Chitika Smowtion 468x60


Friday, June 8, 2012

ෆොන්සේකාගේ තීරණාත්මක නඩුව 21 සිට ඇසේ: ටිරාන් චූදිතයන් දෙදෙනා විරසක කරවයි?


ජනාධිපති සමාව ලබා සිරගෙදරින් එලියට පැමිණ සිටින සරත් ෆොන්සේකා මහතාට තව දුරටත් ඉතිරිව ඇති නඩු වලින් තීරණාත්මක නඩුවක් වන ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හමුදාවෙන් පළා ගිය සෙබළුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මේ මස 21 වැනිදා සිට දිගටම විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය. සෙබළුන් 10 දෙනෙකු රාජ්‍ය පාක්ෂික භාවයෙන් මුදා, වැටුප් හා නවාතැන් ලබාදී ලඟ තබාගැනීම යන චෝදනාව ඇතුළු චෝදනා 41 ක් යටතේ සරත් ෆොන්සේකාට සහ ජනාධිපතිවරණ සමයේ ඔහුගේ ලේකම්ව සිටි බි්‍රගේඩියර් සේනක සිල්වාට එරෙහිව මෙම නඩුව ගොනු කොට ඇත.

මෙම නඩුව 
ඊයේ (07) කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති සමාව ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා ප්‍රථම වරට අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. නමුත් ෆොන්සේකා මහතාගේ ලේකම්ව සිටි සේනක සිල්වා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු අසනීප බව අධිකරණයට දන්වා සිටියේ ය.

මෙම නඩුව මේ වන විට ටිරාන් අලස් විසින් දුෂ්කර තත්ත්වයකට පත් කර තිබේ. ඊට පසුබිම් කාරණා ගොඩ නැගෙමින් ඇත්තේ මෙලෙසය.

කී‍්‍රඩා ගුවන් විදුලියේ අයිතිය ජනාධිපති පුත‍්‍රයින්ට


මෙතෙක් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට කැබිනට් අනුමැතියකින් ලබාදී තිබූ කී‍්‍රඩා ගුවන් විදුලි විකාශන අයිතිය ජනාධිපති පුත‍්‍රයින්ට අයත් ‘කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්’ (CSN) ආයතනයට විකුණා දැමීමට කටයුතු සූදානම් කරමින් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය මැයි 22 වනදා කී‍්‍රඩා බලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ, අවුරුදු 03 ක් සඳහා රුපියල් මිලියන 125 කට කි‍්‍රකට් කී‍්‍රඩා විකාශන අයිතිය ක්‍ීභ ආයතනයට ලබා දුන් බවයි. රජයට පමණක් අයිතිව තිබූ කී‍්‍රඩා රූපවාහිනී විකාශන අයිතිය පෞද්ගලික අංශයටද ලබාදීම සඳහා ආණ්ඩුව අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙතෙහිම ඉදිරියටත් ගමන් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

හමුදාවට කන්න දුන්නු අයට පොලූ තියලා!


ආරක්‍ෂක හමුදාවන් සඳහා ආහාර සැපයීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 25,000 කට අධික මුදලක් මෙතෙක් ලැබී නැතැයි ආහාර සැපයුම්කරුවෝ පවසති. ආහාර සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේදී දින 15 කට වරක් අදාළ ගෙවීම් කරන බවට ලිඛිතව පොරොන්දු වී ඇතත්,
2010 වසරේ අවසන් කාර්තුවේ සිට අදාළ ගෙවීම් නියමිත පරිදි සිදු කර නොමැත.
යුද නාවික හා ගුවන් හමුදා කඳවුරු සඳහා ප‍්‍රධාන පෙළේ සැපයුම්කරුවන් 10 දෙනෙකු ලියාපදිංචිව ඇති අතර, ඔවුන් අතරේ තවත් සැපයුම්කරුවෝ 200 කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිටිති.

ජනාධිපතිගේ වාහන තොරතුරු අතුරුදහන්!


ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් පරිහරණය කරන වාහන සංචිතවල වටිනාකම 2011 මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට ඇතුළත් කර නොමැත. 2010 වසර දක්වා නිකුත් කළ එම වාර්ෂික වාර්තාවල ඊට අදාළ සියලූ විස්තරද ඇතුළත් කර තිබිණ.
2005 වසර අවසානයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විශ‍්‍රාම යන අවස්ථාවේදී ජනාධිපති ධූරය වෙනුවෙන් වෙන් කර තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්කෝටි නව ලක්‍ෂ දහදාහක් (30,910,000) වී තිබූ බව එම වාර්තාවේ සඳහන් විය.
එය 2010 වර්ෂය අවසන් වන විට රුපියල් දෙසිය හැටඑක්කෝටි විසිහතර ලක්‍ෂ තිස්පන්දාහක් (2,612,435,000) වී තිබිණ. එය 8451% වැඩිවීමකි.

කිලෝ මීටරයක් කෝටි අටයි


ආණ්ඩුව වාණිජ බැංකුවලින් ණය ලබාගෙන මහාමාර්ග ඉදිකිරීම් ආරම්භ කර ඇත. මේ වනවිට රජයට අයත් ලංකා බැංකුවෙන් කෝටි 210 ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. එමෙන්ම, පෞද්ගලික අංශයේ වාණිජ බැංකුවල කොමර්ෂල් බැංකුව හා ඞී.එෆ්.සී.සී. යන බැංකුවලින් මේ සඳහා රුපියල් කෝටි 198 ක ණයක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.
ලංකා බැංකුවෙන් ලබා ගන්නා ණය මුදල් යොදවා කැස්බෑව, කිඳෙල්පිටිය, බණ්ඩාරගම මාර්ගයේ කිලෝමීටර් 11.78 ක් ද, වස්කඩුව - බණ්ඩාරගම මාර්ගයේ කිලෝමීටර් 12.07 ක්ද සෑදීමට නියමිතය. මේ අනුව එක් කිලෝමීටරයක් ඉදි කිරීම වෙනුවෙන් රුපියල් අට කෝටි හැත්තෑ හය ලක්‍ෂ පනස්පන්දාහස් එකසිය විසිහයක් (87,685,126) වැය වේ.

පැය 48 ක් සැකකරුවෙකු රඳවාගැනීමට පොලිසියට ඉඩ දීම වධහිංසා වලට උඩගෙඩි දීමක්!


- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ ආණ්ඩුවට කියති
කිසියම් වරදක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු අධිකරණ නිලධාරියෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් තොරව පැය 48 ක කාලයක් දක්වා තම අත් අඩංගුවේ තබාගැනීමට පොලිසියට අවසර දීම අරමුණු කර ගනිමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව තම බරපතළ අවධානය යොමුවී ඇති බව ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පුරවැසියන්ගේ නිදහස කෙරෙහි බරපතළ ප්‍රතිවිපාක ඇතිකළ හැකි මෙම සංශෝධනය හකුළා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
මේ බව දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංවිධානයේ කැඳවුම්කරුවන් වන නීතිඥ ලාල් විජේනායක සහ නීතිඝ්න ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගිනි.

ඉන්ධන මිල වහා පහත හෙළනු!


ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල වාර්තා ගත ලෙස පහළ යන තත්වයක් තුළත් ලංකාවේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැත. පෙබරවාරි මස 12 වැනිදා ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 31කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35කින්ද ඉහළ දැමුවේය. එසේ මිල ඉහළ දැමීමට හේතුව ලෙස ආණ්ඩුව ඉදිරිපත් කළ හේතුව ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල ඉහළ යාමයි. එම වකවානුවේදී ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගිය මුත් ලංකාවේ ඉන්ධන මිල ඉහළ ගියේ ඊට වඩා වැඩි ප්‍රතිශතයකිනි. උදාහරණයක් ලෙස බොර තෙල් මිල 25%කින් ඉහළ ගිය තත්වයක් තුළ අප රටේ ඩීසල් මිල 37%කින් ඉහළ දමා තිබිණි. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමේ එකම හේතුව ලෝක වෙළඳපොළේ මිල උච්ඡාවචනය නොවන බවත් මේ පිටුපස පවතින්නේ ජනතාව මත අසීමිත ලෙස බදු බර පැටවීමේ ප්‍රතිපත්තිය බවත් පැහැදිලි විය.

පබෝධාගේ විවාහයට සුරාජ් මාපා හට ආරාධනා නොකළේ ඇයි ?


‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයේ පිරිමි පාර්ශවයටද ආරාධනා කර නෑ...

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීගේ විවාහයට ජනපි‍්‍රය නළු සුරාජ් මාපාට ආරාධනා නොලැබීම ගැන මේ දිනවල ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී ඇතැයි වාර්තා වේ.

සුරාජ්, පබෝධා විවාහ කරගත් මෝටර් රථ කාර්මික ව්‍යාපාරයන්හි නියළෙන කොට්ටාවේ පදිංචි සිදත් චන්ද‍්‍රසිරි බණ්ඩාර නැමැති ව්‍යාපාරිකයාගේ කිට්ටු හිතවතෙක් බවද පැවසේ.

Share this article with your friends