Chitika Smowtion 468x60


Saturday, March 31, 2012

මාලිංග ගේ මහගෙදරට කටු කම්බි


පසුගියදා පැවති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ක්‍රිකට් තරගමාලාව නැරඹීමට ඕස්ට්‍රේලියාවට ගොස් නැවත තම නිවසට පැමිණෙන විට ප්‍රවේශ මාර්ගය අවහිරවන සේ කටුකම්බි ගසා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ මව විසින් රත්ගම පොලිසියට පැමිණිලි කොට ඇත.

ලසිත් මාලිංගගේ මව වන වී. බී. ස්වරණවතී පැමිණිල්ලෙන් දන්වා ඇත්තේ ඉඩම් ආරවුලක් මත මෙය සිදුකර ඇති බවයි. ඒ අනුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 87286 යටතේ පාර්ශවකරුවන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා ඇත.


ලසිත් මාලිංග පසුගියදා ඩික්ස්මන් රෝඩ් පෙදෙසෙන් අලුත් නිවහනක් මිලදීගෙන ඇති අතර එහි වටිනාකම ලක්ෂ 650 ක් බව ගොසිප්9 වෙත වාර්තා වේ.


බන්දුල-රවී විවාදය දෙරණ ටීවී හරහා


මාධ්‍ය අනුග්‍රහය දෙරණ ටීවී 

විවාදය ලබන අඟහරුවාදා


බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එක් අයෙකුට මසකට රුපියල් 2500ක මුදලකින් කාලා බිලා නොමැරී සිටිය හැකි බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් වූ ලිපි කිහිපයක්ම අප පසුගිය දින කිහිපයේ ඔබට ඉදිරිපත් කළා. 

මේ අතර නවතම වාර්තා අනුව ඔහුගේ එම අභියෝගය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විසින් භාර ගෙන තිබෙනවා. එසේම එම විවාදය සදහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට දෙරණ ටීවී සුදානම් ව සිටිනවා. මෙම විවාදය දෙරණ ටීවී වාද පිටිය හරහා එළබෙන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිතයි. 

ජනපතිගෙන් SMS පණිවිඩයක්


අදට යෙදෙන මිහිකත සුරැකීමේ ජාතික උත්සවය නිම්ත්තෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා එය සමරන මෙන් ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මිහිමත ඇති බලශක්ති ප්‍රභව රැක ගැනීම මෙහි අරමුණයි. මෙම මිහිකත සුරැකීමේ හෝරාව නිම්ත්තෙන් අද රාත්‍රී 8:30 සිට 9:30 දක්වා මෙසේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසටයි එම SMS පණිවිඩයේ වැඩි දුරටත් සදහන් වන්නේ. 

මෙම මිහිකත සුරැකීමේ හෝරාව පිළිබදව වැඩි විස්තර 
http://www.earthhour.org  මගින් ලබා ගත හැක.







ඔබාමට පිස්සු!


"අපි සිංහයෝ" නමින් හදුන්වාගත් සංවිධානයක් විසින් මේ දිනවල මහනුවර හා ඒ ආසන්න ප්‍රදේශවල ඇමරිකානු විරෝධී පෝස්ටර් විරෝධයක් ආරම්භකොට ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවන් පෝස්ටර් අලවා තිබෙන ඇති අතර ඇතැම් පෝස්ටර් වලින් කියා ඇත්තේ ඔබාමට පිස්සු බවයි.

අලවා තිබු එවන් පෝස්ටර් කිහිපයක් හා ඇමරිකානු විරෝධී ස්ටිකර් ව්‍යාපාරය පහතින් බලන්න 
 

ජීනිවා ලොස් පීරිස්, ග්‍රේට් ලණු පීරිස් වේ


ජීනිවා මානව හිමිකම් සමුළුව ඇරඹි දින කිහිපයක් ඇතුළතදීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හොඳ හැටි අනා ගන්නා බව තේරුම් ගත් හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා, ජී.එල්. පීරිස් මහතාව ජීනිවා ලොස් පීරිස් ලෙස භෞතීස්ම කළ පරිදිම ජනාධිපතිවරයා පසුගියදා විදේශ කටයුතු අමාත්‍යවරයාව හඳුන්වා ඇත්තේ ‘‘ලොස් පීරිස් නෙමෙයි, ඕකට කියන්න ඕනි ගේ‍්‍රට් ලණු පීරිස් (Great lanu)’’ යැයි පවසා තිබේ.
ජී.එල් දෙන තරමක් දෙන්නේ ලණු බව ජනාධිපතිවරයා පසුගියදා සති අන්ත පුවත්පතක කතුවරයෙකුට පැහැදිලි කර දී ඇත. ඒ අනුව එම කතුවරයා ජි.එල්.ගේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් කතුවැකියක් පවා ලියූ අතර, එම පුවත්පතේ ඒ සම්බන්ධයෙන් කාටුන් චිත‍්‍රයක් ද පළ කර තිබේ.

දයාන් වෙනුවට ෂේණුකා ප‍්‍රංශයට


ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා වහාම ඉවත් කොට විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින්වාස් ගුණවර්ධන මහතා ඊයේ (30 ) විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ කැඳවනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.

ගංජා වගා කළ රාජ්‍ය සම්මාන දිනූ නළුවා අත් අඩංගුවට


මහරගම නගරයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් තුළ ගංජා වගා කළ බව කියන රාජ්‍ය සම්මාන දිනූ නළුවෙකු මහරගම පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබෙනවා

මෙම නළුවා රාජ්‍ය නාට්‍යය උළෙලකදී රංගනය වෙනුවෙන් පමණක් නොව හොඳම සංගීතඥයා වශයෙන්ද වරක් සමාන ලැබූ අයෙක්.

ඔහු ගංජා වගා කර තිබුණේ පෝච්චියකය. ගංජා ගසේ උස අඩි 8යි අඟල් 6කි.

"මං මේ ගංජා ගහ ගැදුවේ පානය කරන්න" යැයි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර තිබෙනවා.


ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ගම්මිරිස් සමුළුව


මෙවර පැවැත්වෙන්නේ 40 වැනි සමුළුවයි

40 වැනි වරට පැවැත්වෙන ජාතන්තර ගම්මිරිස් සමුළුව මෙවර කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇතිබව සුළු අපනයන බෝග අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙවර සමුළුවේ මුලසුන ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර ඒ අනුව ගම්මිරිස් සමුළුවේ සහාපති ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයා පත්කර තිබෙනවා.

ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් 2 වනදා දක්වා පැවැත්වෙන මෙම ගම්මිරිස් සමුළුවට රටවල් 7ක නියෝජිතයන් සහභාගී වනු ඇති.


Share this article with your friends