Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

දුමින්ද සිල්වාගේ හිසේ අභ්‍යන්තර රුධිර වහනයක්


දැඩි සත්කාර ඒකකයේ!

සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබන මිනීමරු මන්ත්‍රී කුඩු දුමින්ද සිල්වාගේ හිසේ හදිසි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. පසුගිය 24 වෙනි දින සිදුව ඇති මෙම අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට භාජනයක කර ඇති අතර මේ වන විට ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මාධ්‍ය වාර්තා කළ පරිදි පසුගිය 19 වෙනිදා ඔහුට ශල්‍යකර්මයක් කළ බවක් අප වෙත වාර්තා වන්නේ නැත.

ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම දෙබිඩ්ඩෙක්..!


මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සංගමය විසින් සිදුකරගෙන යන අකුරට වැඩ කිරීමේ විරෝධතාව පිලිබඳ එහි සභාපති නිමල් වෙල්ගම මහතා නරුම ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඉංජිනේරුවරු පවසති.

සංගමයේ ප්‍රධාන විරෝධතාව වී ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටි උල්ලංඝණය කරමින් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ පුද්ගලයන් ස්ථීර සේවයට ඇතුල් කිරීමටත් නුසුදුස්සන් සමාගමේ වගකිව යුතු තනතුරු වලට පත් කිරීමටත් ය.

මේ කාරණා සම්බන්ධයෙන් සභාපති වරයා සංගමය සමග මෙතෙක් කිසිදු සාකච්ඡාවකට හෝ එකඟ වී නැත.

නිමල් වෙල්ගම මහතාගේම සභාපතිත්වයෙන් පවත්වාගෙන යන දිවයින මාධ්‍ය ආයතනයේ පුවත්පත් වලින් රටේ නොයෙකුත් දූෂන අක්‍රමිකතා ගැන පෙන්වා දෙන නමුත් ඔහුගේම සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙලිකොම්හි සිදුවන අක්‍රමිකතා ගැන කතා කළ විට ඊට ඇහුම්කන් නොදෙන ප්‍රතිපත්තියක කටයුතු කිරීම නිසා නිමල් වෙල්ගම මහතා දෙබිඩ්ඩෙක් බව තහුවරු වී ඇතැයි ටෙලිකොම් ඉංජිනේරුවෝ පවසති.

ශ්‍රීලනිප උප සභාපති ඇමැති කරුණා රෙජීමයේ අනුග්‍රහය සහිතව නීති විරෝධී සන්නද්ධ කල්ලියක් මෙහෙයවන බව හෙළිවේ


එල්ටීටීඊයේ හිටපු සන්නද්ධ නායක, ශ්‍රීලනිප උප සභාපති, ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත්කරුණා අම්මාන් තවමත් නීති විරෝධී අවි ආයුධ සහිත සන්නද්ධ කල්ලියක් මෙහෙයවන්නෙක් බව සාක්කි සහිතව හෙළි වී තිබේ.

මෙය හෙළිවන්නේ ඊයේ පාන්දරට කලවංචිකුඩියේදී ටී-56 නීති විරෝධී අවි සහිතව අල්ලාගත් කරුණා අම්මාන්ගේ පිරිසකගෙනි. 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය.

ඊයේට එළිවන මධ්‍යම රාත්‍රියේ කලවංචිකුඩියේ පොලිස් විශේෂ බලකාය (එස්.ටී.එෆ්) විසින් කලවංචිකුඩි අම්පාර මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක‍ෂාවක් සිදුකර තිබේ. රාත්‍රී 12.30 ටපමණ කොළඹ බලා යන ජීප් රියක් සහ කැබ් රථයක් නවතා ඇත. කැබ් රථයේ රියැදුරු සහ දෙමළ තරුණයන් දෙදෙනෙක් ද, ජීප් රථයේ රියැදුරු සහ දෙමළ තරුණයන් තිදෙනෙක්ද සිටියෝ ය. ඉන් ප්‍රධානී වු තැනැත්තා පවසා සිටියේ තමන් ඇමැති කරුණාගේ නැගෙනහිර සමූහ සම්බන්ධීකරණ නිලධාරියා බවයි. අනෙක් සියළුම දෙනා ඇමැති කරුණා අම්මාන්ගේ ආධාරකරුවන් බවද පවසා තිබේ.

කෙසේ වෙතත් එස්ටීඑෆ් නිලධාරීන් පිරිස බස්සවා වෙන් කර වාහන දෙක පරීක‍ෂා කිරීමේදී එහි සඟවා තිබූ ටී-56 අවි 4 ක් අල්ලාගෙන තිබේ. මෙම අවි සඳහා නිකුත් කළ බලපත්‍රයක් තිබී නොමැති අතර අවි 4 සමග උන්ඩ පිරැවූ මැගසින් 4 ක්ද හමුවී තිබේ.

මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ


ශ්‍රී ලංකාවේ චීන තානාපති යැන්ග් ක්ෂුයිං මහත්මිය සිය සේවාකාලය නිමවී පිටත්වයාමට පෙර පසුගියදා අගමැතිතුමා හමුවීමට පැමිණියා.

මේ හමුව සඳහා අග්‍රාමාත්‍ය නිල නිවාසයවූ විසුම්පායේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණ අතර රාත්‍රී බෝජන සංග්‍රහයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර පැවති දීර්ග ඇසුර පිළිබඳව සමීප කතාබහක් පැවතුනා. ඒ අතරේදී අගමැතිතුමා,

"අපි ආයේ මේ විදිහට මුණගැහෙයිද මන්දා. මොකද මට පැන්ෂන් යන්න කාලෙත් හරි වගෙයිනේ. ඒ වුනාට මම බය නැත්තේ මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ" යනුවෙන් පවසා තිබෙනවා.

කටකතා ගැන ශලිනි තාරකා පවසයි


මම සංකේත්ට කැමතියි- ශලනි
මම ශලනිට ආදරෙයි- සංකේත්

"සිහින පියාපත්", ‍"මලී", සහ ‍"භාර්යාවෝ" යන ටෙලිනාට්‍යවල රඟපෑ ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

මේ පිළිබඳව ඔවුන් දෙදෙනා පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.


ශලනි ආදරය ගැන මොකද හිතන්නේ ?
සුන්දරයි, ඇත්තටම මම ආදරයට හරි කැමතියි

ජනප්‍රියතාවත් එක්ක මිනිස්සු කියන කතා ගැන මොකද හිතන්නේ ?

වෙල්ගම ලොක්කා..! දිනෙක ගුටිකන්නේ සේවකයාද? ඇමතියාද? කියා බලමු..!!

පසුගිය දිනක ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා දුම්රිය සංචාරයකට එක් වෙමින් "මෙහෙම දුම්රිය ප්‍රමාද උනොත් දුම්රිය මගීන්ගෙන් දුම්රිය සේවකයින්ට ගුටි කන්නට සිදුවෙනවා" යනුවෙන් ප්‍රකාශ කළ බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි. මෙම ප්‍රකාශය සමස්ත දුම්රිය සේවකයින් වෙනුවෙන් දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර දුම්රිය ප්‍රමාදයේ සැබෑ තත්වය ජනතාවගෙන් වසන් කොට එහි ව`ග උත්තරකරුවා දුම්රිය සේවකයා බවට පත් කිරීමට අමාත්‍යවරයා මෙමගින් උත්සාහ දරා ඇත.

දුම්රිය මාර්ග කිලෝ මිටර් 1450 ක් ආවරණය වන පරිදි දිනකට දුම්රියයන් 333 ක් පමණ ධාවනය විය යුතු වුවත් අවශ්‍ය එන්ජින් නොමැති කම නිසා සෑම දිනකම ධාවනය වන්නේ දුම්රිය 285 ක් පමණ සංඛ්‍යාවකි. දුම්රිය එන්ජින් වල දෝෂ සහිත තත්වයන් සහ අවශ්‍ය කාර්්‍යය මණ්ඩල නොමැති කමින් මෙම දුම්රිය 285 න් ද දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර දුම්රිය මාර්ගයේ දෝෂ සහිත තත්වයන් සහ සංඥා පද්ධතියේ අඩුපාඩුකම්, දුම්රිය නඩත්තු කටයුතු ස`දහා අවශ්‍ය අමතර කොටස් නොමැති කමින් සහ නියමිත ප්‍රමිතියකින් තොරව මිලදී ගනු ලැබු බලවේග කට්ටලවල දෝෂ සහිත තත්වයන් හේතුවෙන් ධාවනය වන බොහෝ දුම්රියන් ධාවනයේදී ප්‍රමාදයන්ට ලක්වේ. මෙවැනි අඩුපාඩුකම් රාශියක් මධ්‍යයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ දුම්රිය නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ කැප කිරීම හේතුවෙන් මිස අමාත්‍යවරයාගේ විශේෂ හැකියාවක් නිසා නොවන බවද පෙන්වා දෙන්නෙමු.

දිමුගේ රෙද්දට ලක්‍ෂ එකහමාරක්


අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ වව්නියා සංචාරයට අවශ්‍ය ඇඳුම් මැසීම සඳහා රෙදි මිලදී ගැනීමට රුපියල් එක්ලක්‍ෂ හතලිස් හතරදාහක මුදලක් වැය කර තිබේ. මේ සඳහා මුදල් ගෙවා ඇත්තේ මහාභාරකාර දෙපාර්තමේන්තුව විසිනි.
ඉකුත් මැයි 08 දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා මේ පිළිබඳව හෙළිදරව් කර තිබේ. මහාභාරකාර දෙපාර්තමේන්තුව මෙම මුදල ගෙවා ඇත්තේ ‘සීතා ස්ටෝර්ස්’ නම් ව්‍යාපාරික ආයතනයක් වෙතය.

සර්වෝදයේ මූල්‍ය සමාගමක තැන්පත්කරුවෝ අනාථයි ?


ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතනයක් වන ‘දේශෝධය සංවර්ධන මූල්‍ය සමාගමේ’ තැන්පත් කර ඇති රුපියල් මිලියන 2,785 මුදල සම්බන්ධයෙන් පහළොස් ලක්‍ෂයක් පමණ වන ගිණුම් හිමියන් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි සර්වෝදය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මූල්‍ය සමාගම සර්වෝදය ශ‍්‍රමදාන අංශය විසින් පවත්වාගෙන යනු ලබයි. ග‍්‍රාමීය ශ‍්‍රමදාස සමිති විසින් සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවා (ගැරන්ට්) ලිමිටඞ් ආයතනයේ (සීඞ්ස්) අයෝජනය කර ඇති මුදල් සහ එම සමිති විසින් ‘සීඞ්ස්’ ආයතනයෙන් ලබාගත් ණය මුදල් ඇතුළුව මෙම සමාගම සතු මුළු වත්කම් සියල්ල ඇත්තේ මෙම මූල්‍ය සමාගමේය.

Share this article with your friends