Chitika Smowtion 468x60


Saturday, May 19, 2012

ජනධිපතිතුමා සැරියුත් පරම්පරාවේ කෙනෙක් - මර්වින්


  • ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාව අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවට සම්බන්ධයි.
  • රටේ වී විකුණා ගන්ඩ බැරිව අතිරික්තයක් තියන ඒකෙන්ම පෙනෙනවා රටේ සංවර්ධනය
  • මං ඇඬුවේ ඉපදෙන දවසේ විතරයි. මං මැරෙන දවසටත් හිනා වෙනවා

මහජන සබඳතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සාකච්ජාවක් සිළුමිණ පුවත්පතේ පලවී තිබෙනවා, එහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ එක් පැත්තක් මුගලන් පරම්පරාවටත්, අනෙත් පැත්ත සැරියුත් පරම්පරාවටත් නෑකම් කියන බවයි

තව දුරටත් අදහස් දවන අමාත්‍යයවරයා පවසන්නේ රටේ එළවළු, වී විකුණා ගැනීමට බැරි තත්ත්වයක් තිබෙන්නේ රට සංවර්ධනය වී ඒවාගේ අතිරික්තයක් තිබෙනා නිසා බවයි.

රටේ සංවර්ධනයක් වෙනවා කියලා ඔබට හිතෙනවා ද?

සායම් මකාගන්න අතුලගෙන් කෝලං


අතුල සමිතා නැවතත් එකතුවුන බව පවසමින්ද, කටකතා ගැන කිසිත් නොදන්නා බවද පවසමින්ද සිටින අතරතුර වසර 4ක ප්‍රේමයෙන් පසු තමන් අතුල සමඟ විවාහ වුනේ 2010 වසරේ මුල බව පවසමින් නිරූපන ශිල්පිනියක් වන අමායා පසුගියදා හෙළි කළා.

තත්ත්වය එසේ පවතිද්දී "ආලෙන් වෙලාගන්න කෝළං කළා..සිත ආලෙන් මුදාගන්න මායම් කළා.." ගීතය පසුගියදා අතුල සමිතා දෙදෙනාම එක්ව ගායනා කළේ වොර්ටර් එජ් හිදී පැවති රයිගම් සම්මාන උළෙලේදීයි.

එම ගීතය ගායනා කළ අතර පසුබිමෙන් මනරම් රැඟුමක්ද දැක්වූ නමුත් කිසිවෙකුගේ අවධානය රැඟුම වෙත යොමුවූයේ නැති අතර සියල්ලෝම බලා සිටියේ අතුල සමිතා දෙසයි.

අගවිනිසුරුවරියගේ සැමියාට වරද පටවමින් සුමනදාස ඉල්ලා අස්වේ


ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රුපියල් මිලියන 390ක් වියදම් කරමින් "ද ෆිනෑන්ස්" සමාගමේ රු.32ට තිබූ කොටසක් රු. 50 බැගින් මිලදීගනිමින් පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකළ දූෂිත ගනුදෙනුව විනිවිද භාවයකින් තොරව ක්‍රියාකිරීම පිළිබඳව සිත් බිඳුණු බැවින් මෙලෙස ඔහු ඉල්ලා අස්වූ බව දන්වා ඇති අතර අස්වීමෙන් පසු ඔහු වරද පටවන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයටය.

එහිදී ඔහු සෘජු චෝදනාව එල්ල කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ අගවිනිසුරු වරියගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම්ට ය.

ප‍්‍රදීප් කාරියවසම් හා ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන යන දෙදෙනාම පත්කරනු ලැබුවේ ජනාධිපතිතුමා විසිනි.


Friday, May 18, 2012

එකම පීල්ලේ දෙවන දුම්රිය අනතුරත් සිදුවේ


එකම පීල්ලේ දෙවන දුම්රිය අනතුරත් සිදුවේ: 30 කට තුවාල

දුම්රිය සඥා පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකිරීම නිසා 
අප වෙබ් අඩවිය ඊයේ (17) රාත්‍රී එකම පීල්ලේ ගමන් ගත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් යළිත් දුම්රිය අනතුරක් සිදු වී තිබේ. මෙම අනතුරින් මගීන් 30 ක් පමණ තුවාල ලබා ඇති අතර එක් දුම්රියක් පීලි පැන ඇත. තුවාල කරුවන් අතර බරපතල තත්ත්වයේ අය නොමැති බව වාර්තා වේ. මෙය සිදුව ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ කීනවල සහ වඳුරව යන දුම්රිය ස්ථාන අතරතුර දීය.

මගී ජනයා විසින් 'හිඟන්නා' නමින් හඳුන්වන රාත්‍රී 7.30 ට පොල්ගහවෙලින් පිටත්ව කොළඹ බලා දිවෙන මගී දුම්රිය කිසියම් දෝෂයක් නිසා ඉහත දුම්රිය ස්ථාන දෙක අතර නතර කර තිබී ඇත. මෙම දුම්රිය පැය භාගයකටත් වඩා වැඩි කාලයක් එලෙස නතර කර තිබී ඇත. ඉන් පසුව පසුපසින් පැමිණි කොළඹ බලා දිවෙන ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් ද නවතා ඇති හිඟන්නා දුම්රියේ වැදී තිබේ.

ෆොන්සේකා නිදහස් කිරීමේ රාජපක්ෂ චිත්‍රපටය


ෆොන්සේකා නිදහස් කිරීමේ රාජපක්ෂ චිත්‍රපටය සහ නිදහසින් පසු ෆොන්සේකා නම් දේශපාලනඥයාගේ ගමන් මග

දැනට පෙනෙන ආකාරයට ජනාධිපති වරයා විසින් නුදුරු දිනකදී සරත් ෆොන්සේකාව නිදහස් කිරීමට කටයුතු කරනු ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වෙත ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ සොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය හිටපු හමුදාපති වරයා නිදහස් කරන මෙන් ඉල්ලා සිටින බවත් එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මාස 6 ක පමණ සිට අදාල කරුණ අරභයා තමන් සමග සාකච්ඡා කරමින් සිටින බවත්ය. ජනාධිපති වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් විදේශ ගත වී ඇති බැවින් ඔහු දිවයිනට පැමිණි පසුව හිටපු හමුදාපති වරයා නිදහස් කිරීම සඳහා තව දුරටත් සලකා බැලිය යුතු කාරණා සම්බන්ධව අවසන් තීරණයකට පැමිණෙන බවය. මෙම ප්‍රකාශයන් තහවුරු කරමින් 16 වන දින උදය වරුවේ ජනාධිපතිවරයා මුනගැසී හිටපු හමුදාපති වරයාගේ සුවදුක් බැලීමට රෝහලට පැමිණි ටිරාන් අලස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හිටපු හමුදාපති වරයා හැකි ඉක්මනින් නිදහස් කිරීමට උදෑසන පැවති සාකච්ඡාවේදී ජනාධිපති වරයා එකඟ වූ බවයි. මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අලස් මන්ත්‍රී වරයා කියා සිටියේ මේ සඳහා කිසිදු කොන්දේසියක් රජය පාර්ශවයෙන් ඉදිරිපත් නොකළ බවයි. මේ බව අනෝමා ෆොන්සේකා මහත්මියද පසුව තහවුරු කළාය.

නමුත් මාස ගනනක් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම උදෙසා රජය අපහසුතාවයට පත් කෙරෙන කිසිදු උද්ඝෝෂණයක් සිදු කිරීම සහ රජයට එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පැවැත් වූ කිසිදු උද්ඝෝෂණයන්ට සහභාගි නොවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කොන්දේසිය පිලිබඳව ටිරාන් මන්ත්‍රීවරයා කිසිවක් කිවේ නැත. 17 වන දින පුවත්පත් වාර්තා කරන අන්දමට එදින සවස අනෝමා ෆොන්සේකා මහත්මිය ටිරාන් මන්ත්‍රීවරයා ගේ නිවසේදී ජනාධිපතිවරයා මුණ ගැසී ඇත. මෙම සාකච්ඡා සාර්ථක වූ බවද ඇය මාධ්‍ය වෙත පැවසුවාය. මේ අතර ඛෙලිඅත්තේ බැංකුපොත් ඛෙදා දීමේ රැස්වීමකදී සජිත් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති වරයා සමග සාකච්ඡා කිරිම උදෙසා සිය ස්තූතිය ටිරාන් අලස් වෙත පිරිනැමුවේය.

මේ ලියන මොහාත වන විට ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද මාධ්‍ය මගින් ප්‍රචාරය කෙළේය.

සිරකරුවෙකුට ජනාධිපති සමාව දීමේදී ඉහත කතා කිසිවක් වැඩක් නොවේ. ව්‍යවස්ථාව අනුව එය ජනාධිපතිවරයා සතු අභිමතානුසාරී බලයකි. එයට ටිරාන්ලාත් අනෝමලාත් කැබිනට් මණ්ලඩයවත් අවශ්‍ය නොවේ. නිවසේ සිටි ෆොන්සේකා කුදලාගෙන ගියේ මේ කිසිවෙකුගෙන් අසා නොවේ. මේ ජනතාවට පෙන්වමින් සිටින්නේ ෆොන්සේකා නිදහස් කිරීමේ චිත්‍රපටිය යි. මෙම චිත්‍රපටියේ වීරයා රාජපක්ෂ වීමටත් වරෙක රාජපක්ෂ ටිරාන්ව වීරයා කිරීමටත් සියළු උත්සාහ කරන බව පෙනී යයි.

නිදන් හාරන්න ගිය එස්ටීඑෆ් ඒඑස්පී හෙට්ටිආරච්චිට අමතක නොවන පාඩමක්

මහවිලච්චියේ නිදන් හෑරීමට ගොස් හත් පොලේ ගා ගත් ගෝඨාභයගේ එස්ටීඑෆ් කණ්ඩායම නිසා සමස්ථ එස්ටීඑෆ් බලකායටම ඇතිකරන ලද අපකීර්තියත් පොලිස්පතිවරයාට ඒ ගැන වගකීම බාරගන්නට බල කිරීමෙන් ඔහු විසින් සිදුකරගත් මහා විශාල නින්දාවත් නිසා ගෝඨාභය සහ ආණ්ඩුව ගැන විශාල විරෝධතාවක් එස්ටීඑෆ් සහ පොලීසිය අභ්‍යන්තරයේ පැන නැගෙමින් පවතී.

ඊට අමතරව එම සිදුවීම දේශපාලන කරලියේ ආණඩුවට එරෙහි විශාල ජනමතයක් ඇති කෙළේය.

මේ හේතු නිසා ගෝඨාභය විසින් තමන්ගේම මෙහෙයැවීම මත මහවිලච්චියට යැවූ එස්ටීඑෆ් භට කණ්ඩායමට අණදුන් සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.හෙට්ටිආරච්චි වෙත චෝදනා පත්‍රයක් ලබා දීමට ගෝඨාභය විසින්ම උපදෙස් දී තිබේ. එය හුදෙක් දැනට ඇති වී තිඛෙන විරෝධතාවය සමහන් කිරීමට පමණක් යොදා ගන්නා බවත් ඒ වෙනුවෙන් ඉන් එහා යන කිසිදු ක්‍රියාවක් සිදුනොවන බවත් අප වෙබ් අඩවිය වෙත දැනගන්නට තිබේ.



මරී කොල්වින්: වීරවරියකගේ තෙමස් සැමරුම


‘නිර්භීතයින් අතර නිර්භිතයා’ යැයි සිය වෘත්තීය සගයින් විසින් ආදර ගෞරවයෙන් පිදුම් දුන් ඇයට නූතන මර්තා ගෙල්හෝන් යැයි කියන්නට අයෙක් පුරුදුව සිටියහ.
මාර්තා ගෙල්හොන් වනාහී දක්ෂතාවයෙහි, කැපවීමෙහි සහ නිර්භීතකමෙහි සංකේතයක් බඳු වූ විසිවන සියවසෙහි ශ්‍රේෂ්ඨතම යුද වාර්තාකාරිනියයි.
1908 දී මෙලොව එළිය දුටු මාර්තා මාධ්‍යකරණයට එළඹි 1929 සිට මෙලොව හැර ගිය 1999 දක්වාම වාර්තාකරණයේ සහ ලේඛනයේ යෙදුණි. ඇය 1939 ස්පාඥ සිවිල් යුද්ධය, 1941 චීන- ජපාන යුද ගැටුම, 1943 - 45 දෙවන මහා ලෝක යුද්ධය, 1946 ඉන්දුනීසියානු - නෙදර්ලන්ත යුද ගැටුම, 1963 - 1978 වියට්නාම් යුද්ධය, 1978 - 1998 නිකරගුවානු සහ එල් සැල්වදෝරියානු යුද ගැටුම් වාර්තා කළා ය. ඇයගේ වාර්තා යුද්ධයේ කුරිරු බව පෙන්නුම් කළ මානවවාදී දෘෂ්ඨියකින් යුතු වූ නමුත් සෑම විටම සත්‍ය මත පදනම් වී තිබුණි. යුද හමුදා සමඟ ගමන් කළ කිසිදු අවස්ථාවක ආරක්ෂාව පිණිස හෝ යුද හමුදා නිල ඇදුම් නොඇදි එකම යුද වාර්තාකරු/කාරිනිය ඇය යැයි කියනු ලැබේ. වියට්නාම් යුද්ධය පිළිබඳ වාර්තාකරණයන් නිසා ඇමෙරිකානු රූකඩයක් වූ දකුණූ වියට්නාමය ඇයට එරටට ඇතුල් වීම පවා තහනම් කොට තිබුණි.

මූල්‍ය සමාගම් ගණනාවක් අවදානමේ !


ශී‍්‍ර ලංකා මහ බැංකුව පසුගිය වසරේදී ප‍්‍රකට මූල්‍ය සමාගම් 03 ක බලපත‍්‍ර අහෝසි කර ඇති අතර, තවත් 05 ක් පීඩාවට පත් සමාගම් වශයෙන් හඳුනාගෙන ඇත. ලංකා ඔරෙක්ස් ලීසිං කම්පැනි, පී.එල්.සී, කළුතොට ඉන්වෙස්ට්මන්ට් ඇන්ඞ් ලීසිං ලිමිටඞ් සහ සෙලින්කෝ ලීසිං කෝපරේටඞ් ලිමිටඞ් යන ප‍්‍රකට මූල්‍ය සමාගම් කෙරෙහි බලපත‍්‍ර අහෝසි කර ඇති අතර, පීඩාවට පත් මූල්‍ය සමාගම් මොනවාද යන්න හෙළි කර නැත.
මේ අතර තවත් මූල්‍ය සමාගම් 07 ක ව්‍යාපාරික නාම වෙනස් කර ඇත. ව්‍යාපාරික ලෝකයේ නම් වෙනස් කරනු ලබන්නේ වැඩි ව්‍යාපාරික ඉලක්ක දිනා ගැනීම හෝ බිඳ වැටීමේ අවදානමක් මග හරවා ගැනීමටය.

Share this article with your friends