයේ (19) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව ‍රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඔහු මියගොස් ඇතිබව වාර්තා වේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ‘මෂ්රෙක්’ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 175 ක ණයක් ගැනීමට භාණ්ඩාගාර ඇපකර


ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ‘මෂ්රෙක්’ (Mashreq) බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 175 ක ණයක් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර ඇපකරයන් (Treasury Guarantee) නිකුත්කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. අවුරුදු 4ක කාලයක් තුළ ආපසු ගෙවීමේ පදනම යටතේ මෙම මුදල ලබාගැනීමටද තීරණය වී ඇත.
මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘මෂ්රෙක්’ (Mashreq) බැංකුව ණය පහසුකම් සපයන්නෙකු ලෙස හඳුන්වාදී ඇත්තේ ලංකා බැංකුව විසිනි. මෙම ණය මුදල ලබාගැනීමේ අතරමැදියා ලෙස කටයුතු කොට ඇත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ සහ සජින්වාස් ගුණවර්ධන යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාය.

ගහෙන් වැටුනු මිනිහාට ජාලිය අනී.


ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතාගේ තකතීරු ක‍්‍රියාකළාපයන් නිසා එරට රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු දිනෙන් දින අවුලෙන් අවුලට පත්වෙමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනපදය තුල වෙසෙන  ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ සාධාරන දුක්ගැනවිල්ලක් තමන් හමුවට ඉදිරිපත් කරන ලෙස සැමවිටම සඳහන් කරන ශ‍්‍රී ලංකා තානාපතිවරයා එසේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු රාජ්‍යතාන්ත‍්‍රික පොලීසිය වෙත භාරදුන් ආකාරය පිලිබද පුවතක් එම තානාපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

Share this article with your friends