Chitika Smowtion 468x60


Sunday, March 25, 2012

ෂහිඩ් අෆ්රිඩි ගෙන් ක්‍රීඩා ලෝලියෙකුට ගුටි සංග්‍රහයක්


පසුගියදා පැවැත්වූ ආසියානු කුසලානය හිමිකරගත්තේ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමයි.එහිදී දක්ෂතා පෙන්වූ ෂහිඩ් අෆ්රිඩි තරඟයේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.

පසුගියදා ඔවුන් නැවතත් පකිස්තානය බලා පැමිණි අතර එහිදී මාධ්‍යය ඇමතු ෂහිඩ් බංගලාදේශයේ ක්‍රිකට් කණ්ඩායම අගය කිරීමටත් අමතක කලේ නැහැ.ෂහිඩ් ගේ ක්‍රීඩා ලෝලීන් ඔහුව වටකරගෙන සිටි අතර ෂහිඩ් තමාගේ මෝටර රථය දෙසට පැමිණීමේදී රසිකයන්ගේ තෙරපීමට හසුව ෂහිඩ් ගේ තුන් හැවිරිදි දියණිය බිමට අද වැටි තිබෙනවා.

කටුගේ කඩු සොරකම සෙවීම යට ගහලා


ජාතික කෞතුකාගාරයේ පෞරාණික කඩු සොරා ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු මේවනවිට අඩා වී ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය චෝදනා කරයි. කෞතුකාගාරයේ ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන හෙයින් එහි ආරක්ෂාව වැඩි කරන්නයි තමා දිගින් දිගටම අදාළ බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද ඒ පිළිබඳව නොසලකා හැරීම නිසා මෙම සොරකම සිදු කළ පුද්ගලයන්ට වාසි සහගත වූ බව ඇය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පවසා තිබේ.
කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරියට අනුව මෙම සොරකම වූ දිනයේ ද ආරක්ෂක කැමරා පද්ධතිය හොඳින් ක‍්‍රියාත්මක වී තිබේ. ඇය මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ එහි දත්ත සටහන් වීඩියෝ පටය පොලිස් පරීක්ෂණ සඳහා ලබා දී ඇති බවයි. 

අනූෂගේ රෝහල් ගාස්තු ගෙවීමට ජොනි ඉදිරිපත් වේ


හදිස්සියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නාරාහේන්පිට ඇපලෝ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වීමත් සමඟ ඊට අදාළ රෝහල් ගාස්තු ගෙවීමට වී.එෆ්.එම්. නාලිකාවේ අධ්‍යක්ෂ රිස්ලි ඉල්ලියාස් නොහොත් ‘මනිලොන්ඩරින් ඩිඩා’ මහතා ඉදිරිපත්වී තිබේ.
ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහලේකම්වරයාද වන මනිලොන්ඩරින් ඩිඩා මහතා මේවනවිට ව්‍යාපාරික කටයුත්තක් සඳහා වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සමඟ මැලේසියාවට ගොස් සිටින අතර, ඔහු වෙනුවෙන් ඇපලෝ රෝහලට ගොස් බිල් ගෙවීමට ඉදිරිපත් වී ඇත්තේ වී.එෆ්.එම්. නාලිකාවේ ප‍්‍රධානියෙකු වන ඩිල්ශාන් හසන් නැමැත්තාය. 

පොල්ගසා පලි ගැසූ හතරක් අත්අඩංගුවට ගනී


මැණික් ඉල්ලමක මතු වූ කතරගම තමන්ගේ ඉඩකඩම් ව්‍යාපාරිකයින්ට විකුණා දැමූ අයගේ අත්පා කැඞීයන්නයි සාප කරමින් කඩවර දෙවියන් හමුවේ පොල් ගැසූ පුද්ගලයන් සිව්දෙනකු කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයාගේ අතක ආබාධයක් ඇති වූයේ මෙම පොල් ගැසීමෙන් හෝ සාපයෙන් බවට ජනාධිපති ජෝතිශ්‍යවේදීයකු කළ ප‍්‍රකාශයක් හමුවේ බලවත් සේ කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා, එසේ පොල් ගැසූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නයි කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත. 

වැන්දඹු වූ උතුරේ කාන්තාවන් ගණිකා වෘත්තියට ඇද වැටිලා


ගණිකා වෘත්තියෙන් සිය ජීවිකාව සපයා ගැනීම හැර යුද්ධය හේතුවෙන් සිය සැමියන් හා පුතුන් අහිමි වූ උතුරු නැගෙනහිර කාන්තාවන්ට වෙනත් ජීවනෝපාය මාර්ගයක් ඉතිරි වී නැතැයි ධීවර සහයෝගිතා සංවිධානය පෙන්වා දේ. එම ව්‍යාපාරයේ ගීතා ලක්මිණී මහත්මිය පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර කාන්තාවන් 85,000කට වැඩි පිරිසක් යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවටය පත්වී ඇති බවයි.
මෙම යුද්ධයෙන් වැන්දඹු භාවයට පත් කෙරෙනු කාන්තාවන් උදෙසා රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව ඇය සඳහන් කරයි. 

නිර්මලාට "හඬ" ලබාදීමට දායක වූ ඔබට ස්තුතියි!


පසුගිය 12 වනදා අප ලිපියක් පලකොට සිටියේ නිර්මලා වසන්ති කුමාරි නම් යුවතියට "හඬක්" ලබාදීමට අවශ්‍යය සැත්කමට අවශ්‍යය මුදල් එක් රැස්කිරීමට සුළු හෝ ආධාරයක් දෙන ලෙසයි. ඒ අනුව බොහෝ දෙනා අපව අමතා කියා සිටියේ නිර්මලාට ඔවුන් උපකාර කල බවයි.

මුද්‍රිත මාධ්‍යක් ලෙසින්ම මුලින්ම මෙම පුවත පලකලේ ඉරිදා දියින වන අතර ඉන් පසුව ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයද නිර්මලාට උදව්කිරීමට ඉදිරිපත්ව ඇත.

Saturday, March 24, 2012

මර්වින්ගේ පුත් මාලක සිල්වා දේශපාලනයට?


බොහෝ දෙනා බලාසිටින්නේ මර්වින් සිල්වාගේ දේශපාලන ගමනේ අවසානය ගැනය.මර්වින්ට එරෙහිව කැලණියෙන්ම කැරැල්ලක් මතුවූ විට ඇතැමෙක් කිවේ මෙයනම් "මර්වින්ගේ අවසානයි" කියාය.

නමුත් අළු දුලි ගසා දමා මර්වින් යලිත් නැගිට තිබේ.වැසි තිබුණු කට නැවතත් ඇරි තිබේ.ඒ අතරම පළමු වතාවට තමාගේ පුතා වන මාලක සිල්වා දේශපාලන රැස්වීමකදී ජනතාවට හදුන්වා දීමද සිදුකරන ලදී.

මර්වින්ට අනුව මර්වින්ගෙන් පසුවත් කැලණියට නම් නිදහසක් නැත.ඉන්පසු උදාවන්නේ මාලක සිල්වාගේ කාලයයි.ඒ සඳහා මර්වින් කියුවාක් මෙන් "මම වගේ කොල්ලෙක්" මර්වින් විසින් හදා ඇත.

ඩිල්ෂාන්ට ඇති චෝදනාවට මංජුලාගේ ප්‍රතිචාරය

2009 දී එංගලන්තයේ පැවති විස්සයි-විස්ස තරඟාවලිය අතරතුරදී ඩිල්ෂාන් සමග සමීප ඇසුරක් පැවති බව බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා පැවසීමත් සමඟ ඩිල්ෂාන්ගේ ඩිල්ෂාන්ගේ බිරිඳ වන ජනපි‍්‍රය නිලි මංජුලා තිළිණි ඒ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඇය කියා සිටින්නේ මතයක් ප්‍රකාශ කරන්න තරම් මෙම ආරංචිය ඇයට වැදගත් නොවන බවයි.

"ඩිල්ෂාන්ට ආව පළමුවැනි චෝදනාව මේක නෙමෙයි. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ චරිතවලට අසත්‍ය චෝදනා නගන්න කාටත් පුළුවන්. කාලයක් මටත් ඔයවගේ චෝදනා ගොඩක් ඇවිත් තිබුණා. මේක සාමාන්‍ය දෙයක්. මතයක් ප්‍රකාශකරන්න තරම් මට නම් ඕක වැදගත් දෙයක් නෙමෙයි." යනුවෙනි

Share this article with your friends