Chitika Smowtion 468x60


Monday, April 9, 2012

ඇත්තටම එහෙම එකක් නෑ.මිනිස්සු ඕන දෙයක් කියපු දෙන් - අමා හි ෂෙරිල්


දිගු දැස ගීතයේ මගෙත් එක්ක හිටපු පිරිමි ළමයත් එක්ක මම යාළුයි කියලා සමහරු කියනවා...

ෂෙරිල් රොමේන් ඩෙකර් පුරුදු නුපුරුදු නමක් වුවද අමා කාගේත් හිත් ගත්ත පුංචි තිරයේ අහිංසකාවියයි.ගැමිපෙනුමෙන්ද, බටහිර පෙනුමෙන්ද අපූරු සංකලනයක් වූ ඇය සැබවින්ම සුරූපිනියකි.
කලාකාරිනියක් විදිහට ගෙවෙන ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද?
හරිම සුන්දරයි  ඒ වගේම ටිකක් කාර්ය බහුලයි. අමා ටෙලිනාට්‍ය වගේම තවත් ටෙලි නිර්මාණයක රංගනය සඳහා මම දායක වුණා.

අලූත් ටෙලිනාට්‍ය මොකක්ද?
ඒකේ විස්තර නම් දැන්ම කියන්න බෑ.
අමාට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ටෙලි හා චිත‍්‍රපට සඳහා පොලු තැබීම දැන් අනර්කලීගේ පුරුද්දක්ලු


අනර්කලී නිසා රෝෂණ අලි අමාරුවක...

චිත‍්‍රපට, ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකු හා නළුවෙකු වන සම්පත් ශී‍්‍ර රෝෂණ ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා නිසා අලි අමාරුවක වැටී ඇතැයි වාර්තා වේ.

සම්පත් විසින් අධ්‍යක්‍ෂණය කිරීමට නියමිත අලුත්ම ටෙලි නාට්‍ය වන ‘මිණි මුතු’ ටෙලියේ චරිතයක් බාරගත් අනර්කලී එය මග හැරීම නිසා සම්පත් මෙසේ අමාරුවේ වැටී ඇතැයි පැවසේ.


මෙම ටෙලියේ කොටස් කිහිපයක් එංගලන්තයේ දී රූගත කිරීමට සම්පත් සැලැසුම් කර තිබූ අතර ඒ සඳහා අනර්කලීද එක්වීමට නියමිතව සිටි බව වාර්තා වේ.අදාල රූගත කිරීම් මෙ මාසයේදී සිදු කිරීමට නියමිතව තිබූ බවද පැවසේ.

ගණිකාවක් ලබා නොදුන්නැයි අයිය මලෝ දෙදෙනා පහරදී අහසට වෙඩි තබයි


ලුතිනන්වරයා පූනරීන්...
උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ...

ඇසුරට ගණිකාවක් ලබාදෙන ලෙස ඉල්ලා මහරගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් කිහිපදෙනෙකුට පහරදී අහසට වෙඩිතැබූ බව කියන ලුතිනන්වරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු හා තවත් අයෙකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රමණී කුලරත්න මහත්මිය නියෝග කළාය. 


කාන්තාවන්ට මත්වන පෙති වර්ගයක් දී මුදල් හා රන් ආභරණ කොල්ලකන කල්ලියක්...


තරුණ කාන්තාවන් නොමග යවමින් ලිංගික අවශ්‍යතාත් ඉටුකරගෙන... 

දුරගමන් සේවා බස් රථවල යන එන කාන්තාවන් සමග මිතුරුවී, එසේ මිතුරු කරගන්නා කාන්තාවන්ට කිසියම් මත්වන පෙති වර්ගයක් උපක්‍රමශීලීව මිලදීගත් ආහාරයක් හෝ බිම වර්ගයක් සමග ලබා දී, එම කාන්තාවන් සතු මුදල් හා රන් ආභරණ කොල්ලකන පුද්ගලයින් විශාල පිරිසක් පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත කරුණු වාර්තාවී තිබේ. 


එම සංවිධානාත්මක පිරිස් කොළඹ පිටකොටුව බැස්ටියන් මාවත පරිශ්‍රයේ දුරගමන් සේවා බස්රථවලට ගොඩවී කාන්තාවන් මුලාවේ දමා ඇත.
තරුණ කාන්තාවන් නොමග යවමින් කායික අවශ්‍යතා ඉටුකරගන්නා පිරිමින්ද මේ අතර සිටින බව වාර්තාවේ.


තනුජාගේ උපන්දිනය යෙදී ඇත්තේ මෝඩයාගේ දිනයටයි


සිරස මාධ්‍ය ජාලයේ ජනපි‍්‍රය නිවේදිකාවක වන තනුජා ජයවර්ධනගේ උපන්දිනයට සාද නොපවත්වන බව වාර්තා වේ.

සාදවලට අකමැති නැති තනුජා සිය උපන්දිනය අපේ‍්‍රල් 01 වැනිදා නොඑසේනම් මෝඩයාගේ දිනයට යෙදී ඇති බැවින් උපන්දින සාද නොපවත්වන බව පැවසේ.


ඇයගේ උපන්දිනයයෙදී තිබූ ඉකුත් අපේ‍්‍රල් 01 වැනිදා ඇය කර තිබුණේ පන්සල්යාම හා සිය සහෝදරියට හා ඇයගේ දරුවන්ට රාතී‍්‍ර ආහාර වේලක් ලබාදීමයි.‘මම පාටි දාන්න ආස නැහැ. ඒක මහ බොරු වැඩක්’ යනුවෙන් තනුජා උපන්දින සාද සම්බන්ධයෙන් සතිඅන්ත පුවත් පතකට පවසා තිබිණි.

තරඟයේ වීරයා නාමල්


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම හා යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර පසුගිය සිකුරාදා දින මහරගම තරුණසේවා සභා ක්‍රීඩාංගනයේදී සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයක් පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ප්‍රකට හින්දි නළු විවේක ඔබරෝයි වීම විශේෂත්වයක් වුවා.

පන්දුවාර 15 කට සීමා වෙමින් මහරගම තරුණ සේවා සභා පිටියේදී පැවැති අදාළ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩයලස්‌ අලහප්පේරුම මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු කණ්‌ඩායම සියලුදෙනා දැවී ලකුණු 134 ක්‌ රැස්‌ කර ගත් අතර ඊට පිළිතුරු ලෙස යොවුන් පාර්ලිමේන්තු කණ්‌ඩායම රැස්‌ කරන ලද්දේ සියලුදෙනා දැවී ලකුණු 117 ක්‌ පමණි.


ඒ අනුව ලකුණු 17 ක තියුණු ජයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්‌ඩායම සමත්වූවේය.

ජනපතිට අපහාස කරන ක්‍රීඩාවක් අන්තර්ජාලයේ



එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ ක්‍රීඩාවක් නිර්මාණයකොට අන්තර්ජාලයට මුදාහැර ඇත.

ෆ්ලෑෂ් වර්ගයේ ක්‍රීඩාවක් වන මෙය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට ක්‍රීඩා කල හැක. මෙම ක්‍රීඩාව නම් කොට ඇත්තේ "Show your kolaveri"නමිනි. එහි අරුත වන්නේ "ඔබේ වෛරය පෙන්වන්න" යන්නයි.

මෙම ක්‍රීඩාවේදී ජනපතිගේ අනුරුවක් නිර්මාණයකොට ඇති අතර එයට පහර දීමට විවිධ වදහිංසා ලබාදීමෙන් මරණයට පත්කිරීමට හැකිවන අයුරින් නිර්මාණයකොට ඇත.

අලුත් අවුරුද්දේ ලිපගිනි මෙලවන නැකතට මතභේද


මේ නැකතට ලිපගිනි මෙලෙව්වොත් මුළු අවුරුද්දම පාලුවෙලා යාවි. 
රාජ්‍ය නායකයන්ට බලපෑම් ඇතිවේවි. මහජන කැළඹීම් ඇති වේවි. 

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ ලිපගිනි මෙලවීමේ නැකත අප්‍රේල් 13 වනදා අපරභාග 7:42 ට යොදාගෙන ඇති වෙලාව රටටත් ජනතාවටත් අහිතකර බව ජෝතිශ්‍යවේදීන් ගණනාවක් විසින් පෙන්වා දී ඇති අතර එය වෙනස් කරන මෙන් සංස්කෘතික ඇමතිගෙන් ඉල්ලා ඇත.

මේ පිලිබඳ අදහස් දක්වන ප්‍රවීන 
ජෝතිශ්‍යවේදීන්

මුන්නේශ්වරම් කෝවිලේ සෝමසාමි පුජකතුමා 
රවී ග්‍රහයා බලවත්ව ඇති උත්‍රසල් නැකත යෙදී ඇති මේ වෙලාව විපත් ගණයට වැටෙන අතර අටවක පොහොයද යෙදී ඇති බැවින් හිරු බස යන වෙලාවක අවුරුද්ද සැමරීම සුබදායක නොවේ.



Share this article with your friends