Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

මර්වින්ගේ පුත් මාලක සිල්වා දේශපාලනයට?


බොහෝ දෙනා බලාසිටින්නේ මර්වින් සිල්වාගේ දේශපාලන ගමනේ අවසානය ගැනය.මර්වින්ට එරෙහිව කැලණියෙන්ම කැරැල්ලක් මතුවූ විට ඇතැමෙක් කිවේ මෙයනම් "මර්වින්ගේ අවසානයි" කියාය.

නමුත් අළු දුලි ගසා දමා මර්වින් යලිත් නැගිට තිබේ.වැසි තිබුණු කට නැවතත් ඇරි තිබේ.ඒ අතරම පළමු වතාවට තමාගේ පුතා වන මාලක සිල්වා දේශපාලන රැස්වීමකදී ජනතාවට හදුන්වා දීමද සිදුකරන ලදී.

මර්වින්ට අනුව මර්වින්ගෙන් පසුවත් කැලණියට නම් නිදහසක් නැත.ඉන්පසු උදාවන්නේ මාලක සිල්වාගේ කාලයයි.ඒ සඳහා මර්වින් කියුවාක් මෙන් "මම වගේ කොල්ලෙක්" මර්වින් විසින් හදා ඇත.

ඩිල්ෂාන්ට ඇති චෝදනාවට මංජුලාගේ ප්‍රතිචාරය

2009 දී එංගලන්තයේ පැවති විස්සයි-විස්ස තරඟාවලිය අතරතුරදී ඩිල්ෂාන් සමග සමීප ඇසුරක් පැවති බව බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා පැවසීමත් සමඟ ඩිල්ෂාන්ගේ ඩිල්ෂාන්ගේ බිරිඳ වන ජනපි‍්‍රය නිලි මංජුලා තිළිණි ඒ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඇය කියා සිටින්නේ මතයක් ප්‍රකාශ කරන්න තරම් මෙම ආරංචිය ඇයට වැදගත් නොවන බවයි.

"ඩිල්ෂාන්ට ආව පළමුවැනි චෝදනාව මේක නෙමෙයි. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ චරිතවලට අසත්‍ය චෝදනා නගන්න කාටත් පුළුවන්. කාලයක් මටත් ඔයවගේ චෝදනා ගොඩක් ඇවිත් තිබුණා. මේක සාමාන්‍ය දෙයක්. මතයක් ප්‍රකාශකරන්න තරම් මට නම් ඕක වැදගත් දෙයක් නෙමෙයි." යනුවෙනි

නායකත්ව පුහුණුවේ සැඟවුණු පැතිකඩ එස්.බි හෙළිකරයි


නායකත්ව පුහුණුවෙන් සිසුන් 553 ක් ආබාධයට ලක්වෙලා  

පේරාදෙණිය සිකුරිටි ගංජා බෙදනවා 

"රක්නා ලංකා" ළමයින්ගේ නිදහස සිමා කරනවා 
    විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහන අතරතුරදී සිසුන් 553 දෙනෙක් ආබාධයන්ට ලක් වූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

    එහිදී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින් එතුමා කියා සිටියේ සිසුන් 294 දෙනෙක් උණ රෝගයට ගොදුරු වූ බවද, සිසුන් හයදෙනෙක් බෝවන රෝගවලට ගොදුරු වූ බවද ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකු අස්ථි බිඳීමට ලක් වූ බවද දිසානායක මහතා කීය. සිසුන් විසි දෙනෙකු උදරාබාධයන්ට ලක්වූ බවද තවත් 231 දෙනෙකු තවත් සුළු ආබාධයන්ට ගොදුරු වූ බවද දිසානායක මහතා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා

    විදේශ අමාත්‍යාංශය ප‍්‍රතිසංවිධානය කරන ලෙස ගෝඨාගෙන් ඉල්ලීමක්


    ජිනීවා සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට පරාජයක් අත්වීමට බලපෑ මූලිකම හේතුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දුර්වලතාවය බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිගමනය වී ඇති අතර ඒ අනුව විදේශ අමාත්‍යාංශය මුලූමනින්ම ප‍්‍රතිසංවිධානයට ලක්කල යුතු බව ඔහු ඊයේ (23) දහවල් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.
    ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් රටජාතිය වෙනුවෙන් කොතරම් වැඩකොටසක් ඉටුකළද විදේශ අමාත්‍යාංශයේ දුර්වලතාවයන් නිසා දවසින් දවස ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත්වෙමින් තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැහැදිලි කර ඇත.

    ඩලස්ගේ ‘සිංහ කොඩි මෙහෙයුම’ හාස්‍යයට ලක්වේ


    ඇමරිකානු බලවතා ඉදිරියේ ජිනීවා මානව හිමිකම් සමුලූවේදී ශ‍්‍රී ලංකාව ‘හොද සටනක්’දී ඇමරිකාවට අභියෝග කිරීම සමරමින් දින 7ක් පුරා සෑම ස්ථානයකම ජාතික කොඩි ඔසවා තබන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙරේදා (22) කළ ප‍්‍රකාශය ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේම හාස්‍යයට ලක්වී තිබේ.
    රජයේ හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩි උසවා තබන ලෙසත්, සෑම නිවසකම වාහනයකම ජාතික කොඩි සවිකරන ලෙසත් අලහප්පෙරුම අමාත්‍යවරයා මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඇමතිවරයා එම ඉල්ලීම සිදුකොට ඇත්තේ ජනාධිපතිවරයාගේ අදහසක් අනුවය.

    ජනීවා සමුලූවේදී ‘එක ලකුණකින්’ පමණක් පරජය වී ඇතැයි කියමින් තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු, ‘‘මහ එකා කීවත් අපිනම් කොඩි දාන්නේ නැතැයි’’ පවසා තිබේ.

    හිමිවරුන් දෙනමගේ ඝාතනයට ‘කඩු’ සම්බන්ධ නොකරන්නැයි බලපෑම්


    කෝට්ටේ රජමහ විහාරයේ හිමිවරු දෙනම ඝාතනය පෞරාණික කඩුවක් සොරාගැනීමට යාමේදි සිදුවූවක් බවට පුවත්පත්වල පළවී ඇති වාර්තා සොයාබලා, එවැනි තොරතුරු මාධ්‍යවලට ලබාදුන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් වහාම අවශ්‍යපරිදි කටයුතු කරන ලෙසත්, එම පුවත් වාර්තා වහාම නිවැරදි කරන ලෙසත් ජනාධිපතිවරයා, කොළඹ දිසාවභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට නියෝග කර තිබේ.
    දුටුගැමුණු රජුගේ කඩුව සෙවීමේ මෙහෙයුමක නිරතව සිටින රාජ්‍ය අනුග‍්‍රහය ලබන සංවිධානාත්මක පිරිසක් ජාතික කෞතුකාගාරය බිඳ කඩු රැගෙන ගිය පරිදිම, කෝට්ටේ රජමහ විහාරස්ථානයේ තිබෙන පෞරානික කඩු රැගෙන යෑමට පැමිණි දෙදෙනකු එහි හිමිවරුන් දෙදෙනා ඝාතනය කර ඇතැයි මේ වනවිට රටතුල විශාල ආන්දෝලනයක් මතුවී තිබේ.

    අර්ථසාධකයේ වංචාවක් - වත්කම් අනතුරේ


    ආණ්ඩුවේ ප‍්‍රභලයෙකුගේ ලේකම්වරයෙකු සිදුකළ සේවක අර්ථසාධක අරමුදල් ගිනුමේ මූල්‍ය වංචාවක් හේතුවෙන් අරමුදල සතු කොටස් වෙළද පොල වත්කම් පෞද්ගලික සාමගමකට හිමිවෙමින් තිබේ.
    එයිට්කන් ස්පෙන්ස් සමාගම කොටස් වෙළදපොල සතු තම වත්කම් දිගින් දිගටම විකුණා දමමින් තිබේ. එම කොටස් අතර ඊ.පී.එෆ් අරමුදලේ 5% කොටස්ද විදේශ සමාගමකට විකුණා ඇත. කොටස් රුපියල් 115 බැගින් වූ කොටස් මිලියන 20.5ක් අදාල විදේශ සමාගමට විකුණා ඇත. එම ගණුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 2.36 කට ආසන්න වේ.

    ජනපති රාජාසනේ ඉන්නකන් මම ඉන්නවා - මර්වින්


    තමුන්නාසේලා එක රැස්වෙලා කියන්න උඹ පලයන් මර්වින් කියලා - එදාට මම යනවා


    කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විසින් මර්වින් සිල්වා වෙත දුෂණ චෝදනා එල්ල කල විට දිගු කලක් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා අද දිනයේ තමාගේ ඇමති ධුරය සහ ආසන සංවිධායකකම පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වුවා.

    එතුමා මෙම අදහස් පල කලේ කිරිබත්ගොඩ නගරයේදී පවතී විරෝධතා රැලියකට සහභාගී වී සිටියදීය. එහිදී මර්වින් සිදුකල කතාව පහතින් බලන්න

    Share this article with your friends