Chitika Smowtion 468x60


Sunday, May 27, 2012

අලහප්පෙරුමලා මහජන මුදලින් පවුල් පිටින් ගොඩ යන හැටි


රාජපක්ෂලා මහජන මුදලින් පරම්පරා පිටින් ගොඩ යන්නේ නම් රාජපක්ෂලාගේ පක්ෂිම භාගය ලොවින අලහප්පෙරුමලාද එසේ කළාම ඇති වරද කුමක්දැයි සිතා ඩලස් අලහප්පෙරුමලාගේ පවුල කටයුතු කරන බව 
අප වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වී ඇත.

එක් සිදුවීමක් මෙසේය.

ඇමැති ඩලස් අලහප්පෙරුමට සොයුරෙක් සිටී. ඔහුගේ නම ඕෂධී අලහප්පෙරුම ය. විදේශ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගැන මේ ලෝකේ අබ ඇටයක් හෝ නොදන්නා මොහු මේ වන විට ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති වරයා වේ. ස්වීඩනයේ තානාපති තනතුර යනු ස්වීඩනයට පමණක් අයත් වන්නක් නොව එය ඩෙන්මාර්ක් ලැට්වියා ලිතුවේනියා අයිස්ලන්ඩ් ආදී තවත් රටවල් 4 ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කළ යුතුය. මෙම රටවල් අතීතයේ දී ශ්‍රී ලංකාවට බොහෝ ආධාර උපකාර කළද මේ වන විට ඕෂධී අලහප්පෙරුමලා වැනි හාල්පාරුවන් ගේ තානාපති කටයුතු වල හොඳ කම නිසා ශ්‍රී ලංකාව දෙස බලන්නේ අමුතු සත්ව කොට්ඨාශයක් වෙසෙන රටක් යයි සිතාගෙනය.

කෙසේ වෙතත් අලහප්පෙරුමලා පවුල් පිටින් ගොඩ යෑම පිනිස ඩලස් අලහප්පෙරුමගේ සොයුරියක් වන දත් දොස්තර එල්.එස්. අලහප්පෙරුම ද ස්වීඩනයට පැමිණෙන්නේ ය. ඇය දෙවන ශ්‍රේණියේ දත් දොස්තර වරියක් ලෙස පළමු පත්වීම ලබන්නේ 1993 අප්‍රේල් මාසයේදී ය. මල්ලී තානාපති නිසා ඇය සහ පවුල ස්වීඩනයට පැමිණ ස්වීඩනයේ දොස්තර රැකියාවක් සඳහා මාස ගණනක් උත්සාහ කළද එය නොලැබේ. පසුව ඇය සිය පුත්‍රයා ස්වීඩනයේ තානාපති මාමා ලඟ නතර කරවා යළි ශ්‍රී ලංකාවට පැමිණේ.

ක්‍රිකට් තරග විකාශන අයිතිය ජනපති පුත්‍රයින්ට


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහභාගිවන ජාත්‍යන්තර තරග සියල්ල 2015 වනතෙක් මෙරට විකාශය කිරීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ පුත්‍රයින්ට අයත් 'කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස්' (CSN) ආයතනට පවරාගෙන ඇත. මෙම පවරා ගැනීම සඳහා කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් සදහා රුපියල් මිලියන 125 ක් ගෙවා තිබේ. මෙය තරග විකාශන අයිතිය ලබා ගැනීමේ ගිවිසුමකට කිසිසේත් ප‍්‍රමාණවත් මුදලක් නොවේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරි තෙවසර තුළ ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය දකුණු අපි‍්‍රකාව හා සිම්බාබ්වේ යන රටවල තරග සංචාර 11 ක සහභාගිත්වය මේවනවිට විට ස්ථිරවී තිබේ. ඊට අමතරව, මෙයට 2012 දී පැවැත්වෙන 20/20 ලෝකකුසලන තරගාවලියද ඇතුලත් වේ.

අයි.පී.එල්. තරග පාවාදුන් බවට මැතිවුස්ට චෝදනා !


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඇන්ජලෝ මැතිවුස්ට ඉන්දීය ප‍්‍රමුඛ ලීග් කි‍්‍රකට් තරගාවලිය හෙවත් අයි.පී.එල්. තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියකට හවුල් බවට චෝදනා එල්ල වී තිබේ.

නිපන්දු සහ වයිඞ් පන්දු යැවීම සදහා මැතිවුස්ට රුපියල් කෝටි 10 ක මුදලක් දුන් බවට සෝනු යෝගේන්ද‍්‍ර නම් ඔට්ටු තබන්නෙකු චෝදනා කර ඇත.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දැනුවත් කර ඇත.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය සතියේදී මුම්බායි දුෂණ මර්දන ඒකකය විසින් තරග ඔට්ටු තැබූ ජාවාරමක් වැටලීමෙන් අනතුරුවය.

Saturday, May 26, 2012

දුමින්ද සිල්වාගේ හිසේ අභ්‍යන්තර රුධිර වහනයක්


දැඩි සත්කාර ඒකකයේ!

සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබන මිනීමරු මන්ත්‍රී කුඩු දුමින්ද සිල්වාගේ හිසේ හදිසි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. පසුගිය 24 වෙනි දින සිදුව ඇති මෙම අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට භාජනයක කර ඇති අතර මේ වන විට ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මාධ්‍ය වාර්තා කළ පරිදි පසුගිය 19 වෙනිදා ඔහුට ශල්‍යකර්මයක් කළ බවක් අප වෙත වාර්තා වන්නේ නැත.

ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම දෙබිඩ්ඩෙක්..!


මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සංගමය විසින් සිදුකරගෙන යන අකුරට වැඩ කිරීමේ විරෝධතාව පිලිබඳ එහි සභාපති නිමල් වෙල්ගම මහතා නරුම ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඉංජිනේරුවරු පවසති.

සංගමයේ ප්‍රධාන විරෝධතාව වී ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටි උල්ලංඝණය කරමින් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ පුද්ගලයන් ස්ථීර සේවයට ඇතුල් කිරීමටත් නුසුදුස්සන් සමාගමේ වගකිව යුතු තනතුරු වලට පත් කිරීමටත් ය.

මේ කාරණා සම්බන්ධයෙන් සභාපති වරයා සංගමය සමග මෙතෙක් කිසිදු සාකච්ඡාවකට හෝ එකඟ වී නැත.

නිමල් වෙල්ගම මහතාගේම සභාපතිත්වයෙන් පවත්වාගෙන යන දිවයින මාධ්‍ය ආයතනයේ පුවත්පත් වලින් රටේ නොයෙකුත් දූෂන අක්‍රමිකතා ගැන පෙන්වා දෙන නමුත් ඔහුගේම සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙලිකොම්හි සිදුවන අක්‍රමිකතා ගැන කතා කළ විට ඊට ඇහුම්කන් නොදෙන ප්‍රතිපත්තියක කටයුතු කිරීම නිසා නිමල් වෙල්ගම මහතා දෙබිඩ්ඩෙක් බව තහුවරු වී ඇතැයි ටෙලිකොම් ඉංජිනේරුවෝ පවසති.

ශ්‍රීලනිප උප සභාපති ඇමැති කරුණා රෙජීමයේ අනුග්‍රහය සහිතව නීති විරෝධී සන්නද්ධ කල්ලියක් මෙහෙයවන බව හෙළිවේ


එල්ටීටීඊයේ හිටපු සන්නද්ධ නායක, ශ්‍රීලනිප උප සභාපති, ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත්කරුණා අම්මාන් තවමත් නීති විරෝධී අවි ආයුධ සහිත සන්නද්ධ කල්ලියක් මෙහෙයවන්නෙක් බව සාක්කි සහිතව හෙළි වී තිබේ.

මෙය හෙළිවන්නේ ඊයේ පාන්දරට කලවංචිකුඩියේදී ටී-56 නීති විරෝධී අවි සහිතව අල්ලාගත් කරුණා අම්මාන්ගේ පිරිසකගෙනි. 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය.

ඊයේට එළිවන මධ්‍යම රාත්‍රියේ කලවංචිකුඩියේ පොලිස් විශේෂ බලකාය (එස්.ටී.එෆ්) විසින් කලවංචිකුඩි අම්පාර මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක‍ෂාවක් සිදුකර තිබේ. රාත්‍රී 12.30 ටපමණ කොළඹ බලා යන ජීප් රියක් සහ කැබ් රථයක් නවතා ඇත. කැබ් රථයේ රියැදුරු සහ දෙමළ තරුණයන් දෙදෙනෙක් ද, ජීප් රථයේ රියැදුරු සහ දෙමළ තරුණයන් තිදෙනෙක්ද සිටියෝ ය. ඉන් ප්‍රධානී වු තැනැත්තා පවසා සිටියේ තමන් ඇමැති කරුණාගේ නැගෙනහිර සමූහ සම්බන්ධීකරණ නිලධාරියා බවයි. අනෙක් සියළුම දෙනා ඇමැති කරුණා අම්මාන්ගේ ආධාරකරුවන් බවද පවසා තිබේ.

කෙසේ වෙතත් එස්ටීඑෆ් නිලධාරීන් පිරිස බස්සවා වෙන් කර වාහන දෙක පරීක‍ෂා කිරීමේදී එහි සඟවා තිබූ ටී-56 අවි 4 ක් අල්ලාගෙන තිබේ. මෙම අවි සඳහා නිකුත් කළ බලපත්‍රයක් තිබී නොමැති අතර අවි 4 සමග උන්ඩ පිරැවූ මැගසින් 4 ක්ද හමුවී තිබේ.

මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ


ශ්‍රී ලංකාවේ චීන තානාපති යැන්ග් ක්ෂුයිං මහත්මිය සිය සේවාකාලය නිමවී පිටත්වයාමට පෙර පසුගියදා අගමැතිතුමා හමුවීමට පැමිණියා.

මේ හමුව සඳහා අග්‍රාමාත්‍ය නිල නිවාසයවූ විසුම්පායේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණ අතර රාත්‍රී බෝජන සංග්‍රහයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර පැවති දීර්ග ඇසුර පිළිබඳව සමීප කතාබහක් පැවතුනා. ඒ අතරේදී අගමැතිතුමා,

"අපි ආයේ මේ විදිහට මුණගැහෙයිද මන්දා. මොකද මට පැන්ෂන් යන්න කාලෙත් හරි වගෙයිනේ. ඒ වුනාට මම බය නැත්තේ මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ" යනුවෙන් පවසා තිබෙනවා.

කටකතා ගැන ශලිනි තාරකා පවසයි


මම සංකේත්ට කැමතියි- ශලනි
මම ශලනිට ආදරෙයි- සංකේත්

"සිහින පියාපත්", ‍"මලී", සහ ‍"භාර්යාවෝ" යන ටෙලිනාට්‍යවල රඟපෑ ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

මේ පිළිබඳව ඔවුන් දෙදෙනා පසුගියදා පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.


ශලනි ආදරය ගැන මොකද හිතන්නේ ?
සුන්දරයි, ඇත්තටම මම ආදරයට හරි කැමතියි

ජනප්‍රියතාවත් එක්ක මිනිස්සු කියන කතා ගැන මොකද හිතන්නේ ?

Share this article with your friends