Chitika Smowtion 468x60


Friday, May 11, 2012

මහා කුඩ තොරණ, මාතර වෙසක් හා ලන්ඩන් වෙසක්



මහා කුඩ තොරණ
අනුග්‍රහය රේන්කෝ කුඩ සමාගම

ලන්ඩන් වල වෙසක් සැමරුම.
ජායාරූප එව්වේ: මහේෂ් රෙක්ස්

මාතර වෙසක් කලාපය.
ජායාරූප එව්වේ: රිෂාන් මධුශංක



දිනමිණට ලාභ වු බාල ගුවන් යානා තෙල්


පසුගියදා සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් මිලදී ගෙන මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet Oil) ටොන් 7,500 භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 14ක් හෙවත් මිලියන 140 ක්‌ වන බව තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබෙනවා.

නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ තවත් හේතුවක්.

ගෙනා ගුවන් යානා තෙල් ටොන් 20,000ක් අතුරින් ප්‍රමිතියෙන් තොර තෙල් ටොන් 7,500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇති අතර ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්‍ෂණයක්‌ සිදුකර තිබෙන අතර ඒවායේ හා භූමිතෙල් වල වෙනසක් තිබී නොමැත.

ලංගම බසය තල්ගසේ හැපේ


හලාවත - කුරුණෑගල මනලෙම්බුව සිට හලාවත නගරය දක්වා දිවෙන මගීන් ප්‍රවාහනය කරමින් තිබු හලාවත ඩිපෝවට අයත් ලංගම බස්රථයක් අද උදෑසන හලාවත මුගුනුවටවන ප්‍රදේශයේදී පාරෙන් එවතට පැන තල් ගසක ගැටී තිබෙනවා.

අනතුරට ලක්වී පුද්ගලින් 10 දෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට එතුලත් කර ඇති අතර එහි රියදුරුගේ තත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ජනතාවට ඕනේ නම් මම දේශපාලනයට එනවා- මාලක සිල්වා


ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට තමාගේ අදහසක් නොමැති බවත් ඒ වෙනුවට ව්‍යාපාර දියුණුකරගෙන සිටීම තමාගේ අරමුණ බවත් මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පෙරේදා පුවත්පතකට පවසා තිබුණා.

නමුත් තවත් පුවත්පතකට ඊයේ ඔහු පවසා තිබෙනේ ජනතාව ඉල්ලා සිටින්නේ නම් තමා දේශපාලනයට පිවිසෙන බවයි.


Samsung Galaxy S3 එළි දකී !


සැම්සුන් සමාගම විසින් ගැලැක්සි මාදිලියේ අළුත්ම දුරකථනය වන ගැලැක්සි S3 පසුගියදා ලන්ඩනයේදී එළි දැක්වුණා.

Android ICS 4 (ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී‍්‍රම් සැන්ඞ්විච්) මෙහෙයුම් පද්ධතියෙන් යුක්ත මෙය 8MP පසුපස කැමරාවක්, 1.9MP ඉදිරි කැමරාවක්, Quad-core 1.5 GHz (කෝර් 4 කින් යුත්ත) ඉතා වේගවත් processor එකක්ද, 1GB RAM එකකින්ද යුක්තයි.

720 x 1280 pixels resolution සහිතය. ගැලැක්සි S2 තිරයට වඩා 22% කින් විශාල 4.8 inches Super AMOLED තිරයකින් සමන්විතය. එය iPhone 4S වල 640 x 960 pixels, 3.5 inches ටවඩා වැඩි අගයකි.


ගැලැක්සි S3 හි විශේෂ අංග දෙකකි. උපාංගය වෙත දෑස යොමු කරගෙන සිටීම එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර මෙලෙස සන්නිවේදනය කරන විටදී දුරකථනයේ තිරය නොනිමී තිබීම එකකි.

පුරවැසියාට එදිරිව පොලීසිය - නීතියට එදිරිව බලය


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
- සුනන්ද දේශප්‍රිය

සියඹලාපිටිය නිදන් කොල්ලය වනාහී වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිස්මයක් විළසින් විශාලකර වර්ණ ගන්වා පෙන්වාලන බිහිසුණූ සංසිද්ධියකි.
විලච්චියේ සියඹලාපිටිය ගම්වාසින් පොදු වශයෙන් යුඇන්පීකාරයින් හෝ ආණ්ඩු විරෝධීන් හෝ නොවේ. ඔව්හු තමන්ගේ එදිනෙදා දිවි පෙවත කරගනිමින් ජිවත්වන නීති ගරුක පුරවැසියන් ය. පසුගිය මැයි පළවැනිදා රැයෙහි සිය වැව දෙසින් බැකෝ යන්ත්‍රයක හ ඇසී එතැනට ගිය තරුණ පිරිසකට වැව් පිටිය හාරමින් සිටි එස්ටීඑෆ් සෙබළුන් යැයි කියාගත් පිරිසක් පහර දුන්හ. මෙම පහර දීමට එරෙහිව ගමෙහි ගැහැනුන් සහ පිරිමින් එක්වූහ. එමෙන්ම සිය වැව් පිටිය හාරන්නේ නිදන් හොරුන් බව සැකකල ගම්මු හාර පන්සියයක් එක්ව මහත් ප්‍රති විරෝධයක් පෑහ. මෙම සිදුවීමට දින දෙක තුනක සිට එස්ටීඑෆ් යැයි කියාගත් පිරිස් සියඹලාපිටිය වැවට දිස්ටිය දාගෙන සිටින බව ගම්මු නිරීක්ෂනය කර තිබුණි.

දුමින්දගේ සැත්කම් කතාව ‘අතේ රෝලක්’


අංගොඩදී වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී බරපතළ සැත්කමක් සිදු කිරීමට නියමිත බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලසුම් සහගතව පළ කරන ලද ප‍්‍රවෘත්තියක් බව අප ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
දුමින්ද මන්තී‍්‍රවරයාගේ ඉවත් කරන ලද හිස්කබලේ කොටසක් නැවත සවි කිරීමේදී බරපතළ සැත්කමක් ලබන 19 වනදා සිදු කෙරෙන බව බොහෝ පෞද්ගලික මාධ්‍ය පළ කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.

තිලංගට නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නැයි බැසිල්ගෙන් බලපෑම්


නවක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීමේදී තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයාටද නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කොට ඇති අතර, ශී‍්‍ර ල.නි.ප. මහලේකම් මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයා මෙන්ම, කොළඹ දිස්ති‍්‍රක් නායක සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයාද එම අදහස අනුමත කර තිබේ. කෙසේ වුවද අප වෙත වාර්තා වන පරිදි ජනාධිපතිවරයාගේ මෙතෙක් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට ප‍්‍රබල නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, එම තීරණය සාධාරණීකරණය කිරීමේ අරමුණින් තවත් මන්තී‍්‍රවරු කිහිපදෙනෙකුටද නියෝජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීමට මූලික කාරණා 03 ක් හඳුන්වා දී ඇත.

Share this article with your friends