රාජපක්‍ෂවරුන් කෙරෙහි අතිවිශාල ගෞරවයකින් හා විශ්වාසයකින් කටයුතු කරනවා...
හදවතේ ගැඹුරම තැනින් රාජපක්‍ෂවරුන්ට ගෞරව කරන තමාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා රාජපක්‍ෂවරුන් සිටිනතාක් කල් අසාධාරණයක් වන්නේ නැතැයි කී කතාව විනය විරෝධී නම් ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමකට යටත් වීමට තමා සූදානම් යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.
මේ වන විට විදේශ සංචාරයක නිරතව සිටින ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී එලෙස කියා සිටියේය.





