ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් පරිහරණය කරන වාහන සංචිතවල වටිනාකම 2011 මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට ඇතුළත් කර නොමැත. 2010 වසර දක්වා නිකුත් කළ එම වාර්ෂික වාර්තාවල ඊට අදාළ සියලූ විස්තරද ඇතුළත් කර තිබිණ.
2005 වසර අවසානයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විශ‍්‍රාම යන අවස්ථාවේදී ජනාධිපති ධූරය වෙනුවෙන් වෙන් කර තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්කෝටි නව ලක්‍ෂ දහදාහක් (30,910,000) වී තිබූ බව එම වාර්තාවේ සඳහන් විය.
එය 2010 වර්ෂය අවසන් වන විට රුපියල් දෙසිය හැටඑක්කෝටි විසිහතර ලක්‍ෂ තිස්පන්දාහක් (2,612,435,000) වී තිබිණ. එය 8451% වැඩිවීමකි.