Chitika Smowtion 468x60


Saturday, April 28, 2012

ෂැගී ලංකාවට පැමිණෙයි


සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

ඒ අනුව ප්‍රසංගයට සහභාගී වීම සඳහා ෂැගී ඊයේ අලුයම තුනට පමණ ලංකාව බලා පැමිණ තිබෙනවා.එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න 



අලුත් එෆ්.එම් නාලිකාවක්


පෙර පැවති Youth Radio සහ Your Radio යන ගුවන්විදුලි නාලිකා එකතු කර සිංහ FM නමින් අලුත්ම ගුවන්‍විදුලි නාලිකාවක් පසුගිය පෙබරවාරියේ දී ආරම්භ කර ඇත.

VIS Broadcasting ආයතනය සතුව තිබු Youth Radio සහ Your Radio නාලිකාවන් අයිතිව තිබුණේ රජයට සම්බන්ධ සමීප බලවතෙකුට වන අතර එම නාලිකා ලැබූ මූල්‍යමය පාඩු නිසා පසුව වසා දමා ඇත.


එම නාලිකාවල ප්‍රධාන විධායක නිලධාරියා වූ නරේන්ද්‍ර සීලනාථ කුරුප්පුගේ ක්‍රියා කලාපය ගැන අප මෙයට පෙර ලිපියකින් 
හෙළිකර සිටියා.


මේරියන්ස් 24 වන සංවස්තරය වෙනුවෙන් පැවැත්වූ දේව මෙහෙය


ජයාරූප : ජයසංක ප්‍රනාන්දු 

Friday, April 27, 2012

ජිනා මැඩම්ගේ ගණිකා මඩමට ගිය විදේශිකයෙකුගේ අත්දැකීම්


කලකට පෙර පොලීසිය විසින් වටලනු ලැබූ ලිබර්ටි ප්ලාසාහි අට වන මහලේ ජිනා මඩම් විසින් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමට 2004 වසරේදී ගිය විදේශිකයෙකු (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති) තිබු සටහනක් අප වෙත ලැබුණි.

මෙහි පලවන්නේ එම සටහනේ සිංහල පරිවර්තනයයි.(සදාචාරාත්මක හේතුන් නිසා ඇතැම් කොටස් ඉවත්කොට ඇත)

"මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ආවේ අවරුදු 20 කට විතර පස්සේ ක්‍රිකට් තරඟයක් බලන්න.ඒ දවස්වල ලංකාවේ ගොඩක් ක්‍රිකට් තරඟ තිබුනා.පාසල් වල බිග් මැච් වගේම 
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයකුත් ඒ දිනවල තිබුනා.

පැතිර යන අලුත්ම පරිගණක වෛරසය ගැන ඔබ දැනුවත්ද?


DNS Changer නම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල ග්‍රාහකයන් ග්‍රහණය කරගෙන ඇත.

මෙම වෛරසය පැතිරීම ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය මගින් අත්හිටුවා ඇති අතර ඔවුන් විසින් දැනට වෛරසය පැතිරුණු පරිගණක සොයා මෙහෙයුමක් දියත්කොට ඇත.

මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.

රාජපක්‍ෂවරුන්ට පෙරළා පහරදීම ජනකගෙන් ඇරඹෙයි!


ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පහරදීමේ අරමුණද සහිතව සැලසුම් කොට කි‍්‍රයාත්මක කළ දඹුල්ල පල්ලිය කඩා බිඳ දැමීමේ මෙහෙයුම මේ වනවිට ජනාධිපතිවරයාට පාරා වළල්ලක් වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉනාමළුවේ සුමංගල හිමියන් සහ මත්පැන් නිෂ්පාදක ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මන්තී‍්‍රවරයා විසින් මෙහෙය වන ලද දඹුල්ල පල්ලිය කඩා බිඳ දැමීමේ මෙහෙයුමේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාද ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්විය.
ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මන්තී‍්‍රවරයාගේ ලක් එෆ්.එම්. ගුවන් විදුලියත්, ඉනාමළුවේ හිමියන්ගේ රංගිරි දඹුලූ ගුවන් විදුලියත් පසුගිය දින කිහිපය පුරා ආගම්වාදය අවුළුවාලීමට කටයුතු කළ අතරම, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව අවලාද ව්‍යාපාරයක්ද කි‍්‍රයාත්මක කළේය.

ජනාධිපතිවරයා, අගමැති කෙනෙකු සෙවීමේ අර්බුදයක!


අග‍්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙමින් පැවතීමත්, ඔහුගේ මතක ශක්තිය හීන වෙමින් තිබීමත් හේතුවෙන් අග‍්‍රාමාත්‍ය ධූරයට වෙනත් අයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින නමුත්, ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමේ අපහසුව නිසා අමාත්‍ය මණ්ඩල සංශෝධනය දිනෙන් දින කල් යමින් තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
කෙසේ වුවද, බැසිල් රාජපක්‍ෂ හා චමල් රාජපක්‍ෂ යන සොයුරන් මෙන්ම, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන මෛතී‍්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා වැනි කිසිවෙකු හෝ අගමැති ධූරය නොදීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

විදුලි ලේකම්ගේ තවත් ගැහිල්ලක් මාතරින් මාට්ටු


වසර 10 ක් තිස්සේ මාතර නගරයට මෙගා වොට් 25 ක විදුලිබල ධාරිතාවක් ලබා දුන් දීයගහ ඒ.එස්. පවර් බලාගාරය ගිවිසුම් ප‍්‍රකාරව පසුගිය මාර්තු 26 වනදා වසා දැමූ අතර, එය යළි කි‍්‍රයාත්මක කර කොමිස් මුදල් ලබා ගැනීමට විදුලිබල අමාත්‍යංශයේ ලේකම් එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා බලවත් උත්සාහයක් දරමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සාමානයනේ විදුලිබල මණ්ඩලය ප‍්‍රාදේශීය පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලිය ලබා ගැනීමේදී අදාළ පෞද්ගලික විදුලි සමාගම සමග එක්ව, එක් විදුලි ඒකකයක් ගනනය කරනු ලබන්නේ එම පෞද්ගලික සමාගම ව්‍යාපෘතියට ආයෝජනය කරන ලද මුදල හා ලාභය වසර 10 ක් තුළදී උපයා ගැනීමේ ක‍්‍රමවේදයක් යටතේය. ඒ අනුව, විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කරන ඕනෑම පෞද්ගලික විදුලිය සපයන සමාගමක් වසර 10 ක් තුළදී ඔවුන් යට කළ මුදල සහ ඊට අදාළ ලාභය උපයා ගනී. එවැනි තත්ත්වයක් තුළ වසර 10 කට වඩා එවැනි ගිවිසුම් දීර්ඝ කරන්නේ නම්, අදාළ සමාගමට උපරිම වාසියක් සැලසෙන අතර, ඔවුන්ට වැය වන්නේ මෙහෙයුම් වියදම පමණි.

Share this article with your friends