Chitika Smowtion 468x60


Saturday, April 7, 2012

කුමාර මහත්තයා, ආරක්ෂක ලේකම් භාරයට


පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් මහතා මේවනවිට ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ ඒකකයක් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ. ''අපි අරයව 'ඇඹිලිපිටි'අරගෙන යනවා'' යැයි කුමාර මහත්තයා අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී එම ඒකකයට වාර්තා කර තිබේ. එහෙත් 'ඇඹිලිපිටිය' යන්න සංකේත නාමයක් බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එහෙත් අත්අඩංගුවට ගත් එම පක්ෂයේ කාන්තා අංශයේ නායිකා දිමුතු ආටිගල මහත්මිය සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු තොරතුරක් අප වෙත වාර්තා වී නොමැත.

ආණ්ඩුවේ කණ්ඩායමකින් වෙනම මැයි රැලියක්


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා දේශ විමුක්ති ජනතා පක්ෂය මෙවර වෙනම මැයිදින රැලියක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. එහි මැයිදින රැලිය කිරුලපන පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පෙළපාලිය ආරම්භ වන්නේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අනෙකුත් දේශපාලන පක්ෂ කොළඹ නගර සභා පිටියේදී මැයි දින රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි ශ්‍රීලනිප පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටියෙන්ද, මහජන එක්සත් පෙරමුණේ පෙළපාලිය නාරාහේන්පිටින්ද, ජාතික නිදහස් පෙරමුණේ පෙළපාලිය රාජගිරිය එන්.එම්.පෙරේරා ස්මාර්කය අසලින්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

උසාවි නියෝග නොතකා තල්දූවේ මැණික් ජාවාරමක්


ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ හිතවතුන් පිරිසක් තල්දූව පාලම අසල නීති විරෝධී ලෙස මැණික් ගැරීමේ නිරත වී සිටිති. එම මැණික් ගැරීමට ප්‍රදේශීය දේශපාලනඥයන් හා ඇමති සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙක්ද සම්බන්ධ වී ඇත.
පසු ගිය කාලය තුළ අවිස්සාවෙල්ල - කෑගල්ල පාරේ තල්දූව පාලම අසල සීතාවක ඟගේ යම් යම් පිරිස් මැණික් ගැරීම් සිදුකර ඇත. එහි දී එම ස්ථානයේ මැණික් නිධියක් පිහිටා තිබීම හෙළිදරව්වීමත් සමඟ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ දේශපාලනඥයන් දෙදෙනෙකු මැණික් ගැරීමට පැමිණ ඇතත් ප්‍රදේශවාසීන් ඊට විරෝධය පලකර ඇත.

ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් කුමාර මහතා අත්අඩංගුවට ගනී


ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා හා එම පක්ෂයේ කාන්තා අංශයේ නායිකාව වන දිමුතු ආටිගල මහත්මිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
මෙම මෙහෙයුම සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු ද සහභාගී වී ඇත. එහෙත් ඔවුන් දෙදෙනා මේ වන තෙක් පොලිස් මූලස්ථානයේ 4 වැනි තට්ටුවට හෝ 5 වන තට්ටුවට රැගෙන විත් නැති බවත්, රහසිගත ස්ථානයක රදවා සිටින බවත් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ - සේනාධීර ගුණතිලක


කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ආරක්ෂක අංශවලින් බව පැහැදිලි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සේනාධීර ගුණතිලක මහතා පැවසීය.
ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පසුපස හා පක්ෂය පිටුපස මර්දනය හඹා ආ බවත් ඒ නිසා ඔහු කිසියම් ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව දේශපාලනය කළ බවත් පැවසූ සේනාධීර ගුණතිලක මහතා ඔහුගේ බිරිඳ හා දරුවන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් ගුවන් තොටුපලේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් හා ඔවුන් යන එන තැන් හඹා යාමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයිද පැවසීය.
සේනාධීර ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගනී, පොලීසිය නිහඩයි


පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් සහෝදරයා සහ එම පක්ෂයේ දිමුතු ආටිගල සහෝදරිය ඔවුන් රැඳීසිටි කිසියම් ස්ථානයකදී ඊයේ රාත්‍රී 11.30 පැහැර ගැනීමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි. කවුරුන් විසින් මෙම පැහැර ගැනීම සිදුකලේද යන්න තවම අනාවරණය වී නොමැත.

එම පක්ෂයට හිතැති ජනරළ වෙබ් අඩවිය මෙසේ සඳහන් කරයි
‘‘2012 අප්‍රේල් මස 06 වැනිදා සවස සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වූ කුමාර් ගුණරත්නම් මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පක්ෂයේ හිතවතෙකුගේ නිවසේ රාත්‍රිය ගත කර ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙතෙක් කිසිදු නිල නිවේදනයක් රජය විසින් නිකුත් කර නැත.‘‘

දේශපාලකයන්ගෙන් බහුතරය රජයේ මුදල් යොදාගනිමින් කාම ක්‍රියා වල


කැබිනට් ඇමතිවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනතා මුදල් වැය කරමින් නිරන්තරයෙන් රති ක්‍රීඩාවල නියැලෙන බව හෙළි වී තිබේ. මෙම පිරිස අතර ජේෂ්ඨ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුද සිටිති. 

තම තමන්ගේ අමාත්‍යංශ වල මුදල් සම්පත් වාහන යොදා ගනිමින් මෙලෙස කාම සැප ලබන දේශපාලකයන් ජනතාවට පටි තද කරගන්න ලෙසටත් විදුලිය , බලශක්ති පිරිමසින ලෙසටත් ඔවදන් දීම වැදිබණ කීමක් බවට පත් වී ඇත. විවිධ වැඩමුළු පවත්වන නියායෙන් අමාත්‍යංශ මුදල් වියදම් කරමින් තරු පහේ හෝටල් වල රැස්වීම ශාලා සහ කාමර වෙන් කර ගනිමිනින් සුප්‍රකට සිනමා සහ ටෙලිනාට්‍ය නිලියන්, මෝස්‌තර නිරුපිකාවන් ගේ පහස ලබා ගැනීම සඳහා ඔවුන්ව එම ස්ථාන වෙත ගෙන්වා ගැනීම සිදු කරන බව ඇමති ආරක්ෂක අංශ වල සාමාජිකයන් පවසති. 

ඇතැම් විට රජයේ නිවාඩු නිකේතන , අමාත්‍ය සහ මන්ත්‍රී නිල නිවාසද මේ සඳහා බහුලව යොදා ගැනෙති. 

ලහිරුගේ උපන්දින සාදය


ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රවර්ධන කළමනාකරුවකු සහ නිවේදකයකු ලෙසින් වර්තමානයේ කටයුතු කරනා ලහිරු මුදලිගේ, වඩාත් ප්‍රේක්ෂකයන්ට ලන්වුයේ "හද රැඳී පැය" වැඩසටහන තුලිනි.

ලහිරු වෘතියෙන් රුප රචනා අධ්‍යක්ෂණය කිරීමත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා "හැරී ක්‍රියේෂන්" නම් ආයතනයකුත් පවත්වාගෙන යනවා.

පසුගියදා ලහිරු සිය 29 වන උපන්දිනය සමරු අතර උපන්දිනය සැමරීම සඳහා ලහිරු උපන්දින සාදයක් සුදානම් කර තිබුනා.

කලාකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ එම සාදයේ ජායාරුප එකතුවක් බලන්න පහතින්
  
ජායාරූප : මනෝජ් රත්නායක




Share this article with your friends