Chitika Smowtion 468x60


Monday, May 28, 2012

චම්පිකට අපූරු පැනයක් !


පැය දෙකක් ලයිට් නිවා දමා නිවසේ බලශක්ති ඇමැති විය හැකි යයි සිසුන් ගොනාට අන්දන චම්පිකට අපූරු පැනයක් !

විධිමත් ලෙස බලශක්ති සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් පාසල් ශිෂ්‍ය ප්‍රජාව යොමුකරවීම මගින් ශිෂ්‍යයන්ට නිවසේ බලශක්ති ඇමති බවට පත්විය හැකියැයි විදුලිබල සහ බල ශක්ති ඇමැති ජාතිවාදී චම්පික රණවක මහතා අද පැවසීය.

ඔහු මෙසේ කීවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය මත කලාප අධ්‍යාපන කාර්යාල ආශ්‍රයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත පාසල් බලශක්ති සංරක්ෂණ වැඩමුළු මාලාවක සමාරම්භක උළෙල අද කොළඹ විශාකා විද්‍යාලයේදී ආරම්භ කරමිනි. මේ සඳහා පාසල් 30 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1000 ක් සහභාගී වූහ.

හතලිස් දෙලක්ෂයක් වන සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාවම තම දායකත්වය ලබාදෙන්නේ නම් රටේ පවතින විසිහය ලක්ෂයක් ශීතකරණ, සවස 6.30 ත් රාත්‍රී 9.30 ත් අතර කාලයේ පැය 02 කට නිවා තැබීම මගින් මෙගාවොට් 215 ක විදුලි ධාරිතාවක් ඉතිරි කරගත හැකියැයිද, ශිෂ්‍යයන් වොට් 60 ක එක් විදුලි බුබුළක් ඒ කාලයේ නිවාදමන්නේ නම් මෙගා වොට් 175 ක ධාරිතාවක් නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ධාරිතාවක් මෙන්ම ඒ සඳහා වැයකරන මුදල්ද ඉතිරි කරගැනීමට හැකිවන බව චම්පික ඇමැති පැවසීය.

දුනේෂ් ගන්කන්දට එරෙහිව ක්‍රියාත්මක කළ නීතිය සුදර්මන් රදලියගොඩ ලඟ බලූ වුනේ ඇයි?

ව්‍යාපාරික පුද්ගලයෙකුට පහරදී නාසය සපා කෑමේ ගෝරියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද අද පෙරවරුවේ කොල්ලූපිටිය පොලිසිය වෙත භාර වී තිබේ. 

මන්ත්‍රීවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් භාර වී ඇත. පෙරේදා රාත්‍රියේකොළඹ සමාජ ශාලාවකදී පොරොන්දු ඉටු නොකළ 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට පහරදී නාසය සපා කෑ බවටද මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබිණ. පොලිසිය වෙත බාර වූ මන්ත්‍රීවරයා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

බෝට්ටුවකින් පිටරට යන්න සිටි 113 ක් අසුවෙලා

නීති විරෝධී ලෙස ඕස්ටේ්‍රලියාව හෝ විදේශීය රටකට බලා යැවීමට සැලසුම් කර සිටි පුද්ගලයින් 113 දෙනෙක් ගෝල්ෆේස් සහ මීගමුව ප්‍රදේශ වලදී, අත් අඩංගුවට ගෙන තිබේ. අද (28) පාන්දර කොළඹ වංචා විමර්ශන අංශය මගින් කරන ලද විශේෂ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඔස්ටේ්‍රලියාව බලා යැවීමට කටයුතු සංවිධානය කල ඒජන්තවරුන් හය දෙනෙක් ද අත් අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව ඔවුන් බෝට්ටුව තෙක් රැගෙන යමින් තිබූ ලොරියක් සහ ඩොල්පින් වර්ගයේ වෑන් රථ හතක් ද අත් අඩංගුවට ගෙන ඇත.

ටීඑන්ඒ සමුළුවට ආ බස් රථයකට ගහලා - සම්බන්ධන්ට හූ කියලා


පිල්ලෙයාන් මරාගේ උණ ඇඟට අරන්!

දෙමළ ජාතික සන්ධානයේ 14 වන සංවත්සරයට යාපනයේ සිට පැමිණි බස්රථයකට පිල්ලෙයාන්ගේ මැරයන් විසින් පහර දී ඇතැයි වාර්තා වේ. අද මඩකලපුවේ ඌරනි හිදී පැවැති මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබූ ශාලාවට පෙරේදා ගිනිතබා විනාශ කෙරිණ.

අද සමුළුවට සහභාගී වීමට යාපනයේ සිට පැමිණි බසයට මෝටර් සයිකල් වලින් පොලූ සහ ගල් රැගෙන පැමිණි මැරයන් විසින් පහර එල්ල කර තිබේ. මෙම මැර පිරිස නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන්ගේ මැරයන් බව දෙමළ සන්ධානය චෝදනා කරයි.

මේ අතර අද පැවැති සමුළුවේදී දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සමුළුව අමතද්දී කඩා වැදී ඇති පිරිසක් ඔහුගේ කතාවට බාධා පමුණුවා තිබේ. මෙම කණ්ඩායමද මෙහෙයවා ඇත්තේ පිල්ලෙයාන් විසින් බව චෝදනා කෙරෙති.

නර්මදාගේ විවාහයේ ජායාරූප එකතුව

ජනප්‍රිය නිරූපිකාවක හා රූපවාහිනී නිවේදිකාවක වන නර්මදාගේ විවාහය පසුගියදා සිදුවුණා. එම උත්සවයේ ජායාරූප එකතුවක් පහතින්




පී.බී. සහ ෆර්ඩිගේ ගැටුමෙන් අමාත්‍යාංශ කිහිපයක වැඩ ඇණහිටියි


මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සී.එම්. ෆර්ඩිනැන්ඩෝ මහත්වරුන් අතර පවතින දීර්ඝ කාලීන ගැටුම මේවනවිට උච්චස්ථානයකට පත්වීම නිසා අමාත්‍යාංශ කිහිපයකම පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් වාගේ ඇණහිට ඇති බව අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.


පසුගිය දා ජනාධිපතිවරයා හමුවී ඇති ආචාර්ය පී.බී. ජයසුන්දර අවධාරණයෙන් යුතුව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා එම තනතුරින් ඉවත් නොකරන්නේ නම් තමාට වහාම විශ‍්‍රාම ගැනීමට අවශ්‍ය බවයි. නමුත් මෙහිදී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි ගාමිණී සෙනරත් මහතා සහ ජනාධිපතිවරයාගේ අතිශය සමීප දෙමළ කෝටිපති ව්‍යාපාරිකයින් වන සුරේශ් සුබ‍්‍රමනියම් සහ මනිමුත්තු යන අය ඉදිරිපත් වී ඇත. මේ වනවිට ජනාධිපතිවරයා ෆර්ඩිනැන්ඩෝ මහතා සම්බන්ධයෙන් උභතෝකෝටිකයකට මැදි වී සිටී.

ජෙනරාල්වරයාගේ ගමන් බිමන් පිළිබඳව හමුදාව සහ දෙමළ තරුණයන් විමසිල්ලෙන්


පසුගියදා ජනාධිපති සමාව ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ගමන් බිමන් පිළිබඳව ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ නාඳුනන දෙමළ තරුණයන් ඒකාබද්ධව විමසිල්ලෙන් සිටින බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ බව අනාවරණය වන්නේ ඊයේ (27) පොලිසිය විසින් ජෙනරාල්ගේ නිවස අසලදී පරීක්ෂා කරන්නට යෙදුනු සැකසහිත ලෑන්ඞ්රෝවර් රථයක් හේතුකොට ගෙනය.

‘‘අහමඞ් ටී’’ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට !


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තේ අපනයන සමාගමක් වන ‘‘අහමඞ් ටී’’ සමාගම විසින් ආරම්භකිරීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක් පමණ වටිනා තේ ඇසුරුම් කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යන බව තේ නිෂ්පාදකයින්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.


Share this article with your friends