Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

ජෙනරාල්ගේ සාකච්ඡා කරුවන් ජනතාව ඇන්දුවා


අධිකරණ ලේකම්ගේ ලිපියෙන් හෙළිවේ

ජෙනරාල් ෆොන්සේකා මහතා 21 දා නිදහස් වී පැමිණි පසු කීවේ තමන්ට ලැබුණු නිදහස කොයි ආකාරයේ එකක් දැයි තමා නොදන්නා බවයි. නමුත් ඊට පෙර දින 20 දා රාත්‍රියේ සාකච්ඡා කාර ටිරාන් අලස් මන්ත්‍රීවරයා මාධ්‍යයට කීවේ "ලබා දී තිඛෙන නිදහස මොහුව නිදහස් කිරීම පමණයි. පූර්ණ නිදහසක්ද නැද්ද කියන එක අපි හෙට එලියට ආවට පස්සෙ බලාගන්න ඕනෙ. නමුත් එහෙම වෙලා නැත්නම් ඉදිරියටත් සියලූ දේ මෙතුමාට ලබා දීමට කළ යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා." කියා ය. ඒ දක්වා ඔහු කීවේ කිසිදු කොන්දේසියක් නොමැතිව ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන බවකි.

කෙසේ වෙතත් මෙහි දැක්වෙන්නේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලිනී ද සිල්වා මහත්මිය විසින් 21 දා බන්ධනාගාර කොමසාරිස් වරයා වෙත යවන ලද ලිපියයි. එහි සඳහන් වන්නේ අධිකරණ ඇමැතිවරයා විසින් සුදු කොඩි නඩුවෙන් සහ දෙවන යුදාධිකරණ නඩුවෙන් ද~ුවම් ලබන සිරකරු අංක 022032 දරණ සිරකරුවා වන සරත් චන්ද්‍රලාල් ෆොන්සේකාට ජනාධිපති නිදහසක් සඳහා රෙකමදාරු කරන බවයි. රෙකමදාරුව යවා ඇති දිනය වී ඇත්තේ මැයි මස 15 දා ය. එනම් 'අපි ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා' යැයි රාජපක්ෂ විසින් පළමුවරට හින්දු පුවත් පතේ මාධ්‍යවේදියාට හෙළි කළ දිනට පසු දිනයයි.

යුද්දය නිමා කළ රට, හොරුන් අතලොස්සක් අතට ගිය කතාවේ දෙවන කොටස


සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් අයථා අන්දමින් කොළඹ කොටස් වෙළෙඳ පොලේ යොදවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නගන චෝදනා පදනම් විරහිත බවට ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල ප්‍රවෘත්ති නිවේදනය හුදෙක්ම ඒක පාර්ශ්වික හා රටේ ජනතාව නොමග යවන සුළු අසත්‍ය නිවේදනයකැයි 'ලංකා ඊ නිව්ස්' තරයේ සඳහන් කරමු.

හැකිනම්, පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 වැනිදා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් රුපියල් මිලියන 1584 ක් යොදවා ලාෆ් ගෑස් සමාගමේ මුළු කොටස් අයිතියෙන් සියයට 10 කට සමාන කොටස් මිලියන 33 ක් කොටසක් රුපියල් 48 ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමේ ආයෝජන සිද්ධාන්තය කුමක් දැයි පිලිගත හැකි හේතු සාධක සහිතව ඔප්පු කර පෙන්වන ලෙස අප වත්මන් මහ බැංකු අධිපති, හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් ලෙස්ලි කබ්රාල්ට මෙසේ අභියෝග කරමු.

මෙම ගණුදෙනුව සිදු වූ වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ අධිකාරිව සිටි රෑපා ධීරසිංහ මහත්මිය පවසන්නේ එය මහ බැංකුවේ සුදුසුකම් ලද අරමුදල් කළමණාකරුවන්ගේ නිර්දේශය මත කොටස් වෙළඳ පොළ මුලධර්මානුකුලව දිගු කාලීනව වාසි පදනමින් මහ බැංකු ආයෝජන කමිටුව විසින් සිදු කරන්නට යෙදුනු මිලදී ගැනීමක් බවයි.

නමුත් අප වෙත වාර්තා වන ආකාරයට මෙය මහ බැංකු අධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත පුද්ගලික හිතවත්කම් මත මේ සාපරාධී ගණුදෙනුව සිදුව ඇත.

පූගොඩින් රත්තරන් ඉල්ලමක් මතුවෙලා


පවුමක් රු. 54000ක මිලට

කැළණි ගෙඟ් පූගොඩ සිට කුමාරිමුල්ල ප්‍රදේශය දක්වා ප්‍රදේශයෙන් රත්තරන් මතු වී තිබේ. මෙය ආරම්භ වී දැන් දින 10 ක් පමණ වන බව පැවසේ. ශ්‍රී ලංකාවේ රත්තරන් ඉල්ලමක් මෙසේ හමුවී ඇත්තේ ප්‍රථම වතාවට ය.

සිව් දෙනෙක් එක් වී දිනක් තිස්සේ මහන්සි ගරා ගන්නා ප්‍රමාණයෙන් රත්තරන් පවුමක් පමණ ලබා ගත හැකි බව ප්‍රදේශ වාසීහු පවසති. මේ වන විට ගැහැණු පිරිමි දහසක් පමණ එක් රොක් වී රත්තරන් ගරන බවත් මෙම පිරිස් එකතු කරගන්නා රත්තරන් මිශ්‍ර පාෂාන කොටස් රත්‍රන් වෙළෙඳුන් පැමිණ මිලදී ගන්නා බවත් පූගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර අජිත් මහතා පවසයි.

ජෙනරාල් නිදහස් කිරීමේ ලිපිය මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විසින් ජනාධිපති වරයා සමග සාකච්ඡා කොට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගත් බවට ප්‍රකාශ කළද ඇත්ත වශයෙන්ම සිදු වී තිබෙන්නේ ෆොන්සේකා මහතා මේ වන විට ගත කරමින් සිටි සිර දඬුවම් වල ඉතිරි කාලය ජනාධිපති විසින් අඩු කිරීම පමණක් බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් වූ අවස්ථාවේ රටේ ජනතාව රතිඥ්ඥා දල්වමින් ප්‍රීති ඝෝෂා කළේ ඔහුගේ නිදහස ලැබීම පිළිබඳ සන්තෝෂය පළකිරීම සඳහා මෙන්ම රාජපක්ෂ රෙජීමය විසින් ඔහුට කරන ලද අසාධාරණය පිළිබඳව විරෝධය පළකිරීමක් ද වශයෙනි.

‘‘මේවා අපිට හොඳ පාඩම්’’ බව විනිසුරු දීපාලි පවසයි !


ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව පැවැති කුප‍්‍රකට ‘සුදු කොඩි’ නඩුවේ ප‍්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කළ දැනට අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරියක ලෙස සේවය කරන දීපාලි විජේසුන්දර මහත්මිය පසුගියදා මහාධිකරණ විනිසුරුවරුන් කිහිප පොළක් හමු වූ අවස්ථාවේදී පවසා ඇත්තේ, ‘‘එක එක්කෙනාගේ කීමට නඩු තීන්දු දීමට යාම නිසා තමා සහ තම පවුලේ උදවිය මේ වනවිට ඉමහත් අසීරුතාවයකට මුහුණ දී ඇති බවයි.’’

රතිඤ්ඤා පත්තු කළ හමුදා කඳවුරු පිළිබඳව CID පරීක්‍ෂණ


ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නිදහස්වීම නිමිත්තෙන් පී‍්‍රතිය ප‍්‍රකාශ කිරීම සඳහා රතිඤ්ඤා පත්තු කළ බව කියන හමුදා කඳවුරු කිහිපයක් පිළිබඳව පරීක්‍ෂණ කොට ඊට වගකිවයුතු නිලධාරීන් පිළිබඳව වහාම පරික්‍ෂා කොට තමාට වාර්තාවක් සපයන ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (22) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබේ.

පාර්ලිමේන්තුවට නාමල්ගේ හිතවතියක්


පාර්ලිමේන්තු අතිරේක ලේකම්වරියක් ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ සමිපතම හිතවතියක් තොරා ගැනිමට සුදානම් වන බව වාර්තා වේ. මෙම තොරාගැනිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර එ සදහා 85 දෙනෙකු අයදුම්කර තිබේ. එයින්ද 12 දෙනෙකු තොරාගෙන ඇති නමුත්, අවසානයේ නාමල් රාජපක්ෂ මහතාගේ බලපෑම මත හරිප්‍රීයා ජයසුන්දර නමැත්තියට අතිරේක ලේකම් ධුරයලබා දිමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

නන්දා මාලිනියට අපහාස කළ දේශද්‍රෝහියා කුවේට් තානාපතිමයි - දඬුවමට ලක් වූ ඉන්දික වීරසූරිය හෙළිකරයි


පසුගිය ඉරිදා ජාතික පුවත්පතක පළ වූ ආකාරයට කුවේට් තානාපති සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා නම හෙළි නොකරමින් කියා සිටියේ කුරුණෑගල ප‍්‍රදේශයේ පුද්ගලයෙක් මෙම දේශද්‍රෝහී කි‍්‍රයාවට හවුල් වී ඇති බව හෙළිවූයෙන් ඔහු වහාම ලංකාවට එවීමට කටයුතු කළ බවය.

කෙසේ වුවද අප කළ විමසීමක දී හෙළිකරගත් අයුරින් ඉංග‍්‍රීසි ගුරුවරයෙක් වන මොහු නමින් ඉන්දික වීරසූරිය නමැත්තෙකි. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව ඔහු ද ඉරිදා ජාතික පුවත්පතකට කරුණු හෙළිකර තිබුණා.

මෙම සිදුවීම් මාලාව පිළිබඳව දීර්ඝ ලෙස කරුණු හෙළිකර ඇති ඔහු සපථ කරසිටින්නේ මේ සිදුවීම පිටුපස සිටින්නේ දූෂිත අයුරින් වැඩ කටයුතු කරන මේ තාතාපතිතුමා ම බවයි.

Share this article with your friends