Chitika Smowtion 468x60


Wednesday, April 18, 2012

ඉන්දිකගේ විවාහ ජීවිතය දෙදෙරයි


ටෙලි නාට්‍ය නළු ඉන්දික ගිනිගේ වසර හතරක විවාහය දෙදරා ගොස් ඇති බව අපට වාර්තා වේ.

විවාහ ජිවිතයේ ඇතිවූ අර්බුදයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ මේවන විට විදේශගතව සිටින අතර ඔවුන්ගේ දියණියද මවගේ බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දික ගිනිගේ විවාහ වීමට ප්‍රථම සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ ටෙලි නාට්‍යය නිලි උදයන්ති කුලතුංග සමග වේ.


කොළඹ ජංගම CCTV රථය ක්‍රියාත්මකයි


කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා. එහි මුලික වැඩකටයුතු අවසන් වී ඇති හෙයින් ඊයේ(17) දිනයේදී එම රථය උත්සවාකාරයෙන් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරියේදී දැනට ආරක්‍ෂිත කැමරා මගින් හසු නොවන ප්‍රදේශ, හදිසි ආපදා, කලහකාරී ලෙස හැසිරෙන පිරිස්, මාර්ග නීති කඩ කරන රියදුරන්ගේ දර්ශන පටිගතකොට අධිකරණයට ලබාදීමේ හැකියාවක් මෙම නවීන තාක්ෂණික පහසුකම් සපිරි රථයට හැකියාව තිබෙනවා.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CCTV ව්‍යාපෘතියට දැනට වැය වී ඇති මුදල රුපියල් මිලියන 227 කි.

නොර්වේ ඝාතකයාගෙන් උසාවියේදී පුරසාරම්


පසුගිය වසරේදී ඔස්ලෝ නුවර බෝම්බයක් පුපුරුවා හැරීමෙන් හා උටෝයා දුපතේදී වෙඩි තැබීමෙන් පුද්ගලයන් 77 ඝාතනය කෙරු ඇන්ඩර්ස් බ්‍රෙයිවික් ගේ නඩුව ඊයේ (18) දිනයේත් පැවැත්වුනා.

මොහු මේ ප්‍රහාරය එල්ල කරේ යුරෝපයේ ඉස්ලාම් දහම හා බහු සංස්කෘතික ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණ ඇතිව බව ඔහු ප්‍රකාශ කර තිබුනා. එසේම එම ප්‍රහාරයකට මොහොතකට පෙර පිටු 1500 ක් පමණ ඇති ඔහුගේ සටහන් ගොන්න "යුරෝපයේ නිදහස් ප්‍රකාශනය" නමින් අන්තර්ජාලයට මුදා හරිනු ලබූ අතර එම වාර්තාවේ ශ්‍රි ලංකාවේ නමද සඳහන් වෙනවා.

රිකන්ඩිෂන් වාහන මිල පහතට ?


භාවිතා කරන ලද ආනනයනික මෝටර් රථ සහ වාන් රථ සඳහා පනවා තිබු වසරේ සීමාව වසර දෙක කිරීමත් වාණිජ වාහන සඳහා පැනවූ වසර තුනහමාරේ සීමාව වසර හතර කිරීමත් සමග ලෝක වෙළඳපොලෙන් වාහන අඩුමිලට ගෙන්වීමට හැකි වීමත් එම මිලට සාපේක්ෂව අඩු තිරුබද්දක් ගෙවීමට සිදුවීමත් නිසාත් භාවිතා කරන ලද වාහන වල මිල ගණන් 20 % පමණ පහල යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යොගා පෙරේරා මහතා සඳහන් කරයි.

Tuesday, April 17, 2012

සරත් ෆොන්සේකා මහතාගේ අවුරුදු සුබපැතුම


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඔහු වෙත ලබාදුන් "එක් දින අවුරුදු නිදහස" ප්‍රතික්ෂේප කල පුවත මෙයට පෙර අප ලිපියකින් හෙළි කළා.

අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ සරත් ෆොන්සේකා මහතා අවුරුදු සුබපැතුමක් එක් කිරීමට අමතක කලේ නැහැ 
"සුබ අලුත් අවුරුද්දක් වේවා. මට අවුරුදු තුනක් අවුරුද්ද දවසේ හිරබත් කන්න සලස්සපු අයටත් ඒකෙන් කාලකන්නි සතුටක් ලබපු අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි කියා මං ප්‍රාර්ථනා කරනවා. ජයවේවා"
එහි වීඩියෝව පහතින් බලන්න 

රේණුගේ හැටහතර මායමට ජනාධිපතිත් යටවේ


නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට මාස කිහිපයක හෝ සේවා දිගුවක් ලබාදෙන ලෙස ඔහුගේ නෑනාවන චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව සෝමතිලක දිසානායක මහතාට මාස හතරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
රේණුකාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා සෝමතිලක දිසානායක මහතාට මාස හතරක් වැනි කෙටිකාලයක් සඳහා හෝ එසේ සේවා දිගුවක් ලබා දී ඇත්තේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේද ඉල්ලීමට බලපෑමක් නොවන ආකාරයෙනි. සෝමතිලක දිසානායක මහතාගෙන් පසුව නාවික හමුදාපති ධුරය රියද් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාට ලබා දෙන ලෙස ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයා වෙත දිගින් දිගට බලපෑම් කර තිබූ බව අප මීට පෙරද වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා මුස්ලිම්වරුන්ට එරෙහිව ඉනාමළුවේ හිමි උසුගන්වයි ?


දඹුල්ල නගරයේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට එරෙහිව ඉනාමළුවේ සුමංගල හිමියන් ලබන 18වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඉනාමළුවේ හිමියන් ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයේ ප්‍රධාන දායකයින් කිහිපදෙනෙකු කැදවා පවසා ඇත්තේ, මෙම විරෝධතාවය ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදු කරනු ලබනු බවයි.
මෙම උද්ඝෝෂණය සඳහා සමෘර්ධිලාභීන්ගේ සහය ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
මෙම මුස්ලිම් පල්ලිය වසර 40කට වඩා පැරණිවන අතර මෑතකදී එය මුළුමනින්ම අලූත් වැඩියා කොට තිබේ.

දුමින්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නෑ!


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් සිව් දෙනෙක් ඝාතනය කිරීමට අදාල නඩුව අද දින විභාග වීමට නියමිතව තිබුනා. මෙහි ප්‍රධාන සැකකරු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක දුමින්ද සිල්වා යි.

ඔහු ද ඉතා බරපතල අබාධිත තත්වයෙන් පසුවන බැවින් ප්‍රතිකාර සඳහා මේ වනවිට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුල් කර තිබෙනවා. තවමත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නැති බවත් නැවතත් සැත්කමකට යොමු කිරීමට නියමිතව ඇති බවත් ඔහුගේ පියා වන ප්‍රේමලාල් සිල්වා මහතා කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ නිසාම ඔහුට උසාවියේ පෙනී සිටීමට තරම් සුදුසු තත්වයකින් නොමැති බවත් දුමින්ද සිල්වා ගේ පියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුව මෙම ක උත්තරය ලබාගෙන තිබෙන්නේ පසුගිය 30 වන දිනයි.


Share this article with your friends