Chitika Smowtion 468x60


Sunday, May 27, 2012

තමරා කුගනායගම්ට කළ දේ ඇමැති නිමල් සිරිපාලටත්


ජිනීවා රාජකාරියෙන් කැපේ: කේලමා අනුර ප්‍රියදර්ශන!

ජිනීවාහි ජගත් මානව හිමිකම් කොමිසමේ රාජකාරි සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී සහභාගී කරවා නොගැනීමට රාජපක්ෂ රෙජීමය තීන්දු කර ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. නිමල් සිරිපාල ඇමැතිවරයා මරා රෙජීමය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ නිසියාකාරව වැඩ කෙළේ නැතැයි යනුවෙන් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා විසින් මරා වෙත කේලාම් කීමේ ප්‍රතිඵලයක් ලෙස මරා විසින් ඉහත තීන්දුව ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.

මේ ආකාරයටම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වරිය ලෙස කටයුතු කළ තමරා කුගනායගම් මහත්මියද ඉන් ඉවත් කර කියුබාවේ තානාපතිනිය කර යැවුවේ ය.

පසුගිය කාලයේ සාම ක්‍රියාවලියේදී ද යුදමය ක්‍රියාවලියේදී ද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කටයුතු කර ඇති නීතිඥ නිමල් සිරිපාල ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රමාණික පළපුරුද්දක් ඇත්තෙක් වන අතර පසුගිය ජිනීවා සමුළුවේදී ජාතිවාදී අන්තවාදියෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හැසිරී නොමැත. එසේ හැසිරීමද රට තවත් අපකීර්තියට ලක්වන්නකි. මේ තත්ත්වයන් නොඉවසන මරා අනුර ප්‍රියදර්ශනගේ කේලාම් සියල්ල අනුමත කර තිබේ. අනෙක් අතට ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයන් සමග මරා තුල ඇත්තේ කැපිල්ලකි. මන්ද යත් රාජපක්ෂලා ඉදිරියට ගත යුතු බැවිනි. එම හේතුවද නිමල් සිරිපාල ඇමැතිවරයා ඉදිරි ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු වලින් ඉවත් කිරීමට ගත් තීරණයට බලපා තිබේ.

හමුදා ආරක්ෂක කපොළු මැද්දේ සුදුවෑන් රියකින් 23 හැවිරිදි තරුණියක් පැහැර ගනී


යාපනයේදී 23 හැවිරිදි තරුණියක් තම පියාත් සමග ගමන් කරමින් සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබේ. මෙය සිදුව ඇත්තේ අද උදෑසන 11.00 ට පමණ ය.

යාපනයේ නැගෙනහිර උරුම්බරායි ප්‍රදේශයේ පදිංචි කාරියක් වන සෙල්වරාජා අර්ජුනා අම්බිගා නම් 23 හැවිරිදි තරුණිය සිය පියා සමග මෝටර් සයිකලයකින් කොන්ඩාවිල් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සුදුවෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පියා තල්ලූකර දමා අම්බිගා නම් තරුණිය බලහත්කාරයෙන් සුදුවෑන් රථයට දමාගෙන පවනට බඳු වේගයෙන් පලාගොස් තිබේ.

පියා විසින් මේ පිළිබඳ කෝපායි පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර තරුණිය ගැන මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

වරායේ ලොක්කා ලක්‍ෂ ගණනින් වැටුප් වැඩි කරගෙන


වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා විසින් රුපියල් 158,170 ක් වූ තම මාසික වැටුප රුපියල් 227,280 දක්වා ඉහළ දමා ගෙන ඇත. මෙසේ වැටුප ඉහළ දමා ගෙන ඇත්තේ මෙම වසරේ අපේ‍්‍රල් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදිය. පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා වරාය අධිකාරියේ සභාපති ධූරයට අමතරව, හම්බන්තොට වරායේ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කරයි. ඒ සඳහා ඔහුට හිමිවන මාසික දීමනාව රුපියල් 110,000 කි.

මේ සතියේ රාජ්‍ය ණය කෝටි 2,000 පනී


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමෙන් සතිපතා ලබා ගන්නා රාජ්‍ය ණය ප‍්‍රමාණය මේ සතියේ රුපියල් කෝටි 2,000 දක්වා ඉහළ දමා ඇත. මෙයට පෙර සති පතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ලබා ගන්නා රාජ්‍ය ණය රුපියල් කෝටි 1,000 ක්ව තිබිණ.
එය කෙටි කලක් තුළ කෝටි 1,200 - කෝටි 1,500 දක්වා වැඩි වී මේ සතිය ආරම්භයේදී කෝටි 2,000 දක්වා ඉහළ දමා ඇත.

අලූත් වාහන 2,500 ක් නිකරුණේ ගාල් කරලා


රාජ්‍ය ආයතනවල ප‍්‍රයෝජනය සඳහා 2011 වසරේදී මිලදී ගත් වාහන 2,500 කට වැඩි ප‍්‍රමාණයක් කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන ගාල් කර තිබේ. 2011 අයවැයෙන් රාජ්‍ය ආයතනවල ඉන්ධන භාවිතය සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇත. මේ නිසා රාජ්‍ය ආයතනවල ක්‍ෂේත‍්‍ර රාජකාරී සඳහා මිලදී ගත් අදාළ වාහන තොගයෙන් 80% කටත් වඩා වැඩි ප‍්‍රමාණයක් භාවිතා කිරීමකින් තොරව ගාල් කර තිබේ.

මිලියන 60 ක වංචාවක් යට ගහලා


2010 වර්ශයේ පැවැති ‘ජෙම් ඇන්ඞ් ජුවලරි’ ප‍්‍රදර්ශනයේදී ඒ සඳහා වියදම් කර ඇති බව පෙන්වා වංචා කර ඇති මිලියන 60 ක මුදලක් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නොමැති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් සහකාර සැලසුම් කලමණාකාරිනී ඉවෝන් මල්ලිකාආරච්චි මහත්මිය විසින් ගිණුම් අංශය වෙත ලබා දී ඇතත්, ගිණුම් අංශය එවැනි වාර්තාවක් ලැබී නැති බව ප‍්‍රකාශ කර සිටී.

කෞතුකාගාරයට පැනපු හොරු සති 2න් අල්ලනවා...


කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම මහා සොරකම සිදු වූයේ පසුගිය මාර්තු මාසයේ දී.

එම සොරකම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති වරයා ඊයේ දිනයේ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ‘සියපත්විල‘ වැඩසටහනට සහභාගී වෙමින්.

ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නෑ - නෙහාරා

පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වූ නෙහාරා පීරිස්, ගොසිප් වෙබ් අඩවි පිළිබඳව අද සිළුමිණ පුවත්පත සමඟ පැවති සාකච්චාවකදී පවසා තිබෙනවා.

ඇය පවසා තිබෙන්නේ ඕපාදූප වෙබ් අඩවි බලන්න ඇයට වෙලාවක් නැති බවත්, වුවමනාවක්ද නැති බවත්ය.

නමුත් සත්‍ය වශයෙන්ම රයිගම් ටෙලි සම්මානය සඳහා ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහටයි. ඉන් අනතුරුව වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ උදාරි වර්ණකුලසුරිය වෙතටයි.

නමුත් නෙහාරා පිරිස් රයිගම් වෙළඳ නාම ප්‍රවර්ධකවරියක ලෙසින්ද කටයුතු කරන බැවින් ඇයට මෙම සම්මානය ලැබී ඇති බවයි අප වෙත දැනගන්නට ලැබුනේ.


ඔබ නැවතත් ජනප්‍රියම රූපවාහිනී නිළිය නේද?

Share this article with your friends