Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

අර්ථ සාධක අරමුදල වෙනුවෙන් දිවිපිදූ රොෂාන්


කටුනායක රොෂාන් කම්කරු පංතියේ ඉල්ලීම් උඩ කල සටනේ දී මියගිය විරුවා ලෙසටයි ඉතිහාස ගත වෙන්නේ. තම යුද්ධ ජය උඩ ලොකුවට බලය පෙන්නූ ආණ්ඩුවකට මාස කිහිපයක් ඇතුලත පංති සටන තුල දී පරාජය බාර ගන්න සිද්ධ වුනා. ඒ වුනේ රොෂාන් වගේ එඩිතරව සටන් කල නායකයින් සිටි නිසා.
ආණ්ඩුව බලය එක අහුරට අතට අරන් හිතූ මනාපේ කම්කරුවන් යට කරගෙන ක්‍රියා කලා. මේ තැන දී හැදුවේ කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් රජයට උවමනා විදියට ආයෝජනය කිරීමට බල තල හදා ගන්නටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුුදලත් දිගින් දිගට ම කියා සිටියේ මේ වගේ පරම්පරා ගණනාවක එකතු වුන මුදල් ගොඩ ගැහිල තියෙන විට ඇයි ඕගොල්ලෝ අපි ගාවට ඇවිත් සල්ලි ඉල්ල්නේ කියල යි. ඔවුන්ට උවමනා වුනේ කොහොම හරි මේ එකතු වුන මහා ප්‍රාග්ධනය තමන්ගේ සංවර්ධන වැඩ පිළිවෙලට උචිත හැටියට යොදැ ගැනීමට යි.
මේක දැනගත්ත ගමන් සර්පයෝ වගේ සේවකයන් නැගී හිටිය. ආණ්ඩුව හිතාගෙන හිටියේ ජාතිවාදී යුදවාදී මානසිකත්වය උඩ ඕනම දෙයක් කරල බේරිලා ඉන්න පුළුවන් කියලයි. දැන් උන්නැහේට තරමකට හෝ තේරිලා ඇති ගමන සුබ නෑ කියල. මේ බව එළිදරව් වුනේ රොෂාන් වගේ එඩිතර කම්කරු සටන්කාමීන් හිටිය නිසයි.

කුඩා තේවතු හිමියන් විනාශ කරන ගමනක් ආණ්ඩුව යන්නේ


අද වන විට කුඩා තේවතු හිමියන් බරපතල ගැට`ඵ ගණනාවකට මුහුණපාමින් සිටිනවා. අපේ රටේ ජාතික තේ නිශ්පාධනයෙන් 76% සිදුවන්නේ කුඩා තේවතුවලිනි. මාතර, දෙනියාය, ගාල්ල, රත්නපුරේ, ආදී ප්‍රදේශවල මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතිනවා.
කුඩා තේවතු ජීවනෝපාය කර ගනිමින් පවුල් ලක්ෂ 5 (30%ක්) ආසන්න ප්‍රමාණයක් ජීවත්වන අතර තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ සපයනවා. රටේ ජනගහනයෙන් සැපකිය යුතු පිරිසක් ජීවත්වන්නේ මෙම ආදායමෙන්. රටට මිලියන ගණනින් ආදායම් උපයා දෙනවා. අපි අරගල කරල රුපියල් 5000ට තිබුන පොහොර මිටිය 1000ක් කර ගත්තා. ඒකට මහින්ද චින්තනය කියල ලේබල් ගහල එවනව. ඒව බාල පොහොර. ඒව වගාවට දැම්මම ගස් මැරෙනව.
අපේ තේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න කියල අපෙන් සෙස් මුදලක් අය කරනව. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දේශීය ආදායම් මාර්ග උහුරුවමින් ඉන්නව. කර්මාන්තයක් වෙනුවෙන් 90%ක් දේශීයවම අමුද්‍රව්‍ය හොයා ගන්න එකම කර්මාන්තය තේ කර්මාන්තයයි. ඇඟළුම් කම්හලක් ගත්තත් ඒකෙ ඉඳිකට්ටෙ නූලෙ ඉඳල සිය`ඵම දේ ගේන්නෙ පිටරටින්. අපේ තියෙන්නෙ ශ්‍රමය විතරයි. තේ කර්මාන්තයේදී ඒක එහෙම නැහැ. තේ වවන මහ පොළොවෙ ඉඳල සියල්ල අපේ. අපේ නිශ්පාදන, අපේ අමුද්‍රව්‍ය. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබුනත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කුඩා තේවතු හිමියා විනාශකරමින් යන ගමනක් තමයි යමින් ඉන්නෙ. දැනට අපි ප්‍රධාන වශයෙන් හඳුන ගත්ත කරුණු 4ක් තියෙනව

‘දි අයිලන්ඞ්’ පුවත්පතට ගෝඨාගෙන් බලපෑම්


‘දි අයිලන්ඞ්’ පුවත්පත සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වාර්තා පළ කිරීමේදී ඔහුගේ නම ඉදිරියෙන් ‘ජෙනරාල්’ සරත් ෆොන්සේකා ලෙස සඳහන් කිරීමෙන් වලකින ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය එම පුවත්පතේ කර්තෘ ප‍්‍රභාත් සහබන්දු මහතාට කිහිප වරක්ම දැනුම් දී ඇතත්, ඔහු ඒ පිළිබඳව කිසිදු ලෙසකින් මායිම් නොකිරීමත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලවත් කෝපයට හේතු වී ඇතැයි අප වෙත වාර්තා වේ.
ආරක්‍ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් එම පුවත්පත ප‍්‍රකාශයට පත් කරනු ලබන උපාලි පුවත්පත් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාටද දැනුම් දී ඇතත් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැතැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

ජෙනරාල් සුදු කොඩි නඩුවේ දඩ මුදල ගෙවයි: තීන්දුව පිළිගැනීමක් ද?

ජනාධිපති කොන්දේසි මත නිදහස් කෙරුණු හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුවෙන් නියම වු රුපියල් 5000 ක දඩ මුදල අද කොළඹ මහාධිකරණය වෙත ගෙවා තිබේ. අදාල නඩුවෙන් වරදකරු කෙරුණු ෆොන්සේකා මහතාට වසර 03 ක සිර ද~ුවමක් සහ රුපියල් 5000 ක දඩයක් නියම වී තිබිණ. එම ද~ුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බැවින් එකළ එම දඩ මුදල ගෙවා තිබුනේ නැත.

සමාව දීමේ කොන්දේසි අනුව සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් අභියාචනය ඉල්ලා අස්කර ගැණින. ඒ අනුව අද ෆොන්සේකා මහතා අදාල දඩ මුදල කොළඹ මහාධිකරණයට ගෙවීය. ජනාධිපතිගේ සමාව දුන් ක්‍රමය වී තිබුනේ ඉදිරිකාලයේ සිර ද~ුවම් ඉවත් කිරීම පමණි.

මාධ්‍ය මර්දනයට හමුදාව සම්බන්ධ කෙළේ ජනාධිපති


ජෙනරාල් ෆොන්සේකා බීබීසියට කියයි !

ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බීබීසී ය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. එම බීබීසී වාර්තාව මෙසේය.

බීබීසී සංදේශය සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා ඒ බව ප්‍රකාශ කළේ කීත් නොයාර් සහ නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරවලට යුද හමුදාව සම්බන්ධ බවට එල්ලවූ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

'ඔය කොළඹ ප්‍රදේශයේ වෙච්ච පොඩි පොඩි වටිනාකමක් නැති නීති විරෝධී වැඩවලට අපට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ,' ඔහු සඳහන් කළේය.

කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඔහුට දරුණු අන්දමින් පහරදී අත්හැර දමා ගොස් තිබුණු අතර, කොළඹ පිහිටි බි්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙකුගේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී නාමල් පෙරේරා පැහැරගැනීමට දැරුණු උත්සාහයක් ව්‍යවර්ථ කෙරුණු නමුත්, එහිදී පහරකෑමට ලක්වුනු ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමට සිදුවිය.

චැනල්4 චෝදනා
--------------------

බල්ලන් වෙනුවෙන් ඔටාරා රඟපෑමට


ඔඩෙල් සමූහ ව්‍යාපාර‍යේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඔටාරා ගුණවර්ධන විසින් චිත්‍රපට රංගනයට පිවිස ඇත.මෝස්‌තර නිරුපන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරන ඇය මෙම චිත්‍රපටය සඳහා ආරාධනය පිළිගෙන ඇත්තේ එය සතුන් පිළිබඳව සිදුකරන ලද චිත්‍රපටයක් වීම හේතුවෙනි.

ඇය විසින් embark නිෂ්පාදන වෙළද පොළට හදුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේද අනාථ වූ සුනඛයන්ට පිහිට වීමයි.

ඔටාරා ගුණවර්ධන රංගනයට පිවිසෙන්නේ නිශාන්ත ප්‍රදීප් කරුණාරත්න නිෂ්පාදනය කරන හීරෝ නීරෝ චිත්‍රපටිය තුළිනි. එහි සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ. දූලීකා මාරපන යන නළු නිළියෝ රංගනයෙන් දායකත්වය ලබා දෙති.


එම චිත්‍රපටය තිරගත වීමට නියමිත වන්නේ ලබන වසරේදීය.ඇය චිත්‍රපටය රුගත කර අවස්ථාවේදී ලබාගත් ජායාරූප එකතුවක් පහතින් බලන්න 

අතුල හා අමායා පවුලේ තුන්වෙනියා වෙනුවෙන් සැරසෙයි



අතුල අධිකාරි සමිතා මුදුන්කොටුව සමග පවතී විවාහය අවසන් වීම හේතුවෙන් නිරුපන ශිල්පිනියක වූ අමායා සමග විවාහ වූ බව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශකොට තිබුණි.

කෙසේ නමුත් මෙම විවාහය වසර දෙකක පමණ රහසක්ව පැවතිනි.ඒ අතර ඔවුන් මාධ්‍යයට පවසා තිබුනේ ඔවුන්ගේ පවුලට තුන්වන්නෙක්ද එකතුවීමට සුදානම් බවයි.

පහතින් දැක්වෙන්නේ අප වෙත ලැබුණු අතුල - අමායා කැදැල්ලේ ජායාරුප එකතුවකි.

පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට IOC අවසර ඉල්ලයි


පෙට්‍රල් 10 කින් ඩිසල් 13 කින් වැඩිකරන්න ඉල්ලයි 

පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට ලංකා IOC අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කිනුත් ඩිසල් ලීටරයක් රුපියල් 13 කිනුත් ඉහල දැමීමට ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් එම සමාගම ඉල්ලුම්කොට ඇත.

ලෝක වෙළඳපොලේ මේවනවිට තෙල් මිල පහල වැටි ඇති අතර එම සහනය ජනතාවට ලබාදීම පිලිබඳ පැන නගූ ගැටළු වලට ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය පමණින් දේශිය වෙළඳපොලේ මිල ඉහළ දැමීමට රජය කිසිවිටක ක්‍රියාකර නොමැති මෙන්ම ලෝක වෙලදපොලේ යම් ප්‍රතිශතයකින් අඩු වු පමණින් මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැකි බවය.

Share this article with your friends