Chitika Smowtion 468x60


Wednesday, June 13, 2012

ගෝඨා කැලණිය ඉල්ලයි. මර්වින් අනතුරක


ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට එකඟත්වය පළ කර ඇති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒ සඳහා තමාට කැලණිය ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධුරය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිඛෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. ප්‍රසිද්ධ දේශපාලනයට ඒම පසුගිය කාලය තුළ ප්‍රතික්ෂේප කර සිටි ගෝඨාභය මහතා, ජනාධිපතිවරයාගෙත්, ජනාධිපති ආර්යාවගෙත්, ජනාධිපති පුත්‍රයින් තිදෙනාගේ බලවත් ඉල්ලීම මත ඒ සඳහා එකඟත්වය පළ කර තිබේ.
එළෙඹෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, ඊට පෙර ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අප මීට දින කිපයකට පෙර දී වාර්තා කළෙමු.

ලන්ඩන් සංචාරය ගැන ජනපති කෝපයෙන්


පසුගියදා ලන්ඩන් සංචාරයේදී තමන්ට සිදු වූ අවමානය පිළිබඳව ජනාධිපතිවරයා බලවත් සේ කෝපයට පත්ව සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. එම සංචාරය පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවටද ජනාධිපතිවරයා සහභාගි නොවීය.
ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානී බන්දුල ජයසේකර මහතා දේශීය මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණද ජනාධිපතිවරයා එය මගහැරියේය.
තමාට ලන්ඩන් සංචාරය ගැන කීමට දෙයක් නොමැති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට අද උදැසන දැනුම් දී ඇති ජනාධිපතිවරයා, 'ඒක සංවිධානය කළ එවුන්ටම උත්තර දෙන්න කියන්න' යැයි දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා, එළිසබත් මහරැජිනගේ දියමන්ති ජුබිලියට නොයායුතුව තිබූ බව ඔහුට හිතවත් මාධ්‍ය ප්‍රධානී කීපදෙනෙකුම පසුගිය දා ප්‍රකාශ කර තිබේ. රාවය පුවත්පතේ වික්ටර් අයිවන් සහ ඉරිදා ලංකාදීප පුවත්පතේ කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා ඔවුන් අතුරින් ප්‍රධාන වේ.

ශෂින්ද්‍ර හැර සියලූ මහ ඇමතිවරුන් ඉවතට


කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්, ඌව පළාත් මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලූම පළාත් සභා මහ ඇමතිවරුන් වෙනස් කිරිමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.
2014 වසරේ අගදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින ජනාධිපතිවරයා, ඊට පෙර තමන්ට වඩාත් විශ්වාසවන්ත මහ ඇමතිවරු පිරිසක් පත් කර ගැනීමට බලාපොරොත්තුව සිටී. මේ අනුව දකුණු පළාත් මහඇමතිවරයා ලෙස සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පත් කර ගැනීමට ජනාධිපතිවරයා දැනටමත් තීරණය කර තිබේ.

නාරදට බයිසිකල් පොල්ලක්


ලෝක පරිසර දිනය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ නෙළුම් පොකුණ අසලදී විශේෂ පෑදී සවාරියක් පැවැත්වූ බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.එම පාපැදි සවාරියට සහභාගී වීම සඳහා ටෙලි නාට්‍ය නිලියන් නිවේදකයන් මෙන්ම දේශපාලකයන්ද පැමිණි සිටි අයුරු දැක ගැනීමට ලැබුනා.

කෙසේ නමුත් මෙම වැඩසටහනට ආරාධනා ලැබූ ජනප්‍රිය නිවේදක නාරද බක්මීවැව ට එහිදී පැදීමට පාපැදියක් නොලැබුන බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට පාපැදි සවාරිය ලැබුන දිනයේ සිට නාරද හෝමාගම සිටි ඔහුගේ මහගෙදරට ගිය නාරද පරණ පාපැදියක් සොයාගෙන පාපැදි සවාරිය සඳහා පුහුණුවීම් කර ඇති අතර එදින උදෑසනද ශක්තිජනක ආහාර ලබාගෙන පාපැදි සවාරියට පැමිණ ඇත.

කැබිලිත්ත දේවාලයේ හාස්කම් අඩුවේ!

දශක කිහිපයකට පෙරදී කුමණ වනොද්‍යානය තුළ සිටි ගොවිජනතාව කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට කුමණ ගම්මානයට තරමක් නුදුරින් පිහිට කුඹුක්කන්ඔය අසළ බකිණිගහක් තෝරා ගෙන තිබුණි.

තම ජිවිතයේ සෑම කටයුත්තකදීම මෙම බකිණිගහ අසලට පැමිණ කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සාමාන්‍ය සිරිත විය. ඕකන්‍ද දේවාලයට යාමට විශාල දුරක් පවතින නිසා තමන්ගේ පිහිට ආරක්‍ෂාවට කතරගම දෙවිදුන් මෙම බකිණිගහට වඩින බව එම ජනතාවගේ විශ්වාසයක්ව තිබිණි.

පසුකාලීනව මෙම ස්ථානයේ කුඩා දේවාලයක් තනා ඇත. මඩමෙතොට දේවාලය හෙවත් "කුඩාකැබිලිත්ත" දේවාලය ලෙස හදුන්වනු ලබන්නේ මෙම බකිණිගහ පිහිටා තිබූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. අද මෙම ස්ථානයේ පූජාවන් සදහා අක්කරපත්තුව, පොතුවිල්, වාලච්චේන ආදී දුර බැහැර ප‍්‍රදේශවලින් හින්දු බැතිමත්හු පැමිණෙති.



ඇමතිවරයා හා ජායාරූපය ගැන නයනා කුමාරි කතාකරයි

එක්තරා ටෙලි නාට්‍යය නිලියක් පසුගිය කාලයේ යම් කිසි නීති විරෝධී වෛද්‍ය කටයුත්තක් සඳහා ගිය බවත් ඇයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බවත් අප පසුගියදා එක් ලිපියකින් ගෙන ආවා.

තවත් ලිපියකින් කියවුනේ එම නිලිය ඉහත කටයුත්ත කරගත් බවත්ය. එම ලිපියේ වූ එක්තරා රජයේ ඇමතිවරයෙක් සමඟ 
ඇය සිටින ජායාරූපය පිළිබඳවත්, එම ඇමතිවරයා සමඟ තිබෙන සම්බන්ධය පිළිබඳවත් ඇය අද ලක්බිම පුවත් පතට පවසා තිබෙන්නේ මෙලෙසින් 

ඔබ සහ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සම්බන්ධකොට යම් පුවතක් පසුගිය දිනවල වබේ අඩවිවල පළ වී තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවය මොනවගේද?

අධිවේගී මාර්ගයේ කලබල කල හිමිනම


පසුගිය සිකුරාදා රාත්‍රියේ බ්‍රේක් ලයිට් නොමැතිව පැමිණි මෝටර් රථයක් පින්නදුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර පිවිසුම් මාර්ගයේ සිටි නිලධාරින් විසින් ඔවුන්ව වලක්වා ඇත.

නමුත් බලෙන්ම වාගේ පිවිසුම් මාර්ගයෙන් ඇතුලත්වී ඇති ඔවුන් අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාවට පැමිණි ඇත.

පින්නදුවෙන් කොට්ටාවට මෙම වාහනය ගැන දැනුවත් කර ඇති අතර අධිවේගී මාර්ගයේ කොට්ටාවේ පිටවීමේ මාර්ගයෙන් ඔවුන්ට පිටවීමට ඉඩ දී නොමැත්තේ පිවිසුම් මාර්ගයේදී ඔවුන්ගේ අණ නොතකා බ්රේක් ලයිට් නොමැතිව අනාරක්ෂිතව අධිවේගී මාර්ගයේ ගමන්කළ හේතුවෙනි.

සුමින්ද සිරිසේන දැඩිසත්කාර ඒකකයේ


ප‍‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කර ඇත.

රෝහල වෙත ඇතුලත් කෙරුණත් සුමින්ද සිරිසේන මහතාට වැළඳී ඇති රෝගය නිශ්චිත හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට තවමත් අපහසුවී තිබෙනවා.

Share this article with your friends