පසුගිය ජනාධිපතිවරණ සමයේදී පැනගිය යුද හමුදා සෙබළුන් 10 දෙනෙකු රඳවා තබාගෙන ඔවුන් රාජපාක්‍ෂික භාවයෙන් තොර කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට අධාර අනුබල දුන්නේ යැයි මහාධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින විශ‍්‍රාමික කපිතාන් සේනක ද සිල්වා මහතාට එම චෝදනාවන් පිළිගන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු බලපෑම් කර ඇතැයි වාර්තාවේ.
චෝදනා 41 ක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇත. එම නඩුව මේ වන විටත් මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර, ලබන 07 වන බ‍්‍රහස්පතින්දා යළි එය විභාගයට ගැනීමට නියමිතය. එම අවස්ථාවේදී වරද පිළිගන්නේ නම් සේනක ද සිල්වා මහතාගේ ව්‍යාපාරික කටයුතු සඳහා ආධාර උපකාර කිරීමටත්, විදේශ ගමන් බලපත‍්‍රය වහාම යළි ලබාදීමටත් ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරියා ඔහුට පොරොන්දු වී තිබේ.