Chitika Smowtion 468x60


Wednesday, May 2, 2012

අජිත් කුමාරසිරි නම් ක්‍රම විරෝධියා පිළිබඳ ඇත්ත හෙවත් නෝ මෝ රොක් අජිත් - චන්දරේ


ඉස්සර, චන්දරේට මතක හැටියට 90 දශකයෙ අගභාගෙ විකල්ප පත්තරේක වැඩ කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක් හිටියා. පොර ඉස්තරම්ම ආකාරයට රැඩිකල්. ඕනම සිද්ධියක් මැද්දට බය නැතුව තමන්ගෙ ආයුධෙත් අරගෙන, ඒ කිව්වෙ කැමරාවත් උස්සගෙන එන්ටර් වෙන්න කිසිම පැකිලීමක් නැති බුදු අවංකයෙක්.
පොලීසිය නතිං. චන්දරෙත් දෙතුන් පාරක් අඩියක් ගහල තියෙනවා මනුස්සයත් එක්ක. ඇත්තෙන්ම තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන දැනුමක් තියෙන නිහතමානි චරිතයක්. නමුත් මිනිහ සම්බන්ධව තිබුණා එක්තරා බරපතල ජෝක් එකක්. ඒක මෙහෙමයි කියපු මිත්‍රයා කිව්වෙ. - ඔව් බං ඌ ඇත්තටම හොඳ එකා තමයි. නියම ෆොටෝ ග්‍රැෆර්, කැමරා දෙකක් තියෙනවා. රැවුල වවලා. කැප දාලා, ස`ග දාලා, කැමරා ජැකට් එක, ඩෙනිම, ඩෙක්ස් දෙක, ඔක්කොම කියනවා. ඒ ත් ෆොටෝ නෑ.

ළමා ලිංගික අපචාරයට සෝමරතන හිමි වැරදිකරු


ළමා ලිංගික අපචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.
බාල වයස්කාර දැරියක් අනිසි ලෙස ලිංගික අපහරණයට ලක් කල බව අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කොට තිබේ.
ස්ත්‍රී දුෂණය ඇතුළු තවත් චෝදනා කිහිපයකින් උන් වහන්සේ නිදහස් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන 'මිශ්‍ර චිත්‍රයක්'


ගතව ගිය වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ චිත්‍රය මිශ්‍ර ස්වරූපයක් උසුලන බව බ්‍රිතාන්‍ය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
පශ්චාත් යුද වකවානුව තුල ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එල්ටීටීඊ කැරලිකරුවන් යලි සමාජ ගත කිරීමේ කටයුතු යම් ප්‍රමාණයකට සාර්ථක කරගැනීමට සමත්වී ඇති බව ප්‍රකාශ කරන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව, කෙසේ වුවද මානව හිමිකම් කටයුතු පිළිබඳව ආයතනගතව සිදුවන බාධාවන් සවිස්තරව සඳහන් කොට තිබේ.
විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් ලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිසිදු චෝදනාවක් ගොනුකිරීමෙන් තොරව තවමත් අත්අඩංගුවේ පසුවන බවයි, එහි සඳහන් වෙන්නේ.
මේ අය අතරින් සමහර අයට සිරභාරයේදී වධ හිංසා පමුණුවා ඇති බවට සාක්ෂි ඉදිරිපත්ව තිබෙන බවත්, පුද්ගලයන් අතුරුදහන්වීම සිදුවන අතරවාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඉඩ ඇහිරී ඇති බවද වාර්තාව ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය


මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අද නන්නත්තාර වෙලා. එයාගේ ආණ්ඩුවේ ඉන්න පරණ වමේ උදවිය. වෙනම මැයි රැලි පවත්වනවා. තවත් කණ්ඩායම් වෙන වෙනම රැස්වී ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේත් මැයි රැලි දෙකක් තියෙනවා.
සෝමවංශ අමරසිංහ සහෝදරයා


අපි අද සමරන්නේ ඓතිහාසික මැයි දිනයක්. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අභ්‍යන්තර සහ භාහිර සතුරන් එක්වී දියත් කළ කුමන්ත්‍රණය අප සියලූ දෙනාගේම එක්වීමෙන් පරාජය කර තිඛෙනවා. පසුගිය අවුරුද්දේ මැයි දිනය සමරන අවස්ථාවේදී අපේ බොහෝ සහෝදර සහෝදරියන් පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණයක් තිඛෙන බව දැනගෙන හිටියේ නැහැ. නමුත් කුමන්ත්‍රණය හෙළිවී කෙටි කාලයක් තුළ එය සම්පූර්ණයෙන් පරාජය කිරීමෙන් පසුවයි අපි මේ ජයග්‍රාහී මැයි දිනය සමරන්නේ. අධිරාජ්‍යවාදය මේ වනවිට අවසන් හුස්ම හෙලමින් තිඛෙනවා. දැන් මරලතෝනියෙන් කටයුතු කරනවා. මේ පසුබිම තුළ අපිට විරුද්ධ කුමන්ත්‍රණ අවසාන නැහැ. සමාජවාදය ඉදිරියට යන්නේ ප්‍රතිවිප්ලවයත් අරගෙනමයි.

යාපන යෝජනා මගින් මූලික අයිතිවාසිකම් අවධාරණය කෙරේ


වර්තමාන ආණ්ඩුව තමන්ට විරුද්ධ අදහස් පාගා දමමින්, විරුද්ධ මතවාදීන් තර්ජන හා අතුරුදහන් කරවීම් මගින් නිහඬ කරවමින්, තමන්ට හීලෑ නොවන මාධ්‍යවේදීන් බිය ගන්වමින්, සුදුවෑන් මගින් ජනතාව පැහැර ගනිමින්, වෘත්තීය අරගල මර්දනය කර, අහිංසක කම්කරුවන් ඝාතනය කරමින්, කිසිදු නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලීනව රඳවා ගැනීම් සිදු කරමින්, සමාජයක ආරක්‍ෂා කළ යුතු සකල විධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් රජයන සමාජයක් නිර්මාණය කරන මෙන් රජයට බල කරමින් යාපනයේ පවතී ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියේදී යෝජනාවක් සම්මතවිය.

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පැවති මෙම මැයි දින රැලියට දෙමළ ජාතික සන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව සම සමාජ පක්ෂය හා නව සිහල උරුමය ඇතුලූ පක්ෂ කිහිපයක් සහභාගී විය.
එහිදී මැයි දින යෝජනා 5 ක් සම්මත වූ අතර ඒවා පහත සදහන්වේ .
යෝජනා අංක 1
ජිවන වියදම අවම කිරීම සඳහා වූ යෝජනාව

එක්සත් වමේ මැයි රැලිය


වමේ මැයි රැලිය ගුණසිංහපුර පර. තයිස් පිටියේදී පැවැත් විණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, ලංකාවේ කොමියුනිට් පක්ෂය (මා ඕවාදී), සමාජවාදී පක්ෂය, සම සමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, පීපල්ස් මාර්ච්, පරැට ක්සිස් සාමූහිකය, එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු දේශපාලන පක්ෂ, සංවිධාන හා වෘත්තිය සමති ඊට එක් වූහ. දෙමළ බසින් දේශනය පවත්වන ලද්දේ ජන අරගල ව්යා්පාරයේ ජාතික කමිටු සාමාජික කේ. තිරුබාහරන් මහතා විසිනි.

චමීර කොස්වත්ත මහතා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

රට එකට පසෙක තබා, නිල් බලකාය එකට ගනී


'රට එකට' යන තේමාව යටතේ පැවති ආණ්ඩුවේ මැයි දින පෙලපාලියේදී සන්ධනාය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසෙකලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීරයාගේ 'නිල් බලකාය එකට' ගැනීමට මැයි දින සංවිධාන කමිටුවේ ප්‍රධානී ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කර තිබේ. ඒ අනුව ආණ්ඩු පක්ෂ මැයි දින පෙළපාලියෙන් ඉදිරියෙන් ම ගමන් කරනු ලැබුවේ නිල් බලකා සාමාජිකයින්ය.
මෙතෙක් පැවති සම්ප්‍රදායට අනුව ආණ්ඩුවේ මැයිදින පෙළපාලියේ මුලින්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන බැනරය යටතේ සන්ධානයේ නායකයින් ගමන් කිරීමවත්, අනතුරුව සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන ශ්‍රී ලංකා නිදහස් පක්යේ බැනරය යටතේ ශ්‍රීලනිප මහලේකම්වරයා ඇතුලූ ප්‍රධාන නිලධාරීන් ගමන් කිරීමත් සිදු විය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත කියමින් යැයි කියමින් පෙළපාලි ගමන් ලැයිස්තුවේ නිල් බලකායට පෙරට ගැනීම පිළිබඳව විරෝධය පළකරමින් එම පක්ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා පක්ෂ බැනරය යටතේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. පෙළපාලිය ආරම්භයේදී එයට සහභාගි නොවූ ශ්‍රීලනිප මහලේකම්වරයා බොරැල්ල කැම්බල් පිටියේ සිට පෙළපාලිය සංවිධානය කරනු ලැබීය. ශ්‍රීලනිප බැනරය යටතේ පෙළපාලියට එක්වන ලෙස සංවිධායකයින් කිහිපවරක් දැනුම් දෙනු ලැබුවද ඔහු එය මායිම් කොට නැත.

ශ්‍රීලනිප ලේකම් ධුරයට ඩලස් සුදුසු බව ජනපති කියයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට වඩාත් සුදුසුම තැනැත්තා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බව තමාට අද දින තහවුරු වූයේ යැයි ජනධිපතිවරයා, ඔහුගෙන් සමීපතම හිතමිතුරෙකුවන මහජන බැංකු සභාපති කරුණාජීව මහතාට මැයි 01දා පෙරවරුවේ පවසා තිබේ.
දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා සහබාගිවූ ජනාධිපතිවරයා කරුණාජීව මහතා ඇතුළු කිහිපදෙනෙකු සමඟ සුහද කතාබහක යෙදෙමින් ඒ බව පවසා තිබේ. මහජන බැංකුව ආරම්භ කළ ඉලංගරත්න මහතාට උපහාර පිදීම සඳහා එම උළෙල සංවිධානය කර තිබුණේ මහජන බැංකුව විසිනි.

Share this article with your friends