පසුගිය දා හලාවතදී පැවති ධීවර උද්ඝෝෂණයක දී හමුදාවේ වෙඩි පහරින් මියගිය ඇන්තනි ප්‍රනාන්දු නම් ධීවර සහෝදරයා ගැන විවිධ ශෝක ප්‍රකාශ, කවි, අටුවා,ටීකා, ටිප්පනී ලියවිණි. ලංකාවේ වෙබි ජනමාධ්‍ය ඇතුලු බොහෝ විද්‍යුත්,මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යයේ ඇන්තනිගේ මරණය ගැන විවිධ දෑ ලියවිණි.
ගොසිප් ලංකා වැනි වෙබි අඩවි වල ඇන්තනී පුනාන්දුගේ වෙඩි වැදුන පින්තූරයේ සිට මරණය අවසන් වන තුරු සියලු ඡායාරූප එකක් නෑර සියල්ලම පල විය. නලු නිලියන්ගේ මංගල සාද, උපන්දින සාද පලකරණු ලබන ආකාරයටම ඔවුන් ඇන්තනිගේ මරණයද කිසිදු වෙනසකින් තොරව සිය වෙබි අවකාශයේ පල කලේ කුමන හෝ ප්‍රවෘත්තියක් ඉක්මනින්ම පලකර හිටි වැඩි කර ගන්නට ඔවුනට ඇති දැඩි අවශ්‍යතාවය නිසාය. හිටි වැඩි වෙන විට දැන්වීම් වැඩියෙන් ලැබෙන නිසාම නලු නිලියන්ගේ ඕපාදූප කතා කිරීම සිය පරමාර්ථය කරගත් මෙවැනි වෙබි අඩවි වලට ඇන්තනිගේ මරණය තවත් එක් විකුණාගත හැකි උණු උණු කැවුමක් පමණක් විය.