Chitika Smowtion 468x60


Monday, June 11, 2012

ගයේෂා පෙරේරා ආසියා පැසිපික් රූ රැජින තරගාවලියට


රංගන ශිල්පිනියක් මෙන්ම රු රැජිනක් වූ ගයේෂා පෙරේරා මෙවර කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

හුදෙක් රූ රැජින තරගාවලියකට පමනක් සීමා නොවී ගායන, රංගන, නිරූපන ආදී වූ ක්ෂේත්‍රයන ගණනාවක් මෙම තරඟය ඔස්සේ ඉදිරිපත් කිරීමට නියමිත වේ.


මෙම තරගාවලිය ජපානය සහ කොරියාව යන රටවල් ද්විත්වයෙහි සමදායකත්වය සහිතව පැවැත්වෙන අතර අවසාන වටයට සුදුසුකම් ලබන තරගකාරිනියන් 15 දෙනා ජපානයේ ටෝකියෝ බලා පිටත් වනු ඇත.



කොළඹ විශ්ව විද්‍යාලයේ ලිංගික අතවරයක්




කොළඹ විශ්ව විද්‍යාලයේ නව සිසුවියන් පිරිසකට ලිංගික අතවර කර ඇතැයි අප වෙත වාර්තා වේ.ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙය මෙහෙයවා ඇති අතර එම සිදුවීමට ලක්වූ සිසුවියන් පිරිස නිර්නාමිකව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට 
පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.

එම පැමිණිල්ලට අනුව ජේෂ්ඨ ශිෂ්‍යන් පිරිසක් විසින් සිසුවියන් පිරිසකට විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති ශාලාවකට ඇතුලත් වන ලෙස අණ කොට ඇත.එම ශාලාව අදුරු සහගත එකක වන අතර ඉන් අනතුරුව ජේෂ්ඨ සිසුවන් විසින් ඔවුන්ට බිම දිගා වි සිටින ලෙස අණ කර ඇත.


කටුගේ හොරා කොටුවේ!


කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරාවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත මීට පෙර අප වාර්තා කලා. එම සොරකම සිදු වුයේ මාර්තු මාසයේ වන අතර තවමත් එම පුරාවස්තු සොයාගැනීමට හැකි වුයේ නැහැ.

මාධ්‍යය වාර්තා කරන පරිදි මේ වනවිට පුරාවස්තු මංකොල්ලය සිදු කල පුද්ගලයා සොයා ගෙන ඇති බවත් ඔහු සතුව කෞතුකාගාරයෙන් අතුරුදන්වූ භාණ්ඩ රැසක් පතින බවත්ය. මේ පුවත නම් ගම සහිතව ප්‍රසිද්ධ නොකරන්නේ එවිට එම පුද්ගලයා රටින් පන යාමට උත්සාහ කරන නිසා බව රිවිර පුවත් පත අවධාරණය කර සිටි.

සරත් ෆොන්සේකා ජීවිත කතාව ලියයි

හිටපු හමුදපති සරත් ෆොන්සේකා මහතා තම ජීවිත කතාව පොතක් ලෙස එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

මේ අනුව තම කුඩා කාලය, වසර 40ක හමුදා දිවිය හා එහි අත්දැකීම් එක පොතක් ලෙසද, හමුදාපති තනතුරින් සමුගැනීමෙන් පසු වසර ගණනක් සිරගතව ගෙවූ අත්දැකීම් ඇතුළු සිදුවීම් තවත් පොතක් මඟින්ද ලෙසින්ද එළිදැක්වීමටයි නියමිතව තිබෙන්නේ.

මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය ලබාගැනීම සඳහ විපක්ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එන්නට කෙටුම්පත් කර තිබු යෝජනාවට සරත් ෆොන්සේකා මහතාම විරුද්ධ විය.


එබැවිත් බොහෝ දෙනක් අතර කටකතාවක් පැතිරී ගියේ සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට සමබන්ධවීමට නියමිත බයි. ඒ පිළිබඳව ඔහු පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්

ඔබේ දේශපාලන අනාගතය සැලසුම් කර තිබෙනවාද?

Sunday, June 10, 2012

පබෝධා ගැන සිදත් කතා කරයි


ප්‍රවීන ටෙලි නාට්‍යය නිළියක වූ ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සන්දීපනී පසුගියදා ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.විවාහයෙන් පසුව පබෝධාගේ බිඳී ගිය පෙම (හිරු එෆ්.එම් හි DJ අරා) පිළිබඳවත් සුපර් සික්ස් චිත්‍රපටයේ රඟපෑම පිළිබඳවත් මෙසේ අදහස් දක්වා තිබුනා.

සිදත්ට පබෝධාව හම්බ උනේ කොහමද?
ටෙලි නාට්‍යයක රුගත කිරීමක් බලන්න ගිහින් මුලින්ම පබෝධව දැක්කේ.

දැක්ක ගමන් ආදරයක් ඇති උනාද?
අපෝ නෑ මුලින්ම ඇති උනේ හිතවත් කමක්.ඒ හිතවත්කම පබෝධා මගේ හොඳම යෙහෙළියත්, මම පබෝධාගේ හොදම යාලුවත් වෙන තරමට දුර දිග ගියා.

එතකොට ඒ යාලුකමද පෙමකට හැරවුණේ?

නරියා කුකුල් කොටුවේ ප්‍රතිසංස්කරණ බාර ගනී


නිදන් හෑරීම සඳහා තම එස්ටීඑෆ් භටයන් මහවිලච්චියට යවා අතටම හසුවූ ආරක්ෂක ලේකම් ගෝඨාභය විනාශයට පත්වෙමින් ඇති වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සඳහා යුද හමුදාවයොදවන්නේ යැයි අද පැවසීය.

ඔහු මෙසේ කීවේ මාතර වෙහෙරහේන විහාරස්ථානයේ අද පස්වරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

විනාශයට පත් වෙමින් තිඛෙන එවැනි වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කර රටේ උගත් භික්ෂුන් වහන්සේලා වෙත පවරන බවත්, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් යොදවා දැනටමත් ඇතැම් ස්ථානවල වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් සිටින බවද ගෝඨාභය පැවසීය.

බොහෝ නිදන් පවතින්නේ පුරාණ වෙහෙර විහාර ආශි්‍රිතව බවත් එවැනි නිදන් තිඛෙන ස්ථාන පුරාවිද්‍යා වසවර්තී එල්ලාවල මේධානන්ද විසින් ගෝඨාභයට ලැයිස්තු ගත කර සිතියම් සහිතව පෙන්වා දී ඇති බවත් මීට පෙර මාධ්‍ය විසින් හෙලි කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ඕනෑම හදිස්සියකට රතු හමුදාව එවන්න සූදානම්

චීනයෙන් පොරොන්දුවක්!

ශ්‍රී ලංකාවේ ඕනෑම හදිසි අවස්ථාවකදී චීන රතු හමුදාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව චීන ජාතික ආරක්ෂක ඇමැති ජෙනරාල් ලිසාන් ගුවාන්ග්ලි මහතා පොරොන්දු වී තිබේ. 

චීන ආරක්ෂක ඇමැතිවරයා මෙම පොරොන්දුව දී ඇත්තේ ඊයේ චීන රතු හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා වෙතය. ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා මේ වන විට චීනයේ සංචාරයක යෙදේ.

රංගේ සහ තෙවරප්පෙරුම හැලේ


ජනාධිපති සමාව මත සිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකා මහතාගේ කටයුතු සමග පසුපසින් ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝඩුවක් වූ රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරුන් දෙදෙනා යම් හිත් බිඳීමකට ලක්ව එම කණ්ඩායමෙන් වෙන් වී ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

මෙම හේතුව නිසා ඊයේ සරත් ෆොන්සේකා මහතා විසින් සංවිධානය කරන ලද ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ පැවැති සාදයටද මන්ත්‍රීවරුන් දෙදෙනා පැමිණියේ නැත. ඔවුන් වෙත ආරාධනාවක් ද කර තිබූ නමුත් ඔවුන් පැමිණ නැත්තේ ඇති වී ඇති විරසකය හේතුවෙනි. රංගේ බණ්ඩාර පවසා ඇත්තේ 'මේ ගොල්ලො වැඩක් කරන්න පුළුවන් අයගෙන් වැඩක් ගන්න දන්නේ නැතැයි' කියා ය.

ෆොන්සේකා සමග ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු තමා විසින් පලිගන්නා අයගේ ලැයිස්තුවක්ද සකස් කරමින් සිටි රංගේ බණ්ඩාර මහතා දැන් තැන තැන බැන වදිමින් යන බව ද 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

Share this article with your friends