Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

මරියතුමියගේ රූපය මතුවූ බව කියන ජේසුතුමාගේ පිළිමය


දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ආගමික භක්තිය වැඩිවන සිද්ධීන් පසුගිය කාලයේ වාර්තා වුණා.

බුදුපිළිම වලින් බුදුරැස් විහිදෙන බව පවසමින් මීට ටික කලකට පෙර බොහෝ දෙනා පොරකමින් බුදු පිළිම දෙස බලා සිටි අතර මරියතුමීගේ දේව ප්‍රතිමා වලින් කඳුළු ගලනා සිද්ධීන්ද වාර්තා වුණා.

මේ අතර නවතම සිද්ධිය වාර්තා වන්නේ හැඳල, නායකකන්ද දෙව්මැදුරින්.

එහි අල්තරයේ ඉහලින් ඇති කුරුසියේ සිටින ජේසු තුමාගේ ශරීරයේ මැද හරියේ මරිය මව්ගේ මුහුණේ චායාවක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.


ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදු ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි - අයි.එප්.ජේ.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට රුහැණිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලික ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදු ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ( අයි.එප්.ෙජ්./ජා.ජා.ස) සිය දැඩි කණගාටුව පළ කරයි.
පසුගිය මාර්තු 22දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවෙහි දීර්ඝ කාලීන යුදධයේ අවසන් භාගයේ දී සිදු වූ පෘතූල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරමින් සහ රටෙහි ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සාමය ඇති කිරීම සඳහා ප්‍රතිසංධානය සඳහා වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් වූ යෝජනාව සම්මතවීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත විය.

ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කළ ඉරාන නැව් මෙන්න


ඉරාන රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කර ඇති වාණිජ නැව් 04ක් සහ දැනට ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින තවත් නැව් 03ක් පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වී තිබේ.
ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාදකවලින් බේරීම සඳහා මෙම ඉරාන නැව් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය මත ශ‍්‍රී ලංකා වෙළඳ නැව් කාර්යාංශය විසින් ශ‍්‍රී ලංකා ධඡය යටතේ ලියාපදිංචි කර තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය මත එසේ ලියාපදිංචි කළ නැව් 04 පහත සඳහන් පරිදි වේ.

කල්ලඩි පාලම ඉදිකිරිමේ කොන්ත‍්‍රාත්තුවත් බැසිල්ගේ හිතවතෙකුට


නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කල්ලඩි පාලම ඉදිකිරීමේ උප කොන්ත‍්‍රාත්තුව මාගා ඉංජිනියරින් ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත පවරා දීමට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කටයුතු කරමින් සිටියි.
මාගා ආයතනයේ ප‍්‍රධානී කපිතාන් කුලරත්න මහතා බැසිල් රාජපක්‍ෂ මහතාගේ සමීපතම ව්‍යාපාරික මිතුරකු වන අතර, මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අදාළ මූලික කටයුතු සඳහා පමණක් ඉදිකිරිමේ කොන්ත‍්‍රාත් මුදලින් 5%ක අත්තිකාරම් මුදලක් ඇමතිවරයා විසින් ලබා ගෙන තිබේ.

උතුරේ අවතැන්වූවන් සඳහා වන සහන ව්‍යාපෘති ජුලි මාසයෙන් අවසන්


උතුරේ පළාතේ අවතැන්වූවන් හට පවත්නා ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා 2007-06-01 දින සිට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ කාර්යාලයේ අනුග‍්‍රහය ඇතිව නැවත පදිංචි කිරීම හා එම අයගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපෘතිය 2012-06-30 වැනි දිනෙන් අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳව මහකොමසාරිස් කාර්යාලය නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමග ඇති කරගත් එකගතාවයන්ට අනුව එම කාර්යාලයේ මූල්‍ය අනුග‍්‍රහය යටතේ, අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, යහපත් දිවිපෙවතක් ලබා දීම හා අනෙකුත් පහසුකම් සැපයීම සඳහා සම්බන්ධීකරණය සහ ඉටුකිරීම පිණිස පවත්වාගෙන යනු ලැබීය. මෙම ව්‍යාපෘතිය මගින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම පිළිබඳ දත්ත එක්රැස්කොට විශ්ලේෂණය කොට මාසික ප‍්‍රගති වාර්තා සකසා එම වාර්තා ජාතික මට්ටමට සහ අවතැන්වූවන්ට සහන සැලසිය හැකි ආයතනවලට ලබා දීමද සිදු කෙරිණ.

සිරස සුසාරට දිනෙන් දිනම ඇණයක් වෙන මධූ


බදින්න ඉස්සෙලත් මෙහෙම වාතයක් වෙනව නම්....
අවුරුද්දක්වත් පවුල් කන්න වෙන්නෑ...
ඒක ෂුවර්.....සුසාර.

ලංකාවේ අංක එකේ රූපවාහිනිය වන ‘සිරස’ නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී ‘මහනාමේ සූරසේන’ නොහොත් සුසාර දිනාල් ඔහුගේ අනියම් පාර්ශ්වයවන මධූ බෝගහවත්තට ලඟදීම නැවතීමේ තිත තැබීමට යන බවක් වාර්තා වේ.

මේ වනවිට දිසාඅධිකරණයේ විභාග වෙමින් පවතින සුසාරගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාද නඩුව අවසන් වූ වහාම මධූව විවාහ කරගැනීමට සුසාර පොරොන්දුවී ඇති අතර මධූගේ ක‍්‍රියාකළාපය දිනෙන් දිනම සුසාරට ඇණයක් වෙමින් පවතින බව වාර්තා වේ.


මගේ දිවි ගැලවුවේ ජනපති - ජීවන්ගේ මස්සිනා


මගේ බෙල්ලෙන් අල්ලගෙන තල්ලුකරගෙන ගියා... 
කෑගහන්න උත්සාහ කළාම කට වහලා මට ගැහුවා... 

සුදු වෑන් රථයකින් රථයකින් පැහැරගෙන ගිය තමාට නිදහස ලැබුනේ ජනාධිපතිවරයාගේ හා  ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  මැදිහත්වීම මත බව බස්‌නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්‌සිනා වන සාගර සේනාරත්න මහතා පවසයි. 

ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බව පෙරේදා (26) රාත්‍රියේ සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක්‌ව නිදහස්‌ වී පැමිණි සේනාරත්න මහතාකියා සිටියි.

ව්‍යාජ මනෝ වෛද්‍ය ප්‍රවීන් ජයමහ අත්අඩංගුවට


මනෝ වෛද්‍යවරයෙකු , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු සහ ළමා මානසික සෞඛ්‍ය හා පෝෂණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙස පෙනී සිටිමින් ජනතාව කාලයක් පුරා මුළා කල ප්‍රවීන් ජයමහ නොහොත්  ජේ එම් පී ජයමහ නමැති මගෝඩියා මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මොහු මාධ්‍යවේදීන් නොමග යවමින් සිරිකත, බුදුසරණ වැනි පුවත් පත් වලටද ලිපි සපයමින් මුදල් ගෙවා රුපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන්ද පවත්වා තිබේ. 

මෙම වංචාවන්ට අමතරව ජනපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකුගේ හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපි ශීර්ෂ යටතේ මොහු ව්‍යාජ අස්සන් යොදා මහනුවර ධර්මරාජය ඇතුළු පාසල් ගණනාවකට ළමුන් ඇතුළත් කිරීම සඳහා කූට ලේබන සකසා තිබේ. 

Share this article with your friends