Chitika Smowtion 468x60


Saturday, April 28, 2012

පාන් මිල තුනකින් නගී


තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි.

පාන් මිල ඉහල යාම පිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙයට පෙර  සුත්‍රයක් ඉදිරිපත් කල බව අප ඔබට ලිපියකින් හෙළි කළා.


ඒ අනුව රුපියල් තුනකින් පාන් ගෙඩියක මිල වැඩි කල විට තුන් වේලම පාන කන අවාසනාවන්ත පවුලකට වැඩියෙන් දැරිය යුත්තේ බුලත් විඩ කියක මුදලක්ද?


 



























මෙගා ටෙලි නාට්‍යය වලට සීමා පනවයි


උපරිම කොටස් ගණන 
100 ක් විය යුතු බවට 
නියමයක් 

විවිධ පාර්ශව වලින් දිගින් දිගටම රජයට ලැබුණු 
පැමිණිලි හේතුවෙන් මෙගා ටෙලි නාට්‍යය සඳහා සීමාවන් පැනවීමට ජනමාධ්‍යය අමාතයාංශය තීරණයකොට ඇත.

ඒ අනුව විකාශය කරන ටෙලි නාට්‍යයක උපරිම කොටස් ගණන 100 ක් විය යුතු බවට නියමයක් පනවා තිබේ.

රතුගල ආදිවාසීන්ගේ අවරුදු උත්සවය


රතුගල ආදි වාසී නායකයා වන සුදා වන්නිලා ඇත්තන්ගේ මගපෙන්වීම අනුව ආදි වාසී පවුල් 98ක සාමාජිකයන් බිබිල රතුගල "තුරුලිය" වන ගොමුවේදී ප්‍රථම වරට අවුරුදු උත්සවයක් පසුගියදා පැවැත්වුවා.

මෙම අවරුදු උත්සවයේ තරංග සංවිධානයකොට තිබුනේ ආදිවාසීන්ගේ සිරිත් විරිත් වලට මුල් තැන දෙමින්. 

නියෝජ්‍ය අධ්‍යාපන ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාද මෙම අවුරුදු උත්සවයට සහභාගි වූ අතර එහි පැවැත්වූ ඇතැම් තරඟ වලට සහභාගී වීමටද අමතක කලේ නැහැ.

එම අවරුදු උත්සවයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 

මෙවර මැයි දිනයෙන් පසු ''වම'' යා යුතු අත - කුසල් පෙරේරා


මේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි වන පිරිස් පැහැදිලිවම අලූත් වෙමින් ඇත. සිවිල් යුද්ධය දිනා ගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය ලබා ගත හැකි යැයි සිතා, ආණ්ඩුව දියත් කළ යුද්ධය වෙනුවෙන් ඕනෑම නීති විරෝධී කි්‍රයාවක්, මර්දන කි්‍රයාවලියක් හා මහා දූෂණ වංචාවන් දැනුවත්ව ඉවසූ පිරිස් සමහරකට අමතරව, සාමාන්‍ය ජනතාවගේ ඇතැම් කොටස් ආණ්ඩුව හා උරණ වෙමින් සිටිති.
නගරයේ පහළ ආදායම්ලාභීන් සහ ග්‍රාමීය සමාජයේ පහළ මැද පංතික කොටස් ඔවුන් ගේ දෛනික වියදම් විඳ දරා ගැනීමට ඇති අපහසුව හමුවේ, රාජපක්ෂ ආණ්ඩුව හා විරෝධයන් අවුලූවා ගන්නේ ය. මේ අතර, උතුරු නැගෙනහිර දෙපළාතෙන් පිට ද, සු`ඵ වාර්ගික හා ආගමික ජනතාවගේ මූලික අයිතීන් නොතකා හැසිරීමෙන් ආණ්ඩුව තවත් ජන කොටස් තරහ කර ගෙන ඇත.

ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව - සුනන්ද දේශප‍්‍රිය


‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි...කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, .... පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි දැන් වෙඩි තියන්නෙ නෑ, අපෙ නිදහස අපට දෙන්න..කව්ද මේ මිනි මරන්නේ, අපි නම් නෙවෙයි, අපි දැන් කනව විතරමයි’’ නම් අජිත් කුමාරසිරිගේ ගායනය සටහනක් ද සමඟ සිය වෙබ් අඩවියේ පළ කල කැනඩාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකික මාධ්‍යවේදී ඞී.බී.එස්. ජෙයරාජ් සඳහන් කළේ එය තමන්ට එවූයේ තානාපති දයාන් ජයතිලක විසින් බවයි.

''මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි'' දඹුල්ලෙන් ඇසෙන ජාතික උදානය - ගාමිණී වියන්ගොඩ


පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා භික්ෂූන් පිරිසකි.
එවැනි එක් බුද්ධ පුත්‍රයෙක් තමාගේ සිවුර ගලවා උඩ පනිමින් මේ ප්‍රචණ්ඩත්වයට ජනතාව උසිගැන්නුවේය. විනාශය අවසානයේ මේ භික්ෂූහූ පිරිත් සජ්ජායනා කළහ. ජනතාව සාධුකාර දුන්හ.

ඒ වු නිදහසේ සවර්ග රාජ්යකයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ....


පටු අදහස් නම් පවුරින් ලෝකය කෑලි කෑලි වලට කැඩී බිදී යන බව මහගම සේකරයන් කිවුවේ මීට අවුරුදු ගණනාවකට පෙරයි. ඒත් බුද්ධ ශ්රාබවක වහන්සේලා විසින්ම පටු අදහස් පතුරුවනු ඇතැයි මහගම සේකරයන් කවදාවත් සිතන්නට නැතිව ඇති.
අප පොඩි කාලයේ අසා ඇති බණ කතා වල හැමදාම කියවුණේ නරක ගති ඇති පුද්ගලයන් බුදු බණ අසා දමනයවූ ආකාරයයි. බුදුන් මරන්නට පැමිණි දේවදත්තයන් පවා බුදු බණ අසා ධර්ම මාර්ගය තෝරා ගත්තේ බදු බණෙහි ඇති බලයෙන් බව අප කුඩා කලදී උගත්තෙමු. එමෙන්ම, මහණ වීමෙන් පසුවද නරක ගති දිගටම පවත්වා ගත් තෙරුන් වහන්සේලා ගැනද අප බණ කතා වල අසා ඇත්තෙමු. ඒ ඔවුන් පෙර ආත්ම වල සිදු කළ පාප ක්රිුයා නිසා බව අප උගත්තෙමු. බුදුන් වහන්සේ මෙවැනි මහණුන්ට අනුකම්පා කළහ, පවු වලින් නිදහස් වී සසර කෙළවර කර ගැනීමට මාර්ගය පෙන්වූහ.
දැං බලමු මේ බණ කතාව.

සුදු වෑන් ‘සෙල්ටෙල් රවී’ට ඉව අල්ලයි !


දෙමළ කෝටිපති ව්‍යාපාරිකයෙකු හා ජනාධිපතිවරයාගේ යාග-හෝම සම්බන්ධීකරණය කරන තිරුනඬේෂන්ගේ ප‍්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ කවරාකාරයකින් හෝ අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධ බවට සැක කෙරෙන පැමිණිලි පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් වහා සිදු කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නියෝග නිකුත් කොට ඇතැයි වාර්තා වේ.
රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ මෙසේ පැහැර ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වී තිබෙන්නේ රජයේ බුද්ධි අංශ විසින් ඔහුව ‘ඩබල් ඒජන්ට්’ කෙනෙකු වශයෙන් හඳුනාගෙන තිබීමයි.

Share this article with your friends