Chitika Smowtion 468x60


Friday, May 4, 2012

රන්ජන් ගැහැනියක් වෙයි


පසුගියදා රන්ජන් - චතුරිකා සම්බන්ධය හේතුවෙන් පුවත් මවන්නෙක් වූ රන්ජන් මේ දිනවල කාන්තාවගේ චරිතය නිරුපනය කිරීම සඳහා වෙහෙසන බව වාර්තා වේ.

ඔහු කාන්තාවකගේ චරිතය නිරුපනය කරන්නේ "කාන්චානා" නම් දමිල සිනමා පටයක් ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයක් වෙනුවෙනි.

කාංචනා දමිල චිත්‍රපටයේ එම කාන්තාවගේ චරිතය නිරුපය කරනු ලබන්නේ සරත් කුමාර් නම් නළුවෙකු විසිනි.
එම චිත්‍රපටයේ රුගතකිරීම් අතරතුර ලබාගත් ජායාරුප එකතුවක් පහතින් බලන්න 






ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල වැඩිවේ


ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළට
කිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළට
සිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළට

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදීය.

මේ අනුව දැනට රු. 2,080/- ක් වන කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු. 2430/- කි. මිල ඉහල යාම ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම බලපායි.

මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලා. මෙ අනුව කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර රුපියල් 647ක් වු කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති.

ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.

කොළඹ කොටස් වෙළඳ පොල යම් කිසි කාලයකට වසා දැමීමේ අවධානමක් තිබේද ?


මේ දිනවල කොටස් වෙළඳ පොල කඩා වැටීම දිගටම පැවතීම හේතුවෙන් දෙස් විදෙස් ආයෝජකයන් තමන් සතු සමාගම් වල කොටස් තමන් මිලදී ගත් මිලටත් ඉතාමත් අඩු මිල ගණන් යටතේ අලෙවි කර කොටස් වෙළඳ පොලෙහි ඇති මුදල් බැංකු ආශ්‍රිතව සහ වෙනත් ආයෝජන වෙත යොමු කරනු ලබයි. 

එබැවින් කොටස් වෙළඳ පොල ආශ්‍රිතව යැපෙන සමාගම් වන තැරැව්කාර සමාගම්, ඒහා ආශ්‍රිතව වාර්තාවන් ඉදිරිපත් කරන ආයතන ඇතුළු තවත් විශාල ප්‍රමාණයක් ආයතන වල ආදයම් තත්වය පහත බැස ඇත.

තවද කොටස් වෙළඳ පොලෙහි කරන සියළුම ගණුදෙනු සඳහා එම ආයෝජකයාගේ නිවසට හෝ කාර්යාලයට ලිපියක් යවනු ලැබේ. කොටස් වෙළඳ පොලෙහි සිදුවන ගණුදෙනු අඩු වීම නිසා එම ලිපි ප්‍රමාණයද අඩුවී ඇති බැවින් එමඟින් තැපැල් සංස්ථාවටද සිදුවන්නේද මිලියන ගණනක පාඩුවකි.

හිරු ටි.වී හේතුවෙන් ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 හිස් වෙයි


ඊයේ (03) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබු හිරු ටි.වී විකාශන කටුතු ආරම්භ කිරීම සිදු නොකළේ මන්දැයි පාඨකයන් විශාල ප්‍රමාණයක් අපෙන් විමසා තිබුනා.

හිරු ටි.වී විකාශය මැයි තුන් වනදා විකාශය ආරම්භ කරන බව ප්‍රකාශ කොට තිබුනේ ඒ.බි.සි මාධ්‍ය ජාලයේ හිමි කරු වන රෙනොර් ද සිල්වා මහාතා වේ.ඒ බව ඔහු නිල වශයෙන් මාර්තු මස 22 වනදා ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.

නමුත් හි.රු ටි.වී නිල වශයෙන් විකාශ කටයුතු ආරම්භ කිරීම ජුලි මස සිදු වන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

හිරු ටි.වී පිලිබඳව අප ලිපි කීපයක් මගින් හෙළිදරව් කල අතර මෙයට පෙර ලිපිය අප අවසාන කලේ අනිසි ආකාරයට ලබාගෙන ඇති විකාශන සංඛ්‍යාත මගින් සිරස ඇතුළු අනෙකුත් නාලිකා වල විකාශනයන්ට බාධා සිදුවන ආකාරයට හි.රු ටීවී විකාශය ආරම්භ කිරීමට සුදානමින් සිටින බවයි.


එජාපයෙන් ආණ්ඩුවට එක් වූ අය මැයි දිනය කර ඇරලා


එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට එක් වී ඇමතිකම් හා වෙනත් වරප්‍රසාද සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබාගත් බොහෝ දෙනෙකු මෙවර සන්ධාන මැයි රැලියට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී නැතැයි එම පක්ෂයේ මූලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, ජී.එල්.පීරිස්, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි අමාත්‍යවරුන් පවා මැයි දින පෙළ පාලියට සෙනඟ ගෙන ඒමට එතරම් උනන්දුවක් දක්වා නොමැත. එහෙත් ජනමාධ්‍ය වැඩබලන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පමණක් මාතර සිට සැලකියුතු පිරිසක් මැයි පෙළපාලියට සහභාගි කරවා තිබේ.

ජෙනරාල් තවදුරටත් සිරකිරීමේ වෑයමක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් හෝ නිදහස් කරනු ඇතැයි ඔහුගේ අනුගාමිකයින් බලාපොරොත්තුව සිටියද ඔවුව තව තවත් හිර කිරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිදුවෙමින් පවතින බව වාර්තාවේ.
ඒ අනුව යුද හමුදා සෙබළුන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රඳවා ගත් බවට චෝදනා කරමින් ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකර ඇති නඩුවට කඩි මුඩියේ විභාගකර දඬුවම් පැමිණවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (4) දිනයේද එම නඩුව විභාගයට ගැනීමට නියමිතය.

සෙවනගල සීනි පවරාගැනීම ගැන පෙත්සම ලන්ඩන් අධිකරණය විභාගයට ගනියි


ඌන උපයෝජිත පනත යටතේ සෙවනගල සීනි කම්හල ආණ්ඩුවට පවරා ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයට එරෙහිව ගොනු කොට ඇති පෙත්සමක් විභාගයට ගැනීමට ලන්ඩන්හි පිහිටි බේරුම්කිරීමේ ජාත්‍යන්තර අධිකරණය තීරණය කරයි.
ඉහත කරුණ සම්බන්ධයෙන් රු. බිලියන 14ක වන්දි ඉල්ලා දයා සමූහ ව්‍යාපාරයට අයත් සෙවනගල සීනි කර්මාන්ත සමාගම මාර්තු 16 වැනිදා ආයෝජන මණ්ඩලයට යැවූ එන්තරවාසියට ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් එම පෙත්සම ගොනු කොට ඇත.

රාජපක්‍ෂ දෙසොයුරෝ සීතල යුද්ධයක


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ දෙසොයුරෝ අතර ගැටුමක් ඇතිවීමට ඉතා ආසන්න තත්ත්වයක් ඇතිව ඇති බව ‘ලංකා නිවුස් වෙබ්’ වෙත වාර්තා වේ.
බැසිල් විසින් අමාත්‍ය මර්වින් සිල්වාට සහයෝගය දැක්වීමත් ගෝඨාභය විසින් මර්වින්ට විරුද්ධ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන්ට ආධාර අනුබල ලබාදීමත් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබේ.
මේ අතර, බැසිල් කැලණිය ආසන සංවිධායක ධූරයට මර්වින්ගෙන් පිට වෙනත් අයෙකු පත් කිරීමට දැඩි ලෙස විරුද්ධව සිටින බවද වාර්තා වේ.

Share this article with your friends