Chitika Smowtion 468x60


Wednesday, May 16, 2012

පෝන් ස්ටාර් "සනී ලියෝන්" ලංකාවේ


ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්" මේ දිනවල සිටින්නේ ලංකාවේ.

ඇය මෙරටට පැමිණ තිබෙන්නේ Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා.

එම චිත්‍රපටයේ ඉතිරි කොටස් රූගත කර තිබෙනෙන ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර වලයි.

ඇයගේ උපන්දිනය පෙරේදාට යෙදී තිබුණ අතර පෝන් ස්ටාර් "සනී ලියෝන්" සිය 31 වන උපන්දිනය සැමරීමට ලංකාවට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

"සනී ලියෝන්"ගේ ජායාරූප කීපයක් පහතින්

කඳුකරයෙන් සහ මුහුදකින් යුත් අලුත් පලාතක් හැමෝටම


ලංකාවේ දැනට පවතින පලාත් වල සීමාවන් වෙනස් කරමින් සෑම පලාතකටම මුහුදු තීරුවක් ලැබෙන සේ නව මායිම් ලකුණු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳව රජයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා වලින් ක්‍රියාවට නැංවීමට තීරණය වී ඇතැයි පැවසෙන අතර මේ යෝජනාව අනුව සෑම පලාතකටම මධ්‍යම කඳුකරයෙන් කොටසක් ද හිමි වෙනවා.

එකම භාෂාවක් කතා කරන සමාන ජාතිකයින් විසීම, සංස්කෘතිකමය සමානකම්, ඉඩම් අයිතිය සහ සමාන භූ විෂමතාවයන් සලකා උතුරු නැගෙනහිර දෙපලාත එක් කිරීමට එම පලාත් වල මහජන නියෝජිතයින් විසින් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් උනා.

උත්පලා ගේ පෙම්වතා පිටුපායි


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.

එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ.

මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි.

ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුව "වියපත් බඹරා" චිත්‍රපටයේ රංගනය පිලිබඳ සිය පෙම්වතාට පැහැදිලි කර දී තිබුණි.

කාල්ටන් සුපර් සෙවන් වෙනුවෙන් විවේක් හා බිපාෂා ලංකාවට


කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරඟය මෙම මස 26 වනදා ආරම්භ වීමට නියමිතය.දේශීය රග්බි ක‍්‍රීඩකයින්ගෙන් හා ලොව සුපිරි සත් සාමාජික රග්බි ක‍්‍රීඩකයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට එක්වන අතර සෑම කණ්ඩායමක්ම ක‍්‍රීඩකයන් එක් කරගන්නේ ලංසුවක් මගිනි.

නමුත් මෙම තරඟය සඳහා සහභාගී වීම මහනුවර ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයින් ප්‍රතික්ෂේපකොට ඇත.

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ පළමු අදියර මේ මස 26 – 27 දෙදින බෝගම්බර පිටියේදීත්, දෙවැනි අදියර ජුනි මස 2 – 3 දෙදින කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.


Tuesday, May 15, 2012

ජනාධිපතිවරයා අධිකරණය ගැන භීතියකින්?


අධිකරණය යළි ස්වාධීන කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ගෙන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එල්ලවී ඇති බලපෑම් හමුවේ, ඇය තම දේශපාලන නියෝග ඉටුකිරීම පැහැර හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා දැඩි ලෙස බියට පත්ව සිටින බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග වාර්තා වේ.
අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය දිනෙන් දින බිඳවැටෙමින් පවතින හෙයින්, නොපමාව අධිකරණයේ, අපක්ෂපාතී බව සහ යුක්ති සහගත භාවය ජනතාව තුළ යළි තහවුරු කරන ආකාරයෙන් ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කිරීමේ වැදගත්කම එකී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් අගවිනිසුරුවරියට පැහැදිලි කර දී ඇත. එසේම එවැනි තීරණවලට එරෙහිව අගවිනිසුරුවරියට දේශපාලන බලපෑම් පැමිණියෙහොත් ඊට විරුද්ධව සමස්ත නීති ක්ෂේත්‍රය පෙළ ගස්වන බවට ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ද ඇයට පොරොන්දු වී තිබේ.

ඉල්ලා අස්නොවන බව NSB සභාපති කියයි


තමා කිසිදු වරදක් නොකර නොමැති හෙයින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අවධාරණය කර සිටී. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් වැඩිකරන ලද අධික මිලගණන් යටතේ මිල දී ගැනීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හමුවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පැතිරයන රාවය පිළිබඳව මාධ්‍යවේදීන් කිහිපදෙනකු කළ විමසීමේදී ඔහු ඒ බව සඳහන් කර තිබේ.
මෙම කොටස් මිල දී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ මොහොතේ, කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණයෙන් පසු මීට වගකිවයුතු සැබෑ වගඋත්තරකරුවන් කවුරුන්දැයි මුළු රටටම හෙළිදරවු වනු ඇති බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සුදුවෑන් මිනීමරුවන් නීතියෙන් සඟවන ජනාධිපති නීතිඥයා හෙලිවේ

මරාගේ සුදුවෑන් මිනීමරුවන් නීතියෙන් සඟවන ජනාධිපති නීතිඥයා හෙලිවේ-

මිනීමරු මරා රෙජීමයේ සුදු වෑන් පැහැර ගැනීම් ගැන රෙජීමයේ මිනීමරු නීති විශාරදයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ සේපාල රත්නායක නමැත්තා බව 
අප වෙත වාර්තා වේ.

මොහු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර එහි සේවය කරන්නෙකි. මිනීමරු නීති උපදෙස් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවන ජනාධිපති නීතිඥයෙකි.
මොහුට පැවරී ඇති මිනීමරු කාර්යය නම් මරාගේ හෝ ගෝරාගේ මිනීමරුවන් විසින් සුදුවෑන් පැහැර ගැනීමක් සිදුකළ පසු ඒ සම්බන්ධ පැමිණිල්ල අදාල පොලිස් ස්ථානයට ලැබුණු විට එය සටහන් කර ගැනීමේදී නීතිමය මඤ්ඤං භාවයක් ඇති කරලීමයි.

සුදුවෑන් පැහැර ගැනීමේ දී පොලීසිය සටහන් තැබීමේදී අනාගතයේදී හෝ අනතුරක් නොවන ආකාරයට සටහන් තැබීම ගැන පොලිසියට පැමිණ අදාල නීතිමය වංචාවේ උපදේශකයා ලෙස කටයුතු කරන්නේ මෙම ජනාධිපති නීතිඥ සේපාල රත්නායක ය.

අපි ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා ?


'අපි ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා' -ජනපති කියයි : කොන්දේසි මොනවාදැයි ජනතාව විමසිල්ලෙන්-

"අපි ෆොන්සේකා ඉක්මණින් නිදහස් කරනවා" යැයි රෙජීමාධිපති මහින්ද රාජපක්ෂ කොළඹදී පැවැසී යැයි ඉන්දියාවේ 'ද හින්දු පත' වාර්තා කරයි. රාජපක්ෂ එසේ පවසා ඇත්තේ ඊයේ 'ගෝඨාගේ යුද්ධය' නම් පොත දොරට වැඩීමේ උත්සවයේදී හින්දු පුවත් පතේ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පොන්සේකා නිදහස් කිරීමට ඇති ප්‍රමාදය කිමෙක්දැයි හින්දු පුවත්පතේ රාධක්‍රිෂ්නන් ප්‍රශ්න කළවිට රාජපක්ෂ පවසා ඇත්තේ පොන්සේකා නිදහස් කර ගැනීමට ඛෙහෙවින් මහන්සි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ශ්‍රී ලංකාවේ නොසිටීම බවයි. මහා බි්‍රතාන්‍යයට ගිය අලස් මන්ත්‍රීවරයා අද ලංකාවට එතියිද ඔහු නිදහස් කර ගැනීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතු යයිද ජනපති හින්දු පත්‍රය සමග කීවේ යැයි එහි සඳහන් වේ.

ජනාධිපති සවස හින්දු පත්‍රයට මෙසේ පවසද්දී උදේ එජාප නියෝජිතයන් සමග කළ සාකච්ඡාවේදී ෆොන්සේකා නිදහස් කරන බව මාධ්‍ය වල පළවී ඇති ප්‍රවෘත්තිය ගැන විමසූ විට කීවේ තමාද එය දැනගත්තේ මාධ්‍ය වලින් බවත් ටිරාන් ආ විට ඒ ගැන විමසිය යුතු බවත් ය.

සිරකරුවන්ට සමාව දෙන්නේ ජනාධිපතිවරයා මිස ටිරාන් අලස් මන්ත්‍රීවරයා නොවේ.

Share this article with your friends